රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නග&

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නග&

    පසුගිය සතිය තුළ රුපියල පිරීහීම නිසා පමණක් ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය රුපියල් බිලියන 47 කින් (රු. කෝටි 4700 කින්) පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (25 දා) 'දිවයින' ට කීවේය.
    පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 157.46 සිට 159.04 දක්වා රුපියල් 1.58 කින් අවප්රමාණය වී ඇති බවද ඒ අනුව ගණනය කළ විට මෙසේ ඇමරිකානු ඩොලර් බිලියන 30 ක පමණ වන ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය රුපියල් බිලියන 47 කින් පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයා කියයි.
    එම ණය ඉහළ යැමට සාපේක්ෂව වෙනත් පිරිවැයන් විග්රහ කරන්නේ නම් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සඳහා ආයෝජනය රුපියල් බිලියන 48 ක් ද, මත්තල ගුවන්තොටුපළ සඳහා ආයෝජනය රුපියල් බිලියන 30 ක් සහ 2014 වසරේදී සමෘද්ධිය සහ පොහොර සහනාධාරය සඳහා වූ පිරිවැය රුපියල් බිලියන 47 ක් ද වන බව ඒ අනුව රුපියල පිරිහීමේ අහිතකර තත්වය මැනවින් පැහැදිලි වන බවද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් 'දිවයින' ට කීවේය.

    ශ්යාම් නුවන් ගනේවත්ත
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙනසක් ගේන්න ආපු උන් කරන අජූත වැඩ දකිනකොට බඩ දගලනවා.....