රුපියල තවත් කඩා වැටේ !
රුපියල තවත් කඩා වැටේ ! බේරාගැනීමට රාජ්‍ය බැංකු මුක්කුවක්
අද (28) ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස රු123.20 දක්වා පහළ ගියේය. කෙසේ වුවද රාජ්‍ය බැංකුවක් විසින් තමන් සතු ඩොලර් සංචිත අලෙවිකිරීම මගින් රුපියලේ අගය තවදුරටත් කඩාවැටීම පාලනය කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රතිපත්තිය රුපියලට මැදිහත් නොවීමේ මහ බැංකුවේ නව ප්‍රතිපත්තියට පටහැණි පියවරක් යැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
එම රාජ්‍ය බැංකුව තමන් සතු ඩොලර් රුපියල් 123 බැගින් විකිණු බව සදහන්ය. මේ අතර මහ බැංකුව මූල්‍ය වෙළදපොළෙන් වාචිකව ඉල්ලා ඇත්තේ, ඩොලරයට සාපේක්ෂව රුපියල 121 මට්ටමේ තබා ගන්නා ලෙසය. මෙය සෘජුව මැදිහත් නොවී රුපිලය පාලනයට මහ බැංකුව ගෙන ඇති පියවරක් බවද කියවේ.
මේ අතර මහ බැංකුවේ අධිපති අජිත් නවාඩ් කබ්රාල් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, රාජ්‍ය බැංකුවේ මැදිහත් වීම තමන් නොදන්නා බවය. කෙසේ වුවද රුපියලේ අගය කඩාවැටීම නවතා ගැනීම සදහා මුල්‍ය වෙළදපොළට අවවාද දීමේ ස්වරූපයෙන් මැදිහත් වීමට තමන් පසුබට නොවන බවද ඔහු ප්‍රකාශකොට ඇත.
උපුටා ගැනීම Lanka Truth වෙබ් අඩවියෙන්
http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=1837%3A2012-02-28-09-48-51&catid=36%3A2011-10-17-04-27-38&Itemid=72