ඇට මැස්සා ( සුගතපාලද සිල්වා ) මහත්තයා පරිවර්තනය කරපු The Gadfly කියන පොතේ එන රොමනි ගෝත්‍රයේ අහිකුණ්ඨක යෝ කියන්නේ රුමේනියන් කට්ටිය ද දන්නේ නැහැ... ?
![]()
අඩේ එක නම් දන් නෑ බ්‍රො... එහෙම පොතක් ගැන අහල නම් තියනවා...



ඇට මැස්සා ( සුගතපාලද සිල්වා ) මහත්තයා පරිවර්තනය කරපු The Gadfly කියන පොතේ එන රොමනි ගෝත්‍රයේ අහිකුණ්ඨක යෝ කියන්නේ රුමේනියන් කට්ටිය ද දන්නේ නැහැ... ?
![]()


Borat film eke mudukku gama thiyenneth romania. europe wala duppathma ratak. lassanai nan thamai.
England wala ungen ahuwoth romaniawe unge karattuwa hondata kiyai. romania un england yanawa unge rate padi adu hindai corruption wadi hindai.
palleha thiyenne romaniawe gam gana video ekak.

ඇට මැස්සා ( සුගතපාලද සිල්වා ) මහත්තයා පරිවර්තනය කරපු The Gadfly කියන පොතේ එන රොමනි ගෝත්‍රයේ අහිකුණ්ඨක යෝ කියන්නේ රුමේනියන් කට්ටිය ද දන්නේ නැහැ... ?
![]()
pr ganna kiyala hithagena hitiye![]()
anna sanchareta yanawa nan yanna hondai. Wena europe ratawalata wadiya labeta gihin enna puluwan. romanian ayai roani ayai dekak, habai romani aya romania wala godak innawa. ewagema romania kittuwa thiyena wena nagenahira europe ratawala innawa romani kattiya.
borat film eka balala thiyenawa nan eke pennana mudukku gama romania wala romani ayage gamak.
එහෙමද....මම හිතුවේ රොමනි ගෝත්‍රික නිසා රුමේනියාව කියන නම හැදුනයි කියල.....ගොඩක් ස්තුතියි මචං ..
pr gannawa nan hari diyunu ratakata palayan ban...anna sanchareta yanawa nan yanna hondai. Wena europe ratawalata wadiya labeta gihin enna puluwan.
romanian unuth wena ratawalata yanawa unge rata awul hinda. lassana wenama deyak, habai padi adui, corruption wadiy. Issara nan unge honda karmantha thibba. lankawe thiyena parana rathu kochchi petti romania walin gennapuwa.

රුමේනියාව පිහිටල තියෙන්නේ යුරෝපෙ, කලු මුහුදට මායිම්ව යුරෝපානු රටවල් කිහිපයකින් වටවෙලා... ලතින් භාශාවෙන් "Romanus" කියන්නේ රෝමන්දේශයේ පුරවැසියා කියන එක.. එය වෙනස් වෙලා තමා රටී නම හැදුනේ...1715දි ඉතාලි ආකිටෙක්ච කෙනෙක් ඩිසයින් කරපු බලකොටුවක් මේක ඔස්ට්‍රියානු රාජධානිය විසින් රටකරවන කාලේ තමයි මේක උනේ.. මේ රටවල් ඉතින් කලින් කලට එක එක ජාතින්ට යටත් වෙල උන්න...
Bucharest කියන්නේ කැපිටල් එක...හරිම ලස්සන රටක නිස්කලංක...
![]()
(Alba Iulia)
![]()
මධ්‍යම රුමේනියාවෙ ට්‍රන්සිල්වේනියා කියල පළාතේ තියන මෙම ගල කදු නගින්නන්ගේ පාරාදීසයක්..
![]()
මේක තමා එරටේ පාර්ලිමේන්තුව.. ලෝකෙ දෙවැනි ලොකුම බිල්ඩිම් සංකීර්ණය (එක පෙන්ටගනේ ).. අඩි 276ක් උසයි, ලෝකෙ බරම බිල්ඩිම විදියට නම් දරා ඇත...
![]()
1800 ගණන් වල රශියා එක්ක සහයෝගෙන් ඔටෝමාන්ලට විරුද්ධව යුද්ධ කරල යුද්ධෙ දින්න නිසා, මෙයාලට නිදහස ලැබෙනවා.මේක හදන්නේ 1800 ගණන් වල..(1878 Treaty of Berlin)
![]()
Bucharest වන කැපිටල් එකට පුංචි පැරිසිය කියනවා.. මොකෝ ටවුන්1 ඩිසයින් කරන්න පැරිසියේ නගර සැලසුම් යොදාගෙන තියනවා...
![]()
Bran Castle කියන මේ කාසල් එක තියෙන්නේ අඩි200ක් උස ගලක් උඩ.. මේ කාසල්1 1377 දි හදපු එකක්...(Bran Castle)
![]()
ඔව් ඔව් අර කාසල් එකම තමයි... Bram Stoker ඩ්රැකියුලා පොත ලියන්නේ මේන්න මේ කාසල් එක මූලික කරගෙන 1897දී...මේ කාසල එක තමා එහෙම බැලුවම ඩ්‍රැකියුලගෙ උපත..
![]()
ට්රන්සිල්වේනියාවේ මේ කතෝලික දෙව්මැදුරු ඉතා ශක්තිමත්ව ගොඩ නැගුවා 12 වන සියවසේදි.. ඔටොමාන් එම්පය1න් ගම්වැසියන් ආරක්ශා කරගන්න...
![]()
1895 දී මේක හදන කාලේ යුරෝපෙ දිගම පාලම උනේ මේක, 2.6km...ඔය ගග ඩැනියුබ්.....( Anghel Saligny Bridge)
මේයලගේ රේල් නෙට්වර්ක්1 ලෝකෙ 15යට දිගම රේල් නෙට්වක් එක.. 22,298km....
![]()
මධ්‍යතන රොමේනියානු නගරයක් මේක.. මේකත් අර පොතට සම්බන්ධලු..(Sighisoara)..ගස් ඉතුරු කරල පුලුවන් තරම්.. බලන්න ලස්සනයි අප්පා..
![]()
බලකොටුවක් නෙවෙයි බලකොටු සංකීණයක්...18th සියවසේ හදල ති...
![]()
යුරොපෙ තියන ලී වලින් හදපු උසම ඉස්ටෘක්ච එක මේ... හදල තියෙන්නේ කතෝලික දේවස්ථානයක් විදියට 1724 දී...
![]()
1700 ගණන් වලදි මේ වෘත්තාකර ගම්මනය හදල තියෙන්නේ ජර්මනියෙන් ඇවිත් පැලපදියම් වෙච්ච කට්ටියක්... (Charlottenburg )
![]()
රුමේනියාවෙ වැඩියෙන්ම නරඹපු නගරය තමයි මේ..(Brasov ) යුරෝපෙ පටුම පාරවල් තියෙන්නෙ මේකෙ. අඩි හතරේ පාරවල්.. යුද්ධ කාලෙදි ගිනි නිවන්නොන්ට සෙනිකව ඇක්සස් වෙන්න තම එහෙම හදල තියනව කියන්නේ...
![]()
කාපේතියන් කදු නගින සෙමි ට්‍රක් දෙකක් පේනවනේ ලක්ශන...(Brasov)
![]()
මේ ගොඩනැගිලි සේරම යුනෙස්කෝ ලෝක උරුම.. ඔව්ව්...
![]()
මේ බලන්න කනත්තේ තියන ගොඩනැගිල්ල.. මේ රටේ සියවස් ගණනක් තිස්සේ ඉදන් එන පිලිවෙතක් ලු මායකාරි හැඩැයකට ගොඩනැගඉලි හැදිල්ල කනතු වල.. ඕකත් එක හේතුවක් උනාලු ඩ්රැකියුලා පොතට ආභාශේ ලබන්න..(Church of the Holy Archangel)
![]()
ගලේ මේ පත මූණ අඹල තියෙන්නේ සර්බියා බෝඩරේ...මේ ඉන්නේ රෝමන් රජතුමෙක් king Decebalus කියලා..
![]()
තනි උනු කතෝලික දේවස්ථානයක්... (near Carei)
![]()
රාත්‍රියේ Brasov නගරයේ ලයිට් පේන්වනෙ ලස්සන එක්කම...( Mount Tampa) මේ පේන්නෙ සොවියට් යුගේ හදපු හොටෙල්1ක්.. ඕකට එන්න ඕන කෙබල් කාර් එකේලු.. සිටි වීව් එකක් ලෙසටම බලන්න එනවලු ගොඩක් අය..
![]()
කලු මුහුදට මුහුණ දාල තියන පට්ට ලස්සන සෝවියට් ප්‍රොපගැන්ඩා බිල්ඩින්ග් එකක් මේ.. WW1,WW2 දේකෙඩිම මේක කුඩු පට්ටම් කරල වෙස්ටර්න් අය. පස්සේ සල්ලිකාරයෙක් ඕක අරගෙන කැසිනො එකක් දාල.. දැන් නම් එම්ප්ටිලු...(Constanta Casino)
![]()
Brasov වලට යන හයිවේ එක දැපැත්තෙ තියන වගා බිම්....
![]()
මේ හිරගෙදරක් ඉස්සර තිබ්බ...එකල තිබ්බ ප්‍රසිද්ධම හිර ගෙදර මේ..1930s(Doftana prison)
![]()
ග්‍රීක් දෙවි කෙනෙක් ගේ ප්‍රතිමාව ඉදිවුනේ 1909 වසරේදී...(Timisoara )
![]()
Monastery Caldarusani - Bucharest නගරයේ මේ කිතුණු ආරාමයක් ..
![]()
බැටළු මසත් මරු ඉතින්.....(ආ මේ ඉන්නෙ බැටලු රංචුවක්...) (Maramures)
![]()
අනිනා නගරය දෙස බලාසිටින ජීවමාන සයිස් ජීසස්ගේ ප්‍රතිමාවක්.. පට්ට ඒක නම්..
![]()
චර්ච් එක වටේ තාප්පෙ අඩි 35ක් උසඉලු.. එකල ඔටෝමාන් උන් මෙහි පැමිණ වටකරල දෙද්දි ගම බේරගන්න ගහපු ගේම මැවිල පේනවා වගේ. ඔය හොලිවුඩ් ෆිල්ම් වල සීන් වලට අඩිතාලම මේවගෙන් තමයි ඉතින්...
![]()
Peles Castle-1873 ඉදන් 1883 දක්වා මේක හදල තියනව.. යුරෝපෙ තියන ගතිම කාසල් එකක් තමා මේ... King Carol කියන රජතුමාට තම මේක හදල තියෙන්නේ....මේක තම යුරෝපෙ පලවෙනි කාසල් එක කරන්ට්1න් අලෝකමත් කරපු..මොවුන් කරන්ට් ප්ලාන්ට්1ක් ගොඩ නගල, මාලිගාව හීට් කරන සිස්ටම්1ක් හදලා කොම්ප්ලිට් කලේ 1883 දී..
![]()
1331 ඉදන් එන මේ නගරය බිහිසුනු යුද්ධ වලින් පස්සේ ආයෙම රීඉස්ටො කරල තියනව. ෆොටෝ එක අරන් තියෙන්නේ උදේ පාන්දර මීදුම එක්ක.. බලන්න ලස්සන.. දියුණුව කියන්නෙ මොකක්ද කියල තේරෙනවා මේව දැක්කහම අප්පා..(Rasnov)
![]()
යුද්ධ කාලේ ඉදන් දිර දිර තියන නැව් කදක්...
![]()
රුමේනියාවෙ ෆේමස්ම කාසල් එකක් මේ... - Corvin Castle in Transylvania...14 වෙනි සියවසෙ හදල තියෙන්නේ. Iancu of Hunedoara කියන පාලකය මේකෙ වාසය කලා..කාමර 44ක් තියන සුපිරි මාලිගාවක් නේ...
![]()
last but not least
--------------------------------------------------------------------------------------------------
මැරෙන්න කලින් නෙවෙයි තරුණ වයසෙන්ම ගිහින් එන්න ලැබේවා කියල පතනව ඔහේලට...
විකිපිඩියා, රොමේනිය රජයෙ සයිට්, ඩේලි මේල්, පින්ටරෙස්ට් වලින් ගත්තෙ...
වල්පාල;25025436 said:math giya europe frens. Salli nam sahenna giya.. eth patta worthyy <3 <3



