රුවන්වැලි_සෑය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    රුවන්වැලි සෑය


    RUWANWELISAYA.jpg



    දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර , බ්‍රහ්ම , පංච , සිඛ , කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය , ඇත් පවුර , පස් පිළිම ගෙය , සූර්ය සේවාලය , කුඩා දාගැබ , සිරි පතුල් ගල් , කඩොල් ඇතුගේ දළ , සළපතළ මළු‍වේ කවය , කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය , භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය , ගල් ටැඹ , ශිලාචේතිය , එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.

    more info

    මහාවංසය කියන පරිදි දුටුගැමුණු රජු මුලින් බලාපොරොත්තු වුයෙත් සැළසුම් කළෙත් මහා පරිමාණ ස්තුපයක් කිරීමටය. සිද්ධත්ත හිමි දුර දක්නා නුවණීන් මේ ගැන සළකා බලා එවැනි ස්තුපයක් තනා නිම කිරීමට පෙර රජු මියයන බව කියා මධ්‍යම ප්‍රමාණයේ ස්තුපයක් කරවන ලෙස රජුට කිවේය. රජු එය පිළිගත්තේය. මේ අනුව තනන ලද අත්තිවාරම මත මධ්‍යම ප්‍රමාණයේ දාගැබකට ප්‍රමාණවත් චෛත්‍යවර්තයක් (බිම් සැළැස්මක්) ලකුණු කරවිය. ඊළඟට ස්තුපයට මුල්ගල තැබීම සිදු කරන ලදි. නියමිත දිනට කලින් දින රජතුමා මහා සංඝයාට ඒ සඳහා ආරාධනා ‍කෙළේය. තවද ඔහු මහජනයාට ද සුවඳ මල් ආදි පුජා ද්‍රව්‍ය රැගෙන බුද්ධ පුජාවට එන ලෙස දැන්විය. ස්තුපයට මුල්ගල තැබීම සිදු කරන ලදි. ස්තුප ස්ථානයට යන මාර්ගයත් මුළු නගරයත් විසිතුරු ලෙස සරසන ලදී.

    නියමිත දින ගිහි පැවිදි මහා සේනාවක් එතනට පැමිණියහ. ඉන්දියාවේ නොයෙක් පළාත්වලින් ද සංඝයා පැමිණියහ. නියමිත දින සවස් භාගයෙහි රජ ඇඳුමින් සැරසුණු රජු එසේම සර්වාකා‍රයෙන් සැරසුනු ඇමතිවරුන්ද සමග රඟන ගී ගයන කාන්තාවන් සහ සතළිස්දහසක් මිනිසුන්ද පංචංගික තුර්යවාදකයන් ද සමග ස්තුප ස්ථානයට පැමිණියේය. ඔහු මුලින් ම කළේ වස්ත්‍ර පුජාවකි. සංඝයා මැද රජු සඳහා හිස් ව තබා රවුමට හිට ගත්හ. රජු ශුද්ධ වු භුමියට පැමිණ සංඝයාට නමස්කාර කොට උන්වහන්සේලාට සුවඳ මල්දම් පිදීය. ස්තුප භුමිය වටා තෙවරක් ප්‍රදක්ෂිනා කොට මැද පුන්කළස් තබා තිබුණු තැන, නතර විය. කලින් ද නියම කරගෙන සිටි ඇමති කෙනෙකු ලවා රන් තුඩකින් යුත් රිදි පරිබ්මණදණ්ඩකය කරකැවීමට යොදා තමනුත් ඒ පසුපස ගියේය. මෙසේ ස්තුපය සඳහා බිම් සැළැස්ම ලකුණු කරවිය. රජු එය මැද රන්, රිදී, කලස් අට බැගින් තබා ඒවා වටේට රන් හා රිදී ගඩොල් තැබීය. ඔහු 108 ක් අළුත් මැටි කලස් එහි තැන්පත් කරවිය. ගඩොල් අටෙන් එක් එක් ගඩොලය වටා වස්ත්‍ර 108 බැගින් තැබීය. විශේෂයෙන් නම් කරනු ලැබු ඇමතිවරයෙකු ලවා දෑ සමන් මල් සමග සුවද බදාම විශේෂයක් තුල ගඩොලක් තබන ලදී.

    image-81EF_4C459C1D.jpg

    ඉතිරි ගඩොල් හතද තවත් ඇතිවරුන් හත් දෙනෙකුන් ලවා තබ්බවන ලදී. රජු නමස්කාර කොට සංඝයාට පුජා පවත්වා ඊසාන දෙසට ගොස් පියදස්සි මහතෙරුන් ලඟ නතර විය. උන්වහන්සේ ජයමංගල ගාථා කීහ. මෙසේ මහා ස්තුපයට (රුවැන්වැලි සෑයට) මුල්ගල තැබීමේ කටයුතු නිම කරන ලදි. අනතුරුව රජු උළු වඩුවන් පන්සියයක් කැදවා ඔවුන් අතුරෙන් බුද්ධිමත් හා විශේෂඥ කෙනෙකු තෝරාගත්තේය. කවර ආකෘතියකින් යුත් ස්තුපයක් තැනිමට යන්නේදැයි රජු ඔහුගෙන් ඇසිය. එවිට උළු වඩුවා අල්ලට ජලය ගෙන ජලය පුරවන ලද රන් පාත්‍රයක ජලය මතට ගැසිමෙන් දිය බුබුලක් නංවා එවැනි ස්තුපයක් යයි කීය. සෘද්ධිමත් මහ තෙරවරුන් විසින් පළමු පේසාව (මල් තැන්පත් කරන පේසාව) නිම වු පසු තෙවරක් එය ගිල්වන ලදි. දෙවෙනි හා තෙවෙනි පේසාවල් නිමකළ විට ද තුන්වර බැගින් ගිල්වන ලදි. සියල්ල එක්ව නව වාරයක් ගිල් වූ බව සඳහන් වෙයි. විශාල ගොඩනැගිල්ලක් තනන විට මාතෘ පාෂාණය දක්වා යටට අත්තිවාරම කපා ඒ මත පදනම දැමිය යුතුය. මේ ගැන ක්‍රි.පු. දෙවන ශතවර්ෂයේ සිංහලයන් දැන සිටි බව මින් අනාවරණය වෙයි. මහාවංසකරු එය ආගමික ව්‍යවහාරයට අනුව විස්තර කර තිබේ.

    තුන්වෙනි පේසාව මැද ධාතු ගර්භය තනන ලදි. එය ස්තුපයේ ඉතා වැදගත්ම කොටසයි. මේ සදහා සම් ද වර්ණයෙන් යුත් ගල් පුවරු හයක් යොදා ගන්නා ලදි. ගල් පුවරුවක ඝනකම අඟල් 8 කි. ඒවා ඉන්දියාවෙන් ගෙන්වන ලද බව වාර්තා වෙයි. මෙසේ පතුලේ ගල් පුවරුව එළා හතර පැත්තේ ගල් පුවරු තබා තවත් ගල් පුවරුවක් පියන ‍ලෙස යොදා ගන්නා ලදි. ධාතු ගර්භය වටා ගඩොල් යොදා බිත්ති තනන ලදි. ධාතු ගර්භය මැද රනින් බෝධියක් කරවන ලදි. එහි ශාඛා පහකි. කඳ රිදියෙන් ද මුල් කොරල්වලින් ද, කොළ රනින් ද විය. ගෙඩි හා ලා කොළ කොරල් ගලින් නිම විය. කඳ මැණික්වලින් සරසන ලදි. කඳ අඟල් අටක විශ්කම්භයෙන් යුක්ත විය. මල්වැල්, සිව්පා පන්තිය, හංස පන්තිය, අෂ්ට මංගල හා වස්ත්‍ර යොදා බෝ කඳ සරසන ලදී. බෝධිය හතර පැත්තේ ආසන හතරක් තනවා නැගෙනහිර පැත්තේ ආසනය මත රන් හිඳි බුදු පිළිමයක් තබන ලදි. විවිධ වර්ණයෙන් යුත් මැණික්වලින් එහි අදාළ තැන් කරවා තිබුණි.

    බුදු පිළිමය අසළ මහා බ්‍රහ්මයා රිදි ඡත්‍රය ද ශක්‍රයා අභි‍ෂේකදායක විජයුත්තර ශංඛය ද ගෙන සිටියහ. ඔහුගේ වීණාව රැගෙන සිටියේය. අත් සියයක් ඇති මාරයා ඇතුපිට නැගි මරසෙනග පිරිවරා‍ ගෙන සිටියේ ය. මේ සියළු රූප රනින් කරවන ලදී. බෝධිය වටා මිටි ගරාදි වැටක් විය. බිම ද මැනවින් සකස් කරන ලදි. ධාතුගර්භය හතර පැත්තේ ධෘතරාෂ්ඨ (නැගෙනහිර), විරුඪ (දකුණු), විරූපාක්ස (බටහිර) හා වෛශ්‍රවණ (උතුර) යන සතරවරම් දෙවි රජුන්ගේ රූප විය. දෙවිවරුන් තිස්තුන් දෙනා, කුමාරුවරු තිස් දෙදෙනා, යක්ෂ නායකයන් විසි අටදෙනා වුහ. මොවුනට ඉහළින් නමස්කාර මුද්‍රාවෙන් යුක්ත ව නටන ගී කියන දෙවිවරු වූහ. ඇතැම් දෙවිවරු මල් ද රැගෙන ඉන්නා ආකාරයට කරවන ලදි. ධර්මචක්‍රය ගත් අය, කඩුගත් අය, පහන් ගත් අයද වුහ. දෙවියන්ගේ හා රහතුන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් මේ සියල්ල අවහිරයක් නැතිව ධාතු ගර්භයෙහි පිළිවෙළට විය. මේ හැර චිත්‍ර ද කරවන ලදී. බුදු සිරිත එහි තේමාව ලෙස රජු විසින් ම ‍තෝරා ගනු ලැබිණ.

    අන්තර්ජාලය අසුරිණි

    ruvanveliseya_72dpi_5inches.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හරිම ලස්සනයි... ශාන්තයි.... මම හරිම ආස කරන තැනක්... ගියාම පැත්තක වාඩිවෙලා බලන් ඉන්නව ටික වෙලාවක්...

    අද මට තව Rep දෙන්න බැරිළු.. හෙට අනිවා දෙන්නම්... ස‍හෝ....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    maru place eka macho athi tharan wela balan inna puluwan giyama. hithe thiyena okkoma amathaka wenawa, rep++
     
    • Like
    Reactions: **cut

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හරිම ලස්සනයි... ශාන්තයි.... මම හරිම ආස කරන තැනක්... ගියාම පැත්තක වාඩිවෙලා බලන් ඉන්නව ටික වෙලාවක්...

    අද මට තව Rep දෙන්න බැරිළු.. හෙට අනිවා දෙන්නම්... ස‍හෝ....

    :D