රුපියල් පනහා ඇහින්දද ?

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මනුෂ්‍යත්වය ජීවමානයි . මේක ටිකක් පරණ කතාවක් වෙන්න ඇති. නමුත් සිත එක මොහොතකට නතර උනා සහෝලා. මිනිසෙකුට උපකාර කල හැක්කේ තවත් මිනිසෙකුට පමණයි.

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    249787626_400656278385658_4103664243655171611_n.jpg




    ඊයෙ නුවරඑලි යනකොට ගිනිගත්ගල හරියෙදි දැක්කා, කව්රුහරි ඒ ලයිට් කණුවෙ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්.

    ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනිවැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ ? මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.

    " මගෙ රු 50 /= ක් නැති වුණා. කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න. මට හරියට ඇස් පේන්නෑ. " මොනවද කරන්නෙ දැන්? මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා.
    හ්ම්! අර ඉන්නෙ...

    + අංකල්! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද?

    - ආ... මේ ආච්චි අම්මද ? පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා . මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ . හැබැයි එයාට ඇස් පේන්නෑ. මොකද්ද කාරණේ?

    + නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා .

    - හ්ම්...

    +ටැංක්යු අංකල්! හ්ම්... මේක වෙන්න ඇති තැන. ගරා වැටිච්ච පරණ ගෙයක් නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ.
    බව්..! බව්.. ! බව්..!

    "කව්ද ඔය ? එන්න ඇතුලට. බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ. ටොමියො කට වහපං . ගෙදරට එන අය ව බය කරන් නැතිව."

    (හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.)

    ඇති යාන්තම් බේරුණා ටොමියගෙන් . යමු ඇතුලට...

    ඇස් ඇතුලට එබිච්ච , දිරාපත් වූ මළ කඳකට වැරහැල්ලක් අන්දවා පරණ ඇඳක් උඩ වාඩි කෙරෙව්වා සේ දෑස් නොපෙනෙන ඒ ආච්චි අම්මා කාඩ්බෝඩ් කෑල්ලකින් හුළං ගහගෙන හිටියා.

    ආච්චි අම්මෙ !

    කව්ද පුතා ඔයා ?

    නෑ ආච්චි මම මේ පැත්තෙ ඇවිදන් යන කොට රු 50/= ක් බිම තිබිලා ඇහිඳ ගත්තා . ඒක ඔයාට දීල යන්න කියලයි ආවේ.

    (මගේ කතාව අහපු ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා.)

    පුතේ ! දවස් දෙකක් තිස්සෙ දහ පහළොස් දෙනෙක් විතර ඇවිත් මගේ රුපියල් 50 බිම වැටිල තිබිලා ඇහිඳ ගත්තා කියලා දීල යනවා. ඒ ලියුම මම ලිව්වෙ නෑ පුතේ. මම ලියන්න කියවන්න දන්නෑ පුතේ.

    (කියා ඇය නැවතත් කඳුළු සැලුවාය).

    කමක් නෑ ආච්චි මේක ඔයා තියාගන්න.

    එහෙම කියලා මම නැවත හැරිලා ආපහු මගෙ ගමන යන්න සූදානම් වන කොට ...

    පුතේ ! ඔයා යන කොට අර ලයිට් කණුවෙ එල්ලල තියන කඩදාසි කෑල්ල ඉරල යන්න පුතේ අමතක නොකර හොඳේ .

    හ්ම් !.. හොඳයි ආච්චි කියා මම එතැනින් සමු ගත්තා..

    මගේ හිතේ දහසකුත් දේ මැවෙන්න පටන් ගත්තා...කව්ද ඒ ලියුම ලියන්න ඇත්තෙ ? ඒ ලියුම ඉරල දමන්න කියලා ඇය ව බලන්න එන හැමෝටම කියනවා ඇති. නමුත් කවුරුත් ඒක ඉරා දමලා නෑ. කාත් කවුරුත් නැතිව අනාථ වෙලා ඉන්න මේ ආච්චිට කඩදාසි කෑල්ලකින් උපකාර කළ පුද්ගලයාට සිතින් ස්තුති වන්ත වෙමින් උදව් කිරීමට සිතක් තිබේනම් එය ඉටු කිරීමට දහසකුත් මග තිබෙනවා නොවේද යන්නෙන් කල්පනාවෙන් ඉදිරියට ඇදුනෙමි...

    " අය්යේ මේ ඇඩ්රස් එක කොහෙද තියෙන්නෙ ? "

    යන හඬින් මගේ සිතේ පෑයූ සියලු සිතුවිල්ලක් ම සුන් වී ගියේය.
    නෑ මේ බිම වැටිල තිබිල රුපියල් 50 ක් ඇහින්දා. මේක ඒ අම්මට දෙන්න ඕනෙ මට පොඩ්ඩක් පාර කියනවද එහෙට යන්න
    😥


    මනුස්සකම තවමත් ජීවමානයි!

    උපුටා ගැනීමකි ලිපයෙහි සම්පූර්ණ අයිතිය හා ගෞරවය මුල් ලියන්නාට හිමි විය යුතුය
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    එක් අඩ සියවසක කාලයාගේ ඇවෑමෙන් මසක වැටුප වූ රුපියල් පනහ මාළු පාං ගෙඩියට අනුලෝමව සමානුපාත විය. 😼