රිෂාඩ් බදුර්දීන්ගේ ඇස් ඉදිරිපිට Google Maps වලින් &#

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    රිෂාඩ් බදුර්දීන්ගේ ඇස් ඉදිරිපිට Google Maps වලින් &#

    දෙරණ 360 වැඩසටහනට සහභාගීවූ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විල්පත්තු වනාන්තර පද්ධතිය තුල ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එවැනි ජනාවාස කිසිවක් එහි ස්ථාපිත කර නොමැති බවය. විවිධ සාධක ඉදිරිපත්කරමින් එය ප්‍රතික්ෂේපකල ඇමතිවරයාගෙන් නිවේදකයා ඉල්ලා සිටියේ එම ප්‍රදේශයේ සාම්ප්‍රදායික ග්‍රාමයක් පැවතියේ නම් එහි ඡන්දහිමි නාම ලේඛන හෝ නිල ඔප්පුය. නමුත් එම ලේඛන සොයාගැනීමටද ඇමතිවරයාට නොහැකිවිය.

    ඉන් අනතුරුව Google Maps හරහා නිෂ්පාදන කණ්ඩායම විසින් වසර ගණනාවක් තිස්සේ විල්පත්තුවේ සිදුවන වන විනාශය සහ අනවසර ජනාවාසකරණය පෙන්වා දුන් අතර එය බොරු බව කියන්නට ඇමතිවරයා විවිධ කරුණුද ගෙනහැරපාන ලදි. එම වීඩියෝව පහතින්
    http://struggle.lk/archives/355
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    කපටි හැතිකරේ! ඕකුන් එක්ක වාද කර කර ඉඳලා පලක් නෑ... කොනක ඉදං කැති ගාන්න තියෙන්නේ...
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    ජාතිය සතු මහා සම්පතක්‌ ලෙස සලකනු ලබන විල්පත්තුව අභය භූමිය කපා විනාශ කොට එය කාන්තාරයක්‌ බවට පත් කිරීමේ ජාති ජාතීත් විපාක දෙන අකුසලයකට කරගසා ඇති මේ කියන ඇමැතිවරයා ඉන් නොනැවතී උතුරු නැගෙනහිර ඉලක්‌ක කර ගනිමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක්‌ මගින් අයථා ලෙස ධනය ඉපයීමේ අමතර ව්‍යාපෘතියක්‌ ද ක්‍රියාත්මක කර ඇත්තේය.
    gold1.jpg

    මුස්‌ලිම් වර්ගවාදය පැතිරීම තුළින් තම දේශපාලන ඉදිරි මග නිරවුල් කර ගැනීමේ කෑදර සිතුවිල්ල මේ කියන්නට යන ඇමැතිවරයාගේ සිහින අතර පවතින තවත් එක්‌ දේශපාලන ව්‍යාපෘතියක්‌ වී ඇත.

    විල්පත්තුව විනාශ කිරීමට අමතරව උතුරු නැගෙනහිර මහා පරිමාණ ඉඩම් කොල්ලය මගින් ආදායම් වාර්තා තබා ඇති ඇමැතිවරයාගේ සිත කලක්‌ ගත වන විට තේරුම්ගත් තවත් කරුණක්‌ වී ඇත්තේ ගස්‌කොලන් කපා විකිණීම වැනි අසීරු වෙහෙසකර ජාවාරම්වලට අමතර තවත් බොහෝ ජාවාරම් පවතින බවත් තමන් සතු ඇමැති ධුරය යොදා ගනිමින් තවදුරටත් එවැනි දැ සිදු කිරීමට ඉස්‌තරම් අවස්‌ථා ඕනෑතරම් ඇති බවත්ය.

    ලංකාව ජාත්‍යන්තර රන් ජාවාරමේ තිප්පොලක්‌ බවට පත් වී ඇති බව වටහා ගන්නා ඇමැති ඇස රත්තරන් වෙත යොමුවී ඇත්තේ ඉන් අනතුරුවය. එහෙත් ලැඡ්ජා නැතිකම ඇමැතිකමටත් වඩා ලොකුවට සලකනු ලබන මේ කියන ඇමැතිවරයා රත්තරන් ගනුදෙනුව ආරම්භ කර ඇත්තේ ජාවාරමක ස්‌වරූපයෙන්ය. මෙරට සිට ඉන්දියාවට නිත්‍යානුකූල නොවන අයුරින් රත්තරන් පිටකිරීම අරඹන ඇමැතිවරයා ඒ සඳහා තම විශ්වාසවන්ත සගයා ලෙස තෝරාගනු ලබන්නේ තමන්ගේම සොහොයුරෙක්‌ය.

    link