රුව වඩන ලෙඩ නසන හෙළ ඔසුව නෙල්ලි

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    රුව වඩන ලෙඩ නසන හෙළ ඔසුව නෙල්ලි

    රුව වඩන ලෙඩ නසන හෙළ ඔසුව නෙල්ලි

    අපි හැමෝම කැමතියිනේ නීරෝගීව ලස්සනට ඉන්න. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ දිව ඔසුවක් වෙන පංච රස නෙල්ලි ගැන.....

    “ඛෙහෙත් නෙල්ලි” ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන නෙල්ලි විටමින් සී අධික පලතුරක් ලෙස වඩාත් ප්‍රචලිතය. පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස සැලකිය හැකි මෙහි නැවුම් පලතුරු පල්ප ග්‍රෑම් 100 ක විටමින් සී මිලි ග්‍රෑම් 250 - 1,800 ක් පමණ අඩංගුය. මෙහි ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක හා පොලිෆීනෝලද අඩංගු වේ. එමෙන්ම නෙල්ලි ඖෂධීය ගුණයෙන්ද ඉතා අනූන අතර එහි සියළුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්තය. නෙල්ලි වලින් විවිධ නිෂ්පාදන රාශියක් සකස් කළ හැකිය. නෙල්ලි වල ඖෂධීය ගුණය ආයූර්වේද පොත පතෙහි මනාව සඳහන් කොට ඇති අතර සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා මෙහි ඇති වැදගත්කමද හොදින් හඳුනාගෙන ඇත. එමෙන්ම නෙල්ලි තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස පහකින් සමන්විත වන බවද සැලකේ.
    මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!
     
    • Like
    Reactions: ehseres