අයිසෙක් නිව්ටන් කිව්වා සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ඇත කියලා. ඒ කිව්වේ භෞතික වාදීව වුනත්, ඇත්තෙන්ම ඒ නියමය අපිට එදිනෙදා ජීවිතයේදී හෞතික වාදී නොවන ඕන තරම් තැන් වල දැක ගන්න පුළුවන්.
මේ කියන්න යන්නේ social media වල අලුත්ම සෙල්ලම ගැන. මේවා එකින් එක ගැන අපි සමාජ ජාල භාවිතා කරන්නන් ලෙස දැනුවත් විය යුතුයි. එවිට මෙම තාක්ෂණයෙන් රැවටෙන ගෙම්බෙක් නොවී ඒවායින් ප්‍රයෝජනයක් ගන්න මිනිහෙක් වෙන්න පුළුවන්.
දැන් රට පුරා සිදුවන වනසංහාරය ඇත්තක් කියලා අපි හැමෝම දන්නවා. ආදිවාසීන් නඩු කියනවා. තැන තැන ගියොත් රට පුරා බලා ගන්න පුළුවන් කැලෑ එළිවෙනවා. ඒක සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරණය වෙන එක ටික ටික වැඩි වෙන කොට එතන රැල්ලක් හැදෙනවා. දැන් රටේ මාතෘකාව බවට ඒක පත්වෙලා තියෙනවා. ඉතිං ආණ්ඩුවට එන ඒ ප්රතිවිරෝධය මැඩ ගන්න ඔවුන් ප්‍රතික්‍රියා කරනවා. ඒවට social media team ඉන්නවා campaign කරන.
පසු ගිය දවසක දේවානිට ජේවීපී කියලා ලේබල් එක ගහන්න කරපු වැඩක් අතේ මාට්ටු වෙලා මම එයට ප්‍රචාරණයක් දුන්නා ඔබට මතක ඇති. ඊට පස්සේ භාග්‍යාටත් ඒකම උනා. දැන් ජේවීපී වීම හරියට අර කොටි ලේබලේ ඇලෙව්වා වගේ වෙලා. "කොටි, NGO, විදෙශ් කුමන්ත්‍රණ, යූඇන්පී හා ජේවීපී" කියන්නේ මේ රටේ ප්‍රසිද්ධ ලේබල්. තව බළල් අතක්, සහරාන්ලා ආදී එවත් තියෙනවා.
මේ දැන් සිදු වන දෙය තමයි ජේවීපී ය නමින් විවිධ පේජ්, සහ profile හදා ගෙන ඒවාට ජේවීපී එකෙන් දාපු පෝස්ට් විදියට බොරු පෝස්ට් හදලා දාන එක. ඊට පස්සේ අතේ පත්තු වෙන බොරු කිව්ව විදියට ඒවෑ screenshot අරගෙන තම තමන්ගේ platform වල ප්‍රචාරණය කරනවා. එතකොට මිනිස්සුන්ට හිතෙනවා මුන් යකෝ ජේවීපී කාරයෝ අතේ පත්තු වෙන බොරු කියලා මිනිස්සු කුළප්පු කරනවා කියලා. අර සමාජ මාධ්‍ය ජාල වලින් ගොඩ නැගුනු විරෝධය සමනය කර ගන්න ඒකට පුළුවන් . ඒවගේම ආණ්ඩුවට පක්ෂග්රාහී මිනිස්සුන්ට තම තමන්ගේ දේවල් ඔප්පු කරගන්න සාධක ලැබෙනවා. ඒවා දැකලා ඒ අයට යලි ආණ්ඩුවන්ගැන විශ්වාසයකුත් එනවා.
සමහරු මේකට අහු වෙනවා. මේ බොරු පෝස්ට් රැවටීමෙන් ආණ්ඩු විරෝධි අයෙකු share කලොත්, ඔහුගේ screenshot පවා අරගෙන බොරු ප්‍රචාරණය කලා කියලා අපහසුතාවට පත් කරනවා.
මේවා කෙරෙන්නේ සංවිධානාත්මක, social media campaign වලින්. වැටුප් ලබන, රැකියා ගත්ත, ලාබ ප්‍රයෝජන ලබන මිනිසුන් ආණ්ඩුව බේර ගන්න තමන්ගේ කොටස ඒ වෙනුවෙන් ඉටුකරනවා.
ඒක එහෙම තමයි. ඒකයි ගොඩක් මිනිස්සුන්ට ඕනේ වනය රැකෙන්න, රට රැකෙන්න නෙවෙයි, තමන් රැකෙන්න. බලයේ ඉන්න. ඒ අය හදන මතවාද කරේ තියා ගෙන සාමාන්‍ය මිනිස්සු ගොපල්ලා පස්සෙ යන බැටළුවෝ වගේ කැප වෙනවා. ඒ බොරුවට හදන මත වලම ගොදුරු වෙලා ඉන්න මකුළු දැලේ පැටලිච්චි මැස්සෝ ඒ. ඔවුන් නිදහස් කර ගැනීමට අපහසුයි.
ඉතිං , හොඳට බලන්න. මේ දාලා තියෙන්නේ ඊයේ අපි දාපු පෝස්ට් එකකට කරපු ප්‍රතික්‍රියාවක්. උද්ඝෝෂණයත් ජේවීපී ලේබල් එක ගහලා අඩාල කරන්න හදන්නේ. ඒ තමයි ප්‍රතිරෝධයේ තරම. අපේ ක්‍රියාවට ඔවුන්ගේ ප්‍රතික්‍රියාව.
නමුත් මේ අරගලය එහෙම අතාරින්න බලාපොරොත්තුවක් නෑ. ඔබට හිතට දැනෙන සත්‍ය වෙනුවෙන් ඔබට පෙනී ඉන්න පුළුවන්. මොකද මේ ඔබේම අනාගතය. ඔබේම සටන. අපි හැමෝම එකතු වෙනවා විතරයි. බුකියෙන් බිමට බහින්න ඕන ඔබට මේක තමයි අවස්ථාව.
අනික මේ රටේ බිහිවන ඕනෑම සිවිල් හඬක් ලේබල් එකක් ගහලා නිහඬ කරන්න පුළුවන් උනොත් ඒ රට ආයේ මේ සූරාකන්නන් ගෙන් මුදවා ගන්න ඔබට නොලැබේවි. අලුත් මිනිසුන්, අලුත් නායකයන් බිහි නොවේවි.
මේ Psy op වල ගොදුරු නොවී ඔබේ සටන ඔබ කරන්න. ඔබේ අරගලය ඔබ දිනන්න.
අරගලයට ජය.
පැතුම් කර්නර්
ඇත්ත post එක..

බොරු එක