රුසියන් භාශාවෙන් තියෙන කෝස් එකක් කරන්න කලින් අනිවාර්යයෙන් අවුරුද්දක් ( අවුරුද්දක් කිව්වට ඇත්තටම ඒ කෝස් එක මාස 8යි) රශියන් ඉගෙන ගන්න ඕන. ඒක පාස් වුනාට පස්සෙ තමයි යුනි එකකට ඇතුලත් කරගන්නෙ. ඊට පස්සෙ කෝස් එක රශියන් නං දිගටම රශියන් වලින් තමයි ඉගෙන ගන්න වෙන්නෙ. ඒක තීරණය වෙන්නෙ තමං කොච්චර ඉක්මණට භාශාව අල්ලගන්නවද කියන එක අනුව. කොහොම කරත් කෝස් එකේ පලවෙනි අවුරුදු 1 , 2 ලෙක්චර් එකකට ගියොත් ඒකෙන් තේරෙන්නෙ 40% - 60% විතර තමයි. ඒ නිසා යාලුවො හදාගෙන උන්ගෙන් උදව් ඉල්ලගන්න වෙනව ටිකේ. මුල් අවුරුදු දෙක කොහොමත් කට්ටක් තමයි.
නිකමට හිතපන්කො සුද්දෙක් ලංකාවට ඇවිල්ල අවුරුද්දක් සිංහල ඉගෙන ගෙන ලංකාවෙ යුනියක සිංහලෙන් ඉගෙන ගන්න ගියාම කොහොම තියෙයි ද ? ඒ වගේ තමයි.
ලිවින් කොස්ට් එක තීරණය වෙන්නෙත් පුද්ගලයා අනුව තමයි. මාසෙට කොහොමත් රුපියල් 30 - 35000 කින් විතර ශේප් වෙන්න පුලුවන් තමං උයාගෙන කරගෙන ගේම ගහනව නං (මේ ගාන හොස්ටල් එකේ ඉන්නව නං) ඊට අමතරව හැම අවුරුද්දකම කෝස් ෆී එක,වීසා,හොස්ටල්,ඉන්ශුවරන්ස් වලට දරන්න ඕන අනිවාර්ය්ය වියදම් ටිකක් තියෙනව. ඒව යුනි එකෙන් යුනි එකට වෙනස් වෙනව.