නොරොච්චෝලෙන් පමණක් රුපියල් කෝටි 1820 ක් චෞර මරා සාක්කුවට දා ගත් හැටි චන්ද්‍රිකා හෙළි කරයි (Audio)
රට යටත් කරගෙන සිටි මහින්ද රාජපක්ෂ නමැති නීලකාස චෞරයා විසින් නොරොච්චෝලේ බලාගාරයෙන් පමණක් රුපියල් කෝටි 1820 කට අධික මහා විශාල මුදලක් ගසා කෑ ආකාරය ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද හෙළිදරව් කළාය. ඇය මේ හෙලිදරව්ව කෙළේ දශකයකට අධික කාලයක් මුදල් ඇමැතිවරියක ලෙස කටයුතු කළ ඇය වත්මන් මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ආරාධනයෙන් අද මුදල් අමාත්‍යාංශයට පැමින එහි නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවකින් පසුව කැඳවා තිබූ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී ඇය හෙලිකළ නොරොච්චෝලේ දූෂණය මෙසේය.
නොරොච්චෝලේ බලගාරය ඉදි කිරීමට ඇයගේ අවසාන කාලයේදී චීනය සමග ගිවිසුම් අත්සන් කර තිබී ඇත. එ් ඇමරිකානු ඩොලර් මිලියන 280 කට ය. ඇය ජනාධිපතිධූරයෙන් ඉවත් වූ පසු මහින්ද රාජපක්ෂ විසින් එය යලිත් අලුතින් අත්සන් කර ඇති අතර එහි මිල වූයේ ඇ.ඩො මිලියන 510 කි. 510 ට අත්සන් කිරීමට පෙර චීන සමාගම විසින් චන්ද්‍රිකා මහත්මියට දන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් මුදලින් බාගයක් හෙවත් සියයට 50ක් කොමිස් ලෙස ඉල්ලූ බවයි. ඇය මෙම ගණන ඇදහිය නොහැකිව යලි විමසා ඇත්තේ ‘ෆිෆ්ටි ඕර් ෆිෆ්ටීන්‘ කියා ය. එවිට චීන පුද්ගලයා පිළිතුරු දී ඇත්තේ ‘ෆිෆ්ටි මැඩම්, ෆයි ඇන්ඩ් සීරෝ‘ කියා ය. ඒ අනුව පෙර අත්සන් කළ සැබෑ මිල වූ මිලියන 280 ට 140ක් වූ සියයට 50ත් එකතු කර ඉන්පසු චීනුන්ද ‘උඹලා ගහනවා නම් අපිත් ගහනවා‘ යන අදහසින් තවත් කොමිස් මුදලක් එකතු කර ඩොලර් මිලියන 510 ක් තරම් ඉහල මිලකට හැදු නොරොච්චෝලය 20 වතාවකට වඩා බිඳවැටී ඇති බවද ඇය කීවා ය. මේ සියළු ණය මේ ආණ්ඩුව පමණක් නොව ඉදිරියට එන ආණ්ඩු පවා ගෙවිය යුතුව ඇතැයිද හොරු මුදල් හොරකම් කරගෙන ගෙදර ගොස් දැන් අපිට බැන බැන ඇවිදින බවද ඇය පැවසුවාය. ඒ අනුව ඩොලර් මිලියන 140 ක් යනු අද රුපියල් වටිනාකම අනුව රුපියල් කෝටි 1820 ක් තරම් ඉහල ගණනකි. මේ එක ව්‍යාපෘතියකින් පමණක් මහින්ද රාජපක්ෂ ගසා කෑ ගණනය.
චන්ද්‍රිකා මහත්මියගේ සම්පූර්ණ හෙලිදරව්වට මෙතැන ක්ලික් කිරීමෙන් සවන් දිය හැකිය

Last edited: