රුකුලේ පැද්දීම

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    The reaction from a mentally retarded oxygen thief. Pathetic.:shocked:
    Doesn't even have the guts to say who. Dimwit.
    attachment.php


    On second thoughts..
    I wonder whether he was upset about the link shortner. I used it because I couldn't type sinhalese in the link. If that's the case then sorry.
    If it was about the content in that link - I will standby with my original comment. Even then no excuses for being a low-life. Clearly shows the gutters where he originated.
    The link redirects to the original newspaper article and with no advertising material.
     

    Attachments

    • comment.jpg
      comment.jpg
      10.7 KB · Views: 369
    Last edited:
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට මතක හැටියට නම් රුකුලේ පද්දනවා කියන්නේ "කැලේ යනවා" කියන වැදී වහරටයි. මේ යෙදුමත් 'සකලයෝ අඹනවා' කියන යෙදුමත් (කුරුල්ලන් එලවනවා) සිංහල අච්චු පොතක (3/4/5 වගේ ශ්‍රේණියක) තිබුනා මතකයි. ඒක මායා රන්ජන් හෝ ඒ පී ගුණරත්න යන කතුවරුන්ගේ පොතකින් උපුටා ගත් පරිච්ඡේද කිහිපයක් ඇතුලත් වූ පාඩමක තිබුනා කියා තමයි මතක. එහි තිබුන යෙදුම ''හෙනං රුකුලේ පද්දන්න ඇහැක " වගේ යෙදුමක්. මම 3 ශ්‍රේණියේ හිටියේ 1969 උනත් ඔය යෙදුම් දෙක මොකක් හෝ හේතුවකට මගේ මතකයේ තියනවා.


    පුරාණ නුවර කලාවියේ ජනතාව ගොවිතැන් බතට අමතරව තවත් බොහෝ දෑ සපයා ගත්තේ ගමට යාබද කැලයෙනි. එකල ඔවුහු වනාන්තරය හා බැඳී සිටියහ. “මහකැලේ යාම” නමින් වාර්ෂිකව කෙරෙන චාරිත්‍රයක් බවට ද එය පත් විය. දිගාමඩුලු ජනවහරෙහි “රුකුලේ පද්දනවා” නමින් හැඳින්වෙන්නේ ද මෙයමයි.


    අවශ්‍යතා කිහිපයකටම මහකැලේ යාමට අදින් සියවස් බාගයකට පෙර ගැමියෝ පුරුදුව සිටියහ. අලපලාවේ යාම (අල වර්ග සෙවීමට), මී කැලේ යාම (මී පැණි සොයාගෙන යාම), ගොයිකැලේ යාම (තලගොයි දඩයමට යාම), මොර පාරේ යාම (වාර්ෂිකව මොර කැඩීමට ගමන් කිරීම) හා දඩයමේ යාම ආදී වශයෙනි. මෙම කැලෑ වැදීමේ ක්‍රියාවලිය ගැන පර් යේෂණයක් කළ වත්තෙවැවේ ධම්මානන්ද හිමියෝ අප සිත් තුළ කුතුහලය දනවනා කරුණු රාශියක් හෙළිදරව් කරති.


    “මම උපන්නේ අනුරාධපුරයේ කුංචට්ටු කෝරළේ වත්තේවැව කියන ගමේ. ගම වටේට තියෙන්නේ කැලෑව. අවුරුදු 10 වනවිට පැවිදි වුණත් පුංචි කාලේ මොර කඩන්න කැලේ ගිය හැටි තාමත් මතකයි. අපේ ඥාතීන් කුළු හරක් අල්ලන්න එහෙමත් කැලේට යනවා. නුවර කලාවියේ වාර්ෂික වන යාත්‍රාව ගැන ගවේෂණය කිරීමට මම උනන්දු කළේ වජිර දිසානායක විදුහල්පතිතුමායි. මහාචාර්ය විමල් විජේරත්න ඇදුරුතුමාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර සරසවිය සඳහා මෙම අධ්‍යයනය කළා. ඒ සඳහා රිටිගල අවට ගම්මාන සහ හොරොව්පතාන අවට වන ගම්මානවල ඇවිදලා කරුණු එක්රැස් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මහ කැලේ යාම පොත බිහිවුණේ” ධම්මානන්ද හිමියෝ තම මතක සටහන් අවදි කළේ මල්වාන මාතොටුවන විහාරයේ සිටයි.


    දඩයම දුප්පත් ජනතාවට ජීවිකාවක් සපයන වෘත්තියක් විය. වනාන්තර විනාශයත්, වනජීවී ආරක්ෂාව සඳහාත් අද වන සතුන් දඩයම් කිරීම තහනම්ය. එසේ වුවත් ඉඳහිට තවමත් හොර රහසේ වන සතුන් දඩයම වනාශ්‍රිත ගම්මානවල සිදුවේ. තලගොයා, මීමින්නා, හාවා, කබල්ලෑවා වැනි කුඩා සතුන්ගේ සිට තිත් මුවා, ගෝනා, වල් ඌරා වැනි වන සතුන් දක්වා දඩයම් පරාසය පැතිර පවතී.


    “අපේ දඩයම් යුගය කියලා යුගයක්ම තිබුණනේ. නමුත් යම් යම් දවස්වල වන සතුන් දඩයම තහනම් කරමින් රජවරු ආඥා නිකුත් කළා. ‘මාඝාත ආඥාව’ කියන්නේ ඒකටයි. ගම්වල දඩයමේ ගිය අය මා හමුවුණා. ඔවුන් සතු මතක ගබඩා තිබුණා. එදා දඩයමේ ගියත් ඒකට ආචාර විධි රාශියක්ම පිළිපැදීමට තිබුණා. අද නම් සතුන්ට වස දී මරණවා. මහා පරිමාණයෙන් දඩයම් කරනවා. එදා දඩයම් නොකළ යුතු සතුන් හා දඩයම් නොකළ යුතු අවස්ථා ගැනත් සැලකුවා” උන්වහන්සේ වැඩිදුරටත් කීවෝය.


    image_e83a49d3bc.jpg



    අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ සමයේ ගොවිතැන හා ගව පාලනය තරමට දඩයමද වැදගත් ජීවිකා වෘත්තියක් විය. පසු කාලවලදී අගනුවරට මස් සැපයීමේ මාර්ගය වැද්දන් විසින් ඉටු කර තිබේ.


    දඩයමේ යාමේ සිරිත්


    දඩයමේ යන්නේ කණ්ඩායමක් වශයෙනි. ඒ සඳහා සුදුසුම කාලය වශයෙන් සැලකෙන්නේ පොසොන් හා ඇසළ සමයයි. බක්මහට කිරි වරන සතුන් මේ සමයේදී තුරුණු වියට එළඹෙන අතර ගැබ්බර දෙනුන් හා පැටවුන් ද දක්නට නොලැබේ.


    දඩයමට සහභාගී වන්නේ දෙදෙනෙක් හෝ හතර දෙනෙකි. තුන්දෙනකු ගමන් කිරීම අසුබ ලකුණක් සේ සැලකේ. එසේ වූ අවස්ථාවල ඌරෙකු යැයි සිතා තුන්වැන්නාට වෙඩි වැදුණු බවට පිළිගැනීමක් ඇත. මුලින්ම උණහපුලුවකු හමුවුවහොත් වෙඩි තබන්නේ නැත. සෙනසුරාදාවක හෝ බදාදාවක නම් මුල්ම වෙඩිල්ල කුර සහිත සතෙකුටය. ඒ ගෝනකු හෝ මුවකු විය හැකිය.


    හැමෝටම දඩයමේ යාමට ඉඩ ලැබෙන්නේ නැත. ගැබ්බර කතුන්ගේ ස්වාමි පුරුෂයන් එලෙස දඩයමට තහංචි පිරිස අතර වෙති. ගම්භාර දෙවියන්ට බාරහාර වී එම බාර ඔප්පු නොකළ අය ද දඩයමට එක්කර නොගැනේ.


    රීරී පූජාව


    වනයට යාමට පෙර කණ්ඩායමේ නායක දඩයක්කරුවාගේ හෝ වෙනත් අයකුගේ ඇඟිලි තුඩකින් ලේ බිඳක් ගෙන බෝල්පනා කොළවල තවරා දෙවියන් වෙනුවෙන් පූජා කෙරේ. එය රීරී පූජාව වේ. දඩයමක් කරගත් පසුව සතාගේ හදවත කොටස් හතකට කපා කඩවර දෙවියන් වෙනුවෙන් පූජා කෙරේ. එහි අරමුණ වනයේදී වැඩි වැඩියෙන් රස්සාවත්, ආරක්ෂාවත් ලැබෙන සේ ප්‍රාර්ථනා කිරීමය. මංගර දෙවියන් ද මේ පූජාවේදී සිහිපත් කෙරේ.


    ඉලක්කයට තබන වෙඩිල්ල වැදුණු සතකු එක්වරම මැරී වැටෙන්නේ නැත. එම සතා පසුපසින් හඹා යා යුතුය. එවැනි සතකු ලේ සලකුණ දමමින් දිවගොස් සැඟවීම සිරිතයි. එම සතුන්ගේ පා සටහන් පෑගුණහොත් සතා සොයාගත නොහැකි වේ යැයි සැලකේ. වෙඩි කෑ සතා සොයා යාම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තේ ඌ සැඟවී සිට ප්‍රහාරයක් එල්ල කළ හැකි බැවිනි.


    දඩයක්කාර කණ්ඩායම ගමන් කරන්නේ එක පෙළට සැදී එකිනෙකා අතර බඹ කීපයක පරතරයක් ඇති පරිදිය. මෙසේ පෙරට ඇදෙන විට කෙටේරිය, පොරොව හෝ වෙනත් ලී කැබැල්ලකින් දෙපස ඇති ගස්වලට පහර දීම සිදුවේ. මෙසේ ගස්වලට පහර දෙන්නේ වලසුන් පලවා හැරීමට සහ දඩයමට යොදාගන්නා සතුන් කලබල කිරීමටයි. සතුන් කලබලයට පත්වූ විට දඩයම් කර ගැනීම පහසු බවට පිළිගැනීමක් ඇත.


    දඩයම් ක්‍රම


    කැලයේ සිඳී ගිය දිය කඩිති සමීපයේ රැක සිට දිය බීමට එන සතුන් දඩයම් කිරීමේ සිරිතක් ද පැවතුණි. මේ සඳහා රැක සිටින්නේ සතුන්ට මිනිස් ගඳ නොදැනෙන අට්ටාලයක් මතය. එය කොටු අත්ත නම් වේ. ‘කැට වළවල් රැකීම’ යනු දියකඩ සමීපයේ මිනිසකුට රැඳී සිටීමට ප්‍රමාණවත් වළක් හාරා එහි රැඳී සිටීමය. කැලෑ එලවීම නමින් යුත් දඩයම් ක්‍රමයක් ද අනුගමනය කෙරේ. එහිදී සිදු වන්නේ දඩයක්කරුවන් පෙළට සිට අතේ තිබෙන අවි හා මුගුරුවලින් දෙපස ඇති ගස්වලට ගසමින් ඉදිරියට යාමයි. මෙහිදී මුගුරුවලින් පහර දෙමින් සතුන් කලබල කර ඉදිරියට එලවන අතර තවත් පිරිසක් එසේ දුව එන සතුන් දඩයම් කර ගැනීමට සිටිති.


    “සතුන් දඩයම් කිරීමේදී අපේ පැරැන්නෝ තුළ ආචාර විධි සම්ප්‍රදායක් පැවතුණා. ඒක විනයකින් පෝෂණය වූ ආචාරශීලී පැවැත්මක් ද තහවුරු වූ වෘත්තියක් වුණා. වර්තමාන පාරිභෝගික සමාජය තුළ ගහකොළ, සතා සීපාවා, පරිසරය පිළිබඳ කටයුතුවලදී නොපෙනෙන සංරක්ෂණශීලී පැවැත්මක් ද එදා දඩයක්කරුවන් අතර දකින්න තිබුණා. ඒ වගේම දඩයම බෙදාහදා ගැනීමේදීත් ආචාරධර්ම තිබුණා. මේක අදැහැමි වැඩක් වුවත් පන්සලට පවා දඩයමෙන් කොටසක් වෙන් කළා. ධර්මතා බිඳින අවස්ථාවලදී දඬුවම් පවා ලැබුණා. හැබැයි ගව ඝාතනය ඒ කාලේ තිබුණෙම නෑ. ගැමියෙක් ගවයෙක් මරා කෑවොත් ඔහුට තහංචි වැටෙනවා.”


    “දඩයක්කරුවන් කිසිවිටෙකත් දිය බොමින් සිටි සතකු ඉලක්කයට නොගත් අතර එවැනි අවස්ථාවක දිය බී පිටත්ව යනතුරු වුවද සතුන් දඩයම් නොකිරීමට තරම් ඔවුන් ආචාරශීලීය. ගැබ්බර සතුන් මෙන්ම පැටව් පිරිවරා සිටින මව් දෙනුන් ද දඩයම් කළේ නැත.” (මහකැලේ යාම - 107 පිට)


    අතුපොළේ සිරිත්


    දඩයමක් කළ විට ඒ මස් බෙදීම සිදුවූයේ ද සම්ප්‍රදායික ක්‍රමයකටය. දඩයක්කරුවාගේ සහායකයාට දෙන්නේ පෙර ගාතයයි. සතකු මස් කරන අවස්ථාවට ගිය අනෙක් අයට මස් පොළෙන් කොටස බැගින් ලැබේ. සතා වෙඩි තබා මැරූ තුවක්කු හිමිකරුවකුට පස්සා ගාතය වෙන් කරේ. ගමේ ඥාතීන් හට ද කුඩා ප්‍රමාණය බැගින් ලබා දීම සිරිතකි. හේනෙ මාමාට වල්ගය පැත්තෙන් කොටසක් වෙන් කරන අතර එය ‘වාරම්කෝට්ටේ’ නම් වේ. පිටගම් වැසියකු දඩයමක් කළ විට ඒ ගමේ ගමරාළට ‘ගම් ගාතේ’ යැයි කොටසක් ලබා දිය යුතු විය.


    කලකට පෙර පැවති දඩයම් සිරිත් අද අභාවයට යමින් පවතී. වන සතුන් දඩයමට තීනි රීතිවලින් තහංචි වැටුණත් හොර රහසේ ඕනෑ තරම් දඩයම් කරති. ඒ අමානුෂික අන්දමටය. පසුගිය දිනෙක සෝමාවතී වනෝද්‍යානයේ වතුර වළවල්වලට වස යොදා සතුන් මැරීමට උත්සාහ කිරීමක් ගැන වනජීවී නිලධාරීහු අනාවරණය කර ගත්තෝය. පොළොන්නරුව අභය භූමියේ මුවන් ඝාතනයට වයර්වලින් මදු ඇටවීම ද නිතර වාර්තා වන සිද්ධියකි.


    https://www.deshaya.lk/article/43/features/8178/දඩයම්-සොයා-මහ-කැලේ-ගිය-හාමුදුරුවෝ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වැද්දන්ටත් මධුසමයක් තිබේ. ඒකට කියන්නේ රුකුලේ පද්දනවා කියාය. එසේම මල් කබලේ පැණි දෙන ගමන්පොජ්ජ කියාය. වැදි කැකුලියක් සහේට ගන්නා වැදි නාම්බා ඒකිත් කැටුව රංචුවෙන් වෙන්වී බැද්දේ වාසයට යයි. නෑයින් තබා නෑ යකුන්වත් උන්ට බාධා කරන්නේ නැත. අශීලාචාරයයි සම්මත සමාජයේ පවා මධුසමය යයි කියන්නේ බලාපොරොත්තු තබාගෙන නිදහසේ ඉන්නට ඉඩ දෙන කාලයටයි.

    https://www.aruna.lk/articles/CI3E0qFDHNBwLmMBObzw
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    රුකුලේ පැද්දීම

    "රුකුලේ පැද්දීම" කියන්නෙ අපේ පරණ සිංහල චාරිත්‍රයක්. දන්න අය දන්නවා ඇති. මේ සම්බන්ධ අත්දැකීම් අපේ පරම්පරාවේ අයට නම් නැතුව ඇති කියල හිතනවා. ඒත් ආච්චිලා සීයලගේ කාලේ මේ වවගේ සිද්ධි ගැන කතා දන්න අය ඉන්නව නම් ඒවා මෙතන දාන්න.

    :D




    රුකුලේ පැද්දීම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මේ ප්ලේ ලිස්ට් එකේ සමහර වීඩියෝ වල සිංහලුන්ගේ අතීත ලිංගික ක්‍රියාකාරකම් ගැන කතා කරනවා

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,885
    11,896
    113
    🌎
    මට මතක හැටියට නම් රුකුලේ පද්දනවා කියන්නේ "කැලේ යනවා" කියන වැදී වහරටයි. මේ යෙදුමත් 'සකලයෝ අඹනවා' කියන යෙදුමත් (කුරුල්ලන් එලවනවා) සිංහල අච්චු පොතක (3/4/5 වගේ ශ්‍රේණියක) තිබුනා මතකයි. ඒක මායා රන්ජන් හෝ ඒ පී ගුණරත්න යන කතුවරුන්ගේ පොතකින් උපුටා ගත් පරිච්ඡේද කිහිපයක් ඇතුලත් වූ පාඩමක තිබුනා කියා තමයි මතක. එහි තිබුන යෙදුම ''හෙනං රුකුලේ පද්දන්න ඇහැක " වගේ යෙදුමක්. මම 3 ශ්‍රේණියේ හිටියේ 1969 උනත් ඔය යෙදුම් දෙක මොකක් හෝ හේතුවකට මගේ මතකයේ තියනවා.
    3 ශ්‍රේණිය කියන්නේ අවුරුදු 8 යි.
    1969-8=1961

    1961 ඉපදිච්ච කෙනෙක්



    රුකුලේ පැද්දීම

    ------ Post added on Oct 19, 2025 at 7:58 PM