රුපියල අවප්‍රමාණයෙන් කාර් මිල වැඩිවන හැට

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රුපියල අවප්‍රමාණයෙන් කාර් මිල වැඩිවන හැට

    රුපියල අවප්‍රමාණයෙන් කාර් මිල වැඩිවන හැටි! Prius සහ vezel ලක්ෂ 03 කින් පමණ වැඩිවන හැඩ

    පසුගිය සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම හමුවේ මෙරටට ආනයනය කරන මෝටර් රථවල මිල ගණන් මේ වනවිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වන වාහනවල මිල ගණන් දිගු කාලීනව සියයට 06 කින් පමණ වැඩිවනු ඇති බවයි.

    සියයට 06 ක මිල වැඩිවීමක් සැලකීමේදී ටොයොටා ප්‍රියර්ස්, හොන්ඩා වෙසල්ස් වැනි මෝටර් රථයක් ලක්ෂ 03 කින් පමණ මිලකින්ද, වැගන් ආර් සහ නිසාන් ලීෆ් වැනි මෝටර් රථයක් ලක්ෂ එකහ මාරකින් පමණද වැඩිවනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    “මේ නිසා, ආනයනය කරන සියළුම මෝටර් රථවල මෙන්ම සියළුම වාහන අමතර කොටස්වල මිල වැඩිවෙනවා.“

    යනුවෙන් ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් පැවසීය.

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව පසුගිය සිකුරාදා (04) සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය විය.

    පසුගිය සිකුරාදා (04) මුදල් වෙළඳ පොළේ ගනුදෙනු අවසන් වනවිට ඩොලරයක මිල රුපියල් 138 කට ආසන්න අගයක් ගන්නා ලදී.

    මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවකදී හැර විදේශ විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම පසුගිය සිකුරාදා සිට නතර කර තිබේ.

    චීනය විසින් අගෝස්තු 11 වනදා යුවාන් මුදල් ඒකකය අවප්‍රමාණය කළදා පටන් මේ දක්වා ඉන්දියානු රුපියල සියයට 3.9 කින්ද, මැලේසියානු රින්ගිට් මුදල් ඒකකය සියයට 08 කින්ද, ඉන්දුනීසියානු රුපියා මුදල් ඒකකය සියයට 4.5 කින්ද අවප්‍රමාණය වී ඇත.


    (under the courtesy of adaderana news)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    බජට් එකෙන් වත් සහනයක් ලැබේවා කියලා බලාපොරොත්තු වෙමු.. :D:yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    සියයට 06 ක මිල වැඩිවීමක් සැලකීමේදී ටොයොටා ප්‍රියර්ස්, හොන්ඩා වෙසල්ස් වැනි මෝටර් රථයක් ලක්ෂ 03 කින් පමණ මිලකින්ද, වැගන් ආර් සහ නිසාන් ලීෆ් වැනි මෝටර් රථයක් ලක්ෂ එකහ මාරකින් පමණද වැඩිවනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.


    මීට වඩා වැඩි වෙයි
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අද :frown:

    HMtBER4.jpg
     
    කෝ.....මේ UNP ආන්ඩුවක් ආවහම වාහනයක් ගන්න බලාගෙන ඡන්දෙ දීපු එවුන්,කපා ගනිල්ල දැන් කතිරෙ ගහපු අත.
    :angry::angry::angry:

    :lol::lol::lol::lol::lol:


    මේ ගෑණි කියන්නෙ පෙරලුණු පිට හොදයි කියලා සැක් :P:P:P:P