රුපියල වේගෙන් වැටෙන එක

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රුපියල වේගෙන් වැටෙන එක


    fall-in-the-exchange-rate-vector-371439.jpg

    රුපියල ලෝක වාර්තා තියමින් depreciate වෙනවා. ලංකා රුපියල වැටෙන්නේ ඉන්දියානු රුපියල ඩොලර් එකට සාපේක්ෂව appreciate වෙන කාලෙක. රුපියල මේ මට්ටමට බහින්න තිබුනේ මීට බොහොම කලින් උනාට මහා බැංකුව තමන් සතුව තිබුන reserves පාවිච්චි කරමින් රුපියල වේගෙන් වැටෙන එක තාවකාලිකව නවත්ත ගත්ත බව රහසක් නෙවෙයි. 2014 අගදී USD 8.2Billion තිබුන reserves Jan’2017 දී USD 5.4Billion වලට අඩුවෙන තුරු මේ සෙල්ලම කරාට මේ සෙල්ලමෙන් රටට අහිමි උනේ reserve account එකේ සල්ලි විතරකුත් නෙමෙයි. රුපියල අගය වෙළඳ පල ඉල්ලුම සහ සැපයුමට අනුව තීරණය වෙන්න දුන්න නම් රුපියල depreciate වීමට අනුරූපව අඩුම ගානේ imports අඩුවෙලා රුපියලට එන පීඩනය ටිකක් හරි මග ඇරගන්න තිබුනා. නමුත් ලංකාවේ උනේ ඒකෙ අනිත් පැත්ත. ලංකාවට පහුගිය අව්රුද්දෙ වාහන ආනයනය කරපු ප්‍රමාණය වැඩියි කියලා මුදල් ඇමතිවරයා බොහොම ආඩම්බරෙන් කියනවා දැක්ක. මහා බැංකුව කෘතිමව රුපියල පාලනය කරන අතරේ ලංකාවට වැඩිපුර වාහන අපනයනය කරනවා කියන්නෙ රුපියල මත අනවශ්‍ය පීඩනයක යෙදෙනවා /යෙදෙන්න හරිනවා කියන එක. රටේ ආර්ථිකයට ඒක දරා ගන්න බැහැ කියල මුදල් ඇමති දන්නේ නැද්ද? නැත්නම් ආර්ථික ඝාතකයෝ ඇමති මන්ඩලයටත් රිංගලද ? කෘතිමව රුපියල පාලනය කරපු නිසා වැඩි වැඩියෙන් රටෙන් පිටට ගිය USD (and all other currencies) ප්‍රමාණය වෙනම ගණන් හදන්න ඕන.

    Foreign reserve අඩුවීම රටේ coverage ratio (capacity to service country’s short term commitments) එකට ඍජුවම සම්බන්දයි. ඒ සම්බන්ධව Red Notice මේ වෙනකොට IMF/World Bank හරහා ලංකාවට ඇවිල්ල ඇතුවට සැක නැහැ. ඉතුරු reserves වලිනුත් market එකෙන් රුපියල් purchase කරලා (to make an artificial demand on rupee) රුපියල වැටෙන්නේ නැහැ කොහොමද අපේ වැඩ කියල තවදුරටත් මිනිස්සු අන්දන එක නැවතුනේ IMF Red Notice අපු නිසාද කියල හොයන්න FCID එකට භාර දෙමුද?
    සාමාන්‍ය පිළිගැනීමට (ආර්ථික විද්‍යා සංකල්ප) අනුව රටක currency එක depreciate වෙනකොට ඒ රටේ අපනයන (exports) ඉහල යන්න ඕන (ඒ රටේ භාණ්ඩ හා සේවා අනෙත් රටවල්වලට ලාභ වීම නිසා - relatively cheaper, වගේම unit එකකට ලැබෙන local currency ප්‍රමාණය වැඩි වීමෙන් නිෂ්පාදකයෝ වැඩිපුර අපනයන වලට නැඹුරු වීම සිදු වීම නිසා - tendency to export. පහුගිය කාලේ ඇමෙරිකාව චීනෙට Yuan එක appreciate කරන්න කියලා ගෝරනාඩු/තග දැම්මේ චීන නිෂ්පාධන වල මිල ඇමෙරිකාව ඇතුලේ වැඩිකිරීමෙන් චීන products ඇමෙරිකාවට එන එක සීමා කරන්න).

    හැබැයි අපේ රටේ තත්වය වෙනස්. රුපියලත් එක්කම අපනයනත් බහිනවා. වැඩේ කියන්නේ කුඹුරු වගා කරන්න එපා හාල් import කරන එක රටට වාසියි කියල ඒ අස්සේ මුදල් ඇමැතිවරයා කියනවා. මුදල් ඇමැතිවරයා ප්‍රශ්නේ තේරුම් අරගෙන ඉන්න තරම/ විදිය ගැන තවත් කතා මොකටද? තෙල් (crude oil) ටිකයි බෙහෙත් ටිකයි ගන්නත් බැරි රටට හාලුත් පිටින් ගෙන්නලු. දැනටත් පොල් පිටින් ගේනවා. පොල් වලට එක අවුරුද්දක පොහොර දැම්මේ නැති උනාම ඊළඟ අවුරුද්දේ අස්වැන්න අඩුවෙන එක ස්වභාවයක්. මේ අවුරුද්දේ පොහොර නොදා ලබන අවුරුද්දේ මීට වැඩ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ කියල කෘෂි කර්ම ඇමතිට කියලා දෙන්න කෙනෙක් නැද්ද? (2030 දී Sweden වගේ වෙන්න යන රටකට හාල් පොල් ගැන කතා කරන එක bit of old school ද මන්ද).

    FDI (Foreign Direct Investments) එන්නෙම නැතිව වගේ. Foreign remittances ඉස්සරහට තව අඩුවේවි (රුපියල වේගෙන් depreciate වෙනකොට USD - Rupee වලට convert කරන එක පරක්කු කරන එක බොහොම සාමාන්‍ය දෙයක් - ඩොලරයකට ලැබෙන රුපියල් ගණන අදට වඩා හෙට වැඩිවෙයි කියන විශ්වාශය මත). මේ සියල්ලම හරියට vicious circle එකක් වගේ. සියල්ල අන්තිමට වෙන්නේ ගෙවුම් ශේෂ අර්බුධය උග්‍ර වෙන එක.
    ආණ්ඩුවට මේ සඳහා තියෙන එකම විසදුම මොනවා හරි විකුණලා මාස කීපයක් ඇදගෙන යන එක විතරයි. එක පිට එක bonds issue කරලා,මාසෙට එක ගානේ Air Buses (Sri Lankan Air Line) විකුණලා පහුගිය මාස කීපය ඇදගෙන ගියා. හම්බන්තොට වරාය විකුනන සල්ලි ලැබුනම (Approx USD 1.1Billion) රුපියල ස්ථාවර වේවි කියලා CB Governor කියනවා දැක්ක. වරායේ සල්ලි මාස 6කට ඇතිවේවි. ඊට පස්සේ විකුනන්නේ අහවල් එකද කියල කුමරස්වාමී හරි වෙන සවාමී කෙනෙක් හරි අපට කියනවද? මේ කාගේ කාගේත් ස්වාමිල ඉන්නේ කොහෙද කියල කවුරු නැතත් ගැමියෝ (බයියො?) දන්නවා.

    සාපේක්ෂව කුඩා දුපතක් වන ලංකාවට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන්නේ මුහුදෙන් සහ ගුවනින් විතරයි. ඒ වගේ රටක ජාතික ගුවන් සේවය වගේම ප්‍රධාන වරායන් වල අයිතිය තමන්ට අහිමි කරගන්න ගමන් ලෝකය දිනන්න පෝලිමේ එන්නළු. වැඩේ කියන්නේ උන්ට හුරේ දාන ගොබ්බයො තාමත් ඉන්නවා වගේම උන්ගෙන් සම හරක් (අමු හරක්) සිරාවටම හිතාගෙන ඉන්නේ අපි රටක් විදියට ඉස්සරහට යනවා කියලා.
    - Dilip Gamage
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තණකොල කාපු එකාලට කොස් කොල ක්‍රෝටන් කොල කන්න දීපු එකම මදිද?

    +Rep
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පේන පේන කඩයට ගොඩ වෙනවා
    ගේන ගේන හාලට බඩ.........දනවා
    ගාන අහල හොඳ යැයි පව...සනවා
    ඕන එකක් හෙට ක්‍රෝටන්.....කනවා
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    තව ටිකක් බලා ඉමු කෙලවෙලා යනකල්
    පොනිල් ඇන්ඩ් ග්‍රාමසේවක රොක්ස්
    සුරoඟනා ලෝකවල ඉන්න එඋන්ට මේවා පෙන්නේනෑ ..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තව ටිකක් බලා ඉමු කෙලවෙලා යනකල්
    පොනිල් ඇන්ඩ් ග්‍රාමසේවක රොක්ස්
    සුරoඟනා ලෝකවල ඉන්න එඋන්ට මේවා පෙන්නේනෑ ..

    :baffled::baffled::baffled::baffled::(