රුපියල් 14,000 කට තමන්ගෙ බයිසිකලය ebike එකක් කරන්නෙ මෙහෙමයි.

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ගන්න අවශ්‍ය දේවල්.

    1. 775 මෝටර් දෙකක් - රු. 4500 යි. (scion electronics)
    2. Mount සහ screw සෙට් දෙකක් - රු. 800 යි. (same)
    3. 15A D4184 Dual MOSFET මොඩියුල් දෙකක් - රු. 1000 යි (aliexpress)
    4. 18650 බැටරි 10 ක් - රු. 4000 යි. (26F ලැප්ටොප් බැටරි)
    5. 5S 25A BMS එකක් - රු. 500 යි. (aliexpress)
    6. Esp8266 එකක් - රු. 700 යි. (aliexpress)
    7. 3/4" end cap දෙකයි, බට අඩියයි - රු. 500 යි. (හාඩ්වෙයාර්)
    8. 2x2" පොල්ලක්, nickel tab, solder සහ දවසේ මහන්සියට රුපියල් 2000 ක් විතර.

    DSC_0223.jpg

    අවශ්‍ය සේරම බඩු තාම ඇවිත් නෑ. ආවාම හදන හැටි දාන්නම්. Friction drive modular unit එකක් විදිහට වගේ හදන්න ඉන්නෙ.

    දැනට පේන විදිහට මෝටර් දෙකේම උපරිම power එක 400W විතර වගේ. බැටරි ටිකත් කිසිම අවුලක් නෑ continously 7A, max 10A අදින්න පුළුවන් 2000mAh විතර තියෙන්න. (26F Samsung) 2P දැම්මාම 20A ගන්න අවුලක් නැහැ. 3.7V x 5S x 20 A = කියන්නෙ පැක් එකෙන් 350W ට එහා ගන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් දාඩිය නොදා කිලෝමීටර් 20 ක් විතර යන්න ebike එකකට ඇති. 250W ත් තියෙනවානෙ. මේක හදන විදිහ නිසා තමන්ගෙ phone එකෙන් / smart watch එකකින් control කරන්න පුළුවන්.

    Edit : practical නෑ කියන අයට අදහසක් ගන්න වැඩ කරන හැටි දාන්නම්.

    DSC_0225.jpg

    මේකෙ වැදගත් කොටස හෙවත් friction drive එක මෙහෙමයි. ඔය උඩ රූපෙ විදිහට 2x2 පොල්ලක motor mount දෙක ගහනවා. මෝටර් දෙක එකිනෙකට මුහුණලා තියෙන විදිහට හයි කරනවා. දෙක සම්බන්ධ වෙලා රෝදෙට friction එක දෙන්නෙ මම කියපු 3/4" බටයෙන්. කැමති නම් friction වැඩි කරන්න රබර් sleeve එකක් වගේ දාන්න පුළුවන්. මට හිතෙන විදිහට එහෙම අවශ්‍ය නෑ. 26" ටයර් එකකට 1" විතර බටේක තියෙන gear ratio එක බැලුවාම ලොකු torque එකක් ඕන නැහැ. 👍

    මේක උඩම තමයි බැටරි පැක් එකත් හයි වෙන්නෙ. පිටිපස්සෙ luggage rack එකට සම්බන්ධ කරලා ටයර් එකේ ගෑවෙන විදිහට තියනවා. හැදුවාම හොඳටම තේරෙයි.

    හදලා ඉවර වෙලා සම්පූර්ණ විස්තරය දාන්නම්. 😊
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මිනිසුන්ව හුරු කරන්න එපා පොන්ස් ඔවාට. වෙන්න ඕන හිඟන වෙසාවෝ ටික පන්නලා දාලා ආයෙත් ඉස්සර වගේ පෙට්‍රල් ඩීසල් අඩුවක් නැතුව ගෙන්න උත්සාහ කරන එක.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    ගන්න අවශ්‍ය දේවල්.

    1. 775 මෝටර් දෙකක් - රු. 4500 යි. (scion electronics)
    2. Mount සහ screw සෙට් දෙකක් - රු. 800 යි. (same)
    3. 15A D4184 Dual MOSFET මොඩියුල් දෙකක් - රු. 1000 යි (aliexpress)
    4. 18650 බැටරි 10 ක් - රු. 4000 යි. (26F ලැප්ටොප් බැටරි)
    5. 5S 25A BMS එකක් - රු. 500 යි. (aliexpress)
    6. Esp8266 එකක් - රු. 700 යි. (aliexpress)
    7. 3/4" end cap දෙකයි, බට අඩියයි - රු. 500 යි. (හාඩ්වෙයාර්)
    8. 2x2" පොල්ලක්, nickel tab, solder සහ දවසේ මහන්සියට රුපියල් 2000 ක් විතර.

    දැන් හදන ගමන්. තමන්ගෙ phone එකෙන් / smart watch එකකින් control කරන්න පුළුවන්. හදලා ඉවර වෙලා සම්පූර්ණ විස්තරය දාන්නම්. 😊
    එල. ඕව හදල අතට 10ක් ලාභ තියන් විකුණන්න.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මිනිසුන්ව හුරු කරන්න එපා පොන්ස් ඔවාට. වෙන්න ඕන හිඟන වෙසාවෝ ටික පන්නලා දාලා ආයෙත් ඉස්සර වගේ පෙට්‍රල් ඩීසල් අඩුවක් නැතුව ගෙන්න උත්සාහ කරන එක.
    නන්දයව ගෙනාවා වගේ එළවන්නත් බහිමුද.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Hadana widiya danna
    මෝටර් දෙක දෙපැත්තෙන් mount කරලා මැදට friction wheel එකක් හදන්න ඉන්නෙ. සම්පූර්ණ unit එක 2x2" පොල්ලක් උඩ හදනවා. Esp8266 එකට wifi සහ blynk app එක හරලා command දීලා control කරන්නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ගන්න අවශ්‍ය දේවල්.

    1. 775 මෝටර් දෙකක් - රු. 4500 යි. (scion electronics)
    2. Mount සහ screw සෙට් දෙකක් - රු. 800 යි. (same)
    3. 15A D4184 Dual MOSFET මොඩියුල් දෙකක් - රු. 1000 යි (aliexpress)
    4. 18650 බැටරි 10 ක් - රු. 4000 යි. (26F ලැප්ටොප් බැටරි)
    5. 5S 25A BMS එකක් - රු. 500 යි. (aliexpress)
    6. Esp8266 එකක් - රු. 700 යි. (aliexpress)
    7. 3/4" end cap දෙකයි, බට අඩියයි - රු. 500 යි. (හාඩ්වෙයාර්)
    8. 2x2" පොල්ලක්, nickel tab, solder සහ දවසේ මහන්සියට රුපියල් 2000 ක් විතර.

    View attachment 176277

    අවශ්‍ය සේරම බඩු තාම ඇවිත් නෑ. ආවාම හදන හැටි දාන්නම්. Friction drive modular unit එකක් විදිහට වගේ හදන්න ඉන්නෙ.

    දැනට පේන විදිහට මෝටර් දෙකේම උපරිම power එක 400W විතර වගේ. බැටරි ටිකත් කිසිම අවුලක් නෑ continously 7A, max 10A අදින්න පුළුවන් 2000mAh විතර තියෙන්න. (26F Samsung) 2P දැම්මාම 20A ගන්න අවුලක් නැහැ. 3.7V x 5S x 20 A = කියන්නෙ පැක් එකෙන් 350W ට එහා ගන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් දාඩිය නොදා කිලෝමීටර් 2 ක් විතර යන්න ebike එකකට ඇති. 250W ත් තියෙනවානෙ. මේක හදන විදිහ නිසා තමන්ගෙ phone එකෙන් / smart watch එකකින් control කරන්න පුළුවන්.

    හදලා ඉවර වෙලා සම්පූර්ණ විස්තරය දාන්නම්. 😊
    හදලා ඉවර වෙනකන් මුකුත් කියන්ඩ බෑ.
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මෝටර් දෙක දෙපැත්තෙන් mount කරලා මැදට friction wheel එකක් හදන්න ඉන්නෙ. සම්පූර්ණ unit එක 2x2" පොල්ලක් උඩ හදනවා. Esp8266 එකට wifi සහ blynk app එක හරලා command දීලා control කරන්නෙ.
    Motor dekak depatten tiyena eka hariyanawada ekama axel ekata motor dekak danna puluwanda?
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මිනිසුන්ව හුරු කරන්න එපා පොන්ස් ඔවාට. වෙන්න ඕන හිඟන වෙසාවෝ ටික පන්නලා දාලා ආයෙත් ඉස්සර වගේ පෙට්‍රල් ඩීසල් අඩුවක් නැතුව ගෙන්න උත්සාහ කරන එක.
    මේකේ කොට කොට ඉන්නැතුව එලියට බැහැපන් ඉතින්
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    BUMP

    ඕවනම් වැඩක් වෙන එකක් නෑ.. මොකද cun't chana මාටියා කිව්වනෙ ජූලි 10 ඉඳලා ඇති තරම් පෙට්‍රල් ඩීසල් දෙනවා කියලා 😂😂😂
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    කොච්චර දුරක් එක ෆුල් චාර්ජ් එකෙන් පදින්න පුලුවන්ද?
    උපරිම ස්පීඩ් එක කොච්චරක්ද?
    පෙඩල් දෙක කැරකෙනවද ඕකෙන් පදිද්දී?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    775 එක මෝටර් එකක් 3200 කියලා උඹ කියන ශෝප් එකේ උන් කීවා.අලුත් ස්ටොක් එක.මං සතියක් ට විතර කලින් කොල් කරේ
     
    • Like
    Reactions: NRTG

    Similar threads