රුපියල් 10 කොලේ ඉවරයි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
රුපියල් 10 කාසි වැඩි පුර ලැබෙන්න හේතුව..

caf58c0e4f95e9ab568068a468840767_XL.jpg


ඉදිරියේදී රුපියල් 10 යේ වටිනාකමින් යුතු කාසි දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහාම සිය අනන්‍යතාවය වෙන් වෙන් වශයෙන් නිරූපන වන ආකාරයෙන් මෙම කාසි නිකුත් කෙරෙනු ඇති. කෙසේවෙතත් මෙම කාසි දිස්ත්‍රික් මට්ටමින් නිරූපනය වූවත් ඒවා එක් දිස්ත්‍රික්කයකට සීමා නොකෙරෙනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

10_back.jpg


2010 වසරේ සිට මේ දක්වා කිසිම රුපියල් 10 යේ වටිනාකමකින් යුත් නෝටුට්වක් මුද්‍රණය කර නොමැති අතර එහි ඇති විශ්වාසනීයත්වය ඉක්මණින් විනාශවීම හේතුවෙන් මෙම කාසි භාවිතය ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

උපුටා ගැනිම -asianmirror
 
Last edited: