@රි ජෙප්පො.. 🤬

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    අයිසෙක් නිව්ටන් කිව්වා සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ඇත කියලා. ඒ කිව්වේ භෞතික වාදීව වුනත්, ඇත්තෙන්ම ඒ නියමය අපිට එදිනෙදා ජීවිතයේදී හෞතික වාදී නොවන ඕන තරම් තැන් වල දැක ගන්න පුළුවන්.

    මේ කියන්න යන්නේ social media වල අලුත්ම සෙල්ලම ගැන. මේවා එකින් එක ගැන අපි සමාජ ජාල භාවිතා කරන්නන් ලෙස දැනුවත් විය යුතුයි. එවිට මෙම තාක්ෂණයෙන් රැවටෙන ගෙම්බෙක් නොවී ඒවායින් ප්‍රයෝජනයක් ගන්න මිනිහෙක් වෙන්න පුළුවන්.

    දැන් රට පුරා සිදුවන වනසංහාරය ඇත්තක් කියලා අපි හැමෝම දන්නවා. ආදිවාසීන් නඩු කියනවා. තැන තැන ගියොත් රට පුරා බලා ගන්න පුළුවන් කැලෑ එළිවෙනවා. ඒක සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරණය වෙන එක ටික ටික වැඩි වෙන කොට එතන රැල්ලක් හැදෙනවා. දැන් රටේ මාතෘකාව බවට ඒක පත්වෙලා තියෙනවා. ඉතිං ආණ්ඩුවට එන ඒ ප්‍රතිවිරෝධය මැඩ ගන්න ඔවුන් ප්‍රතික්‍රියා කරනවා. ඒවට social media team ඉන්නවා campaign කරන.

    පසු ගිය දවසක දේවානිට ජේවීපී කියලා ලේබල් එක ගහන්න කරපු වැඩක් අතේ මාට්ටු වෙලා මම එයට ප්‍රචාරණයක් දුන්නා ඔබට මතක ඇති. ඊට පස්සේ භාග්‍යාටත් ඒකම උනා. දැන් ජේවීපී වීම හරියට අර කොටි ලේබලේ ඇලෙව්වා වගේ වෙලා. "කොටි, NGO, විදෙශ් කුමන්ත්‍රණ, යූඇන්පී හා ජේවීපී" කියන්නේ මේ රටේ ප්‍රසිද්ධ ලේබල්. තව බළල් අතක්, සහරාන්ලා ආදී එවත් තියෙනවා.

    මේ දැන් සිදු වන දෙය තමයි ජේවීපී ය නමින් විවිධ පේජ්, සහ profile හදා ගෙන ඒවාට ජේවීපී එකෙන් දාපු පෝස්ට් විදියට බොරු පෝස්ට් හදලා දාන එක. ඊට පස්සේ අතේ පත්තු වෙන බොරු කිව්ව විදියට ඒවෑ screenshot අරගෙන තම තමන්ගේ platform වල ප්‍රචාරණය කරනවා. එතකොට මිනිස්සුන්ට හිතෙනවා මුන් යකෝ ජේවීපී කාරයෝ අතේ පත්තු වෙන බොරු කියලා මිනිස්සු කුළප්පු කරනවා කියලා. අර සමාජ මාධ්‍ය ජාල වලින් ගොඩ නැගුනු විරෝධය සමනය කර ගන්න ඒකට පුළුවන් . ඒවගේම ආණ්ඩුවට පක්ෂග්‍රාහී මිනිස්සුන්ට තම තමන්ගේ දේවල් ඔප්පු කරගන්න සාධක ලැබෙනවා. ඒවා දැකලා ඒ අයට යලි ආණ්ඩුවන්ගැන විශ්වාසයකුත් එනවා.

    සමහරු මේකට අහු වෙනවා. මේ බොරු පෝස්ට් රැවටීමෙන් ආණ්ඩු විරෝධි අයෙකු share කලොත්, ඔහුගේ screenshot පවා අරගෙන බොරු ප්‍රචාරණය කලා කියලා අපහසුතාවට පත් කරනවා.

    මේවා කෙරෙන්නේ සංවිධානාත්මක, social media campaign වලින්. වැටුප් ලබන, රැකියා ගත්ත, ලාබ ප්‍රයෝජන ලබන මිනිසුන් ආණ්ඩුව බේර ගන්න තමන්ගේ කොටස ඒ වෙනුවෙන් ඉටුකරනවා.

    ඒක එහෙම තමයි. ඒකයි ගොඩක් මිනිස්සුන්ට ඕනේ වනය රැකෙන්න, රට රැකෙන්න නෙවෙයි, තමන් රැකෙන්න. බලයේ ඉන්න. ඒ අය හදන මතවාද කරේ තියා ගෙන සාමාන්‍ය මිනිස්සු ගොපල්ලා පස්සෙ යන බැටළුවෝ වගේ කැප වෙනවා. ඒ බොරුවට හදන මත වලම ගොදුරු වෙලා ඉන්න මකුළු දැලේ පැටලිච්චි මැස්සෝ ඒ. ඔවුන් නිදහස් කර ගැනීමට අපහසුයි.

    ඉතිං , හොඳට බලන්න. මේ දාලා තියෙන්නේ ඊයේ අපි දාපු පෝස්ට් එකකට කරපු ප්‍රතික්‍රියාවක්. උද්ඝෝෂණයත් ජේවීපී ලේබල් එක ගහලා අඩාල කරන්න හදන්නේ. ඒ තමයි ප්‍රතිරෝධයේ තරම. අපේ ක්‍රියාවට ඔවුන්ගේ ප්‍රතික්‍රියාව.

    නමුත් මේ අරගලය එහෙම අතාරින්න බලාපොරොත්තුවක් නෑ. ඔබට හිතට දැනෙන සත්‍ය වෙනුවෙන් ඔබට පෙනී ඉන්න පුළුවන්. මොකද මේ ඔබේම අනාගතය. ඔබේම සටන. අපි හැමෝම එකතු වෙනවා විතරයි. බුකියෙන් බිමට බහින්න ඕන ඔබට මේක තමයි අවස්ථාව.

    අනික මේ රටේ බිහිවන ඕනෑම සිවිල් හඬක් ලේබල් එකක් ගහලා නිහඬ කරන්න පුළුවන් උනොත් ඒ රට ආයේ මේ සූරාකන්නන් ගෙන් මුදවා ගන්න ඔබට නොලැබේවි. අලුත් මිනිසුන්, අලුත් නායකයන් බිහි නොවේවි.

    මේ Psy op වල ගොදුරු නොවී ඔබේ සටන ඔබ කරන්න. ඔබේ අරගලය ඔබ දිනන්න.

    අරගලයට ජය.

    පැතුම් කර්නර්


    ඇත්ත post එක.. 👇🤪

    FB_IMG_1616193663037.jpg


    බොරු එක 👇 😜

    FB_IMG_1616193666985.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔව්, ඩබල් බ්ලෆ් කරන සීන් එකකුත් තියෙනව තමා.

    නාකි බූමර් ජෙප්පොත් හෙවිල්ලක් නැතුව බොරු ශෙයා නොකරනව නෙමේ. ඒත් ජෙපි ක්‍රවුඩ් එක ෆේක් නිව්ස් හදල රජයට මඩ ගහන්න හදනව කියන එක පෙන්නන්න හදන පෝස්ට් වලින් ඇක්ටිවිසම් චාටර් කරන ගේම් එකකුත් යන බව දකිනව බුකියෙ. සමහර ඒව කියවද්දිම තේරෙනව බොරුවක් බව තෙරෙන්නම ගොතපු බොරු කියල, මන් හිතන්නෑ ජෙප්පෙක්වත් එච්චර ලේසියෙන් අහුවෙන ෆේක් නිව්ස් හදයි කියල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්, ඩබල් බ්ලෆ් කරන සීන් එකකුත් තියෙනව තමා.

    නාකි බූමර් ජෙප්පොත් හෙවිල්ලක් නැතුව බොරු ශෙයා නොකරනව නෙමේ. ඒත් ජෙපි ක්‍රවුඩ් එක ෆේක් නිව්ස් හදල රජයට මඩ ගහන්න හදනව කියන එක පෙන්නන්න හදන පෝස්ට් වලින් ඇක්ටිවිසම් චාටර් කරන ගේම් එකකුත් යන බව දකිනව බුකියෙ. සමහර ඒව කියවද්දිම තේරෙනව බොරුවක් බව තෙරෙන්නම ගොතපු බොරු කියල, මන් හිතන්නෑ ජෙප්පෙක්වත් එච්චර ලේසියෙන් අහුවෙන ෆේක් නිව්ස් හදයි කියල.

    Jeppo innawa attatama uba kiwwa wage. Bayyo, toyyon gen wenas wenne patin and kade yana ekagen witarai. Hari warada hariyata pena ayath innawa. Bayyo, toyyo wage jeppo nan appiriyai. Me wage fake ewa hadana eka me dawaswala saratama yanawa.

    අැවන්ගාඩ් මුදලාලි ලක්ෂ ගණන් දීල FB pages අරගත්තෙ ඒව දිහා බල බල ඉන්න නෙමෙයි ඔය වගේ වැඩ කරන්න..:D

    Ow ban, uge army eka wikunana hora salli walin tamai mewa karanne. Lajja nathuwa prasiddiyema kiwwane paraya.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕක අමුතු දෙයක් නෙවෙයි. 2015,2019 බල පෙරලි වලට සෝෂල් මීඩියාවලින් ලොකු බැලපෑමක් කළා. JVP, SJB,UNP, SLPFA ඔය හැම ප්‍රධාන පක්ෂයක්ම සෝෂල් මීඩියා කැම්පේන් ලොකුවටම කරනවා. දැන් මිනිස්සු ගාවට මතවාදයක් අරන් යන්න සාර්ථකම ක්‍රමය සෝෂල් මීඩියා. ආණ්ඩු පාර්ෂවය තමන්ගේ අසමත් වීම් වහගන්න අනෙක් පක්ෂවලට විරුද්ධව කැම්පේන් කරන කොට අනෙක් පක්ෂ තමන්ගේ පොදු සතුරා වෙච්ච ආන්ඩුවට විරුද්ධව කැම්පේන් කරනවා. ඔය මොකා වුණත් වැඩ කරන්නේ තම්ගේ බලය රැක ගන්නයි. නැති බලය ලබා ගන්නයි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ජෙප්පො පච උනේ අනුර බ්‍රෝ 2015 ඇරපු තඩි නයි නිසා... අලුතෙන් පච වෙන්න දෙයක් නෑ ඉතිං
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Bump

    ජෙප්පො පච උනේ අනුර බ්‍රෝ 2015 ඇරපු තඩි නයි නිසා... අලුතෙන් පච වෙන්න දෙයක් නෑ ඉතිං
    මොනවද ඇරපු නයි?
    ------ Post added on Mar 20, 2021 at 9:44 AM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ජෙප්පො පච උනේ අනුර බ්‍රෝ 2015 ඇරපු තඩි නයි නිසා... අලුතෙන් පච වෙන්න දෙයක් නෑ ඉතිං

    ඵහෙනම් මහින්දත් පච වුනේ තඩි නයි අැරලා..ඒ කියන්නෙ මහින්දත් අළුතින් පච වෙන්න දෙයක් නැද්ද??:lol:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඵහෙනම් මහින්දත් පච වුනේ තඩි නයි අැරලා..ඒ කියන්නෙ මහින්දත් අළුතින් පච වෙන්න දෙයක් නැද්ද??
    මහින්ද කොහෙවත් බොරු කියල නැ, 2015පැරදුන එක වෙනම දෙයක්,ඒ පැරදුනෙත් අනුරයලගෙ බොරු නිසා, ලැම්බෝගිනි ඩොලර් බිලියන් 18 රත්තරන් ටොන් 350 , ඔව කියල පැරදුනේ නැත්තන් තමයි පුදුම වෙන්ඩ ඕනෙ..
     
    • Haha
    Reactions: 2osama

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Bump


    මොනවද ඇරපු නයි?
    ------ Post added on Mar 20, 2021 at 9:44 AM

    ලැම්බෝගිනි
    රත්තරං අශ්වයො
    වරායෙ තඩි කලු ගල
    පෝට් සිටිය හැදුවොත් කලුගල් ඉවර වෙනව

    ඵහෙනම් මහින්දත් පච වුනේ තඩි නයි අැරලා..ඒ කියන්නෙ මහින්දත් අළුතින් පච වෙන්න දෙයක් නැද්ද??:lol:



    මහින්ද නං යුද්දෙවත් දින්නනෙ බ්‍රෝ...
    අනුර බ්‍රෝ තඩි නයි ඇරල කොහේවත් හිටපු සිරිසේනයි, ඇඩ්‍රස් නැතුව හිටපු රනිල්වයි බලයට ගෙනාපු එක ඇර රටට මොනාද කරල තියෙන්නෙ?
    ජවිපෙ ගැන තිබුන පොඩි හෝ විශ්වාසය / ගරුත්වය කඩ උනේ අනුර බ්‍රෝ ආවට පස්සෙ
    ------ Post added on Mar 20, 2021 at 9:52 AM
     
    • Like
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    . අලුත් මිනිසුන්, අලුත්

    ඇත්ත post එක.. 👇🤪

    View attachment 117077

    බොරු එක 👇 😜

    View attachment 117078


    ඔයා උඩ තියෙන පින්තූර දෙක මාරු කරගෙන වැළලන්න හදන්නේ 🤣🤣

    ඒක වත් තේරුම් ගන්න මොළයක් නැහැ තැරි දාර ජෙප්පන්ට 🤣🤩🤩
     
    • Love
    Reactions: shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    avathe garade huttige puta koti ganan salli wiyadam karanawa fake fb posts, pages, accounts hadala share karanawata oka loku campaign ekak.
    thawa issarahata social media newi drugs, weapons, explosives wage darunu jokes enna ida thinawa
    koti dahas ganak horakam karapu un eva white money karanna nokarana deyak ne
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය කාගෙත් රෑගිල්ල තමා.. මේ ඒ කාලේ ජේ වී පී මෑදිහත්වීමක්. ඔක්කොම ධාතු සුනඛයෝ

     
    • Like
    Reactions: shenat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලැම්බෝගිනි
    රත්තරං අශ්වයො
    වරායෙ තඩි කලු ගල
    පෝට් සිටිය හැදුවොත් කලුගල් ඉවර වෙනව
    ලැම්බෝගිනි කතාව බොරුවක් නෙවෙයි ඇත්ත.රත්තරං අශ්වයො ගැන කොහෙවත් කියල නෑ.වරායෙ කලු ගලක් තියෙනවා අදටත්.ඒක ඉවත් නොකර ලොකු වියදමක් කරලා වරාය හදපු එකට තමා විරුද්ධ උනේ.කලුගල් ඉවර වෙනව කියල කොහෙවත් කියල නෑ.කලුගල් මෙච්චර ප්‍රමාණයක් යනවා,ඒත් හොයාගෙන තියෙන්නෙ ඊට අඩුවෙන් කියලයි කීවේ.බයි පේජ් වලින් ක්‍රොප් කරලා දාන තප්පර දහයෙ පහලොවෙ වීඩියෝ කෑලි වලිනුයි හිරු දෙරණේ නිව්ස් වලිනුයි ඇත්ත බොරුව හොයන්න යන්න එපා.ඕව ගැන කියපු කතාවක් සම්පූර්ණයෙන් අහල බලන්න.ඇත්තද බොරුද කියල තේරෙයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ලැම්බෝගිනි කතාව බොරුවක් නෙවෙයි ඇත්ත.රත්තරං අශ්වයො ගැන කොහෙවත් කියල නෑ.වරායෙ කලු ගලක් තියෙනවා අදටත්.ඒක ඉවත් නොකර ලොකු වියදමක් කරලා වරාය හදපු එකට තමා විරුද්ධ උනේ.කලුගල් ඉවර වෙනව කියල කොහෙවත් කියල නෑ.කලුගල් මෙච්චර ප්‍රමාණයක් යනවා,ඒත් හොයාගෙන තියෙන්නෙ ඊට අඩුවෙන් කියලයි කීවේ.බයි පේජ් වලින් ක්‍රොප් කරලා දාන තප්පර දහයෙ පහලොවෙ වීඩියෝ කෑලි වලිනුයි හිරු දෙරණේ නිව්ස් වලිනුයි ඇත්ත බොරුව හොයන්න යන්න එපා.ඕව ගැන කියපු කතාවක් සම්පූර්ණයෙන් අහල බලන්න.ඇත්තද බොරුද කියල තේරෙයි.
    :yes: