රුව රැකගන්න අලුත් ක්‍රමයක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රුව රැකගන්න අලුත් ක්‍රමයක්

    Gossip9+Facial+2501.jpg


    සජීවී ගොළුබෙල්ලන් මුහුණ මත තබාගනිමින් මුහුණෙහි සුදරත්වය වැඩිකර ගැනීමට උත්සහ ගන්නා කාන්තාවක් පිලිබඳ DAILY VOICE සඟරාව වාර්තාකරයි.

    වයස අවුරුදු 72 වන මෙම කාන්තාව දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයෙ ජිවත් වන අතර ඇය පවසා සිටිනුයේ ඇය මෙලෙස අවුරුදු දෙකක් තිස්සේ ගොලුබෙලි ප්‍රතිකාරය ගන්නා බවත් ඒ තුලින් ඉතා හොඳ ප්‍රතිඵල අත්විඳින බවත්ය.

    රූපවාහිනියේ ගොළුබෙල්ලන් යොදාගෙන සාදන ආලෙපනයක් පිලිබඳ දැන්වීමක් දුටුවිට තමාට මෙලෙස සජීවී ගොළුබෙල්ලන් යොදාගෙන සිදුකරන ප්‍රතිකාර ක්‍රමය පිලිබඳ අදහසක් පහලවූ බවත් කිසිඳු විශේෂ වියදමකින් තොරාව ඇය මෙම සත්කාරය තමා විසින්ම සිදුකරගන්න බවත් ඇය මාධ්‍යට පවසා තිබේ.

    වෙළඳපොලෙහි ඇති සාමන්‍ය ප්‍රමාණයේ මෙම වර්ගයේ ආලේපනයක් රුපියල් 9000 තරම් මිලක් වන බව වාර්තාවේ.

    මෙම ගොලුබෙලි සත්කාරය මගින් මුහුණේ මැරුණ සම ඉවත්කිරීම , කුරුලෑ කැළැල් සුවකිරීම, සම රැලිවැටීම වැළැක්වීම සහ සමේ දීප්තිමත් බව පවත්වාගෙන යාම සිදුවන බව වාර්තාවේ. මෙම ප්‍රතිකාරය සම්පුර්ණ වීම සඳහා ප්‍රතිකාරය අවසානයේ අයිස් වතුරින් මුහුණ සොද හැරිය යුතුබව ඇය තවදුරටත් මාධ්‍යට පවසා තිබේ.

    තවද අපකළ සොයා බැලීමකදී හෙලිවුයේ දැනටමත් ලෝකයේ බොහෝ නගරවල ගොළුබෙලි සත්කාරය ලබාදෙන රූපලාවණ්‍යගරා බොහොමයක් අරඹා ඇතිබවයි.





    Gossip9+Facial1.jpg
    ''

    Gossip9+Facial4.jpg

    Gossip9+Facial6.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රෙප් නම් නැතුවත් කමක් නෑ
    බලලවත් පලයන්
    තව එකෙකුට දැන ගන්න බම්ප් දීලා යන්න