රුසියානු Visa මාෆියාව !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සෑහෙන කාලෙකින් කිරියට වැදගත් දෙයක් දාපු නැති නිසා හිතුවා මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරන්න.
    මේ හෙලකුරු උත්තක් දාගෙන කොටන්න ගියාම එපා වෙනව, ඒ හින්ද සමහර අකුරු වැරදිලා තිබ්බොත් සමාවෙයල්ලා... 🙏

    මේ දවස්වල ලංකාවෙ තියෙන ආර්ථික තත්වෙත් එක්ක, පාස්පෝර්ට් හදාගන්නත් මිනිස්සු පෝලිම් ගැහිල ඉන්නව ටීවී වල පෙන්නනව, මිනිස්සු කොහොම හරි රට පනින්න තමයි බලන්නෙ. මං දන්නෙ නෑ අපේ රටේ කරුමෙටද කියල, අපේ රටේ මුල් බැහැගත්ත මතයක් තමයි දියුණූ වෙන්න නං රට යන්න ඕන කියන එක. ඕක තව ටිකක් කාලයත් එක්ක පරිවර්තනය වෙලා මේ වෙද්දි ඇවිල්ල තියනව මොකක් හරි රටකට පැනගන්න ඕන කියල කතාවක්. ඉතින් මේ දවස් වල කන්න නැතත් ඉන්න රටක් හම්බෙලා තියෙන අපේ අයියලට ඔය කතාව "ටාං" ගාල මොලේට ඇවිල්ල, කේරලේට හරි කමක් නෑ වීසා එකක් ගහගෙන පනින්න තමයි දත කන්නෙ. 😅 මං වරදක් කියන්නෙ නෑ.. හැබැයි තමන් වෙන රටකට යනව කියන්නෙ ඒක තමන්ගේ ජීවිතේ ගන්න ලොකු ස්ටෙප් එකක් කියල මම නං කියන්නෙ. ඒ වගේ තීරණයක් , නිකං මේ අපේ රටේ ඡන්දේ දෙනවා වගේ ගන්නෙ නැතුව ටිකක් හොඳට හිතල බලල, හොයල බලල ගන්න එක වඩා සුදුසුයි. උඹලටත්, ඒ වගේම උඹලගෙ පොකට් එකටත්. (y)

    main-qimg-a9bdb495388f80680bb9abc63d93bb1f

    රුසියාව.

    අපි ඉස්සෙල්ල බලමුකො රුසියාව කියන රට ගැන. රුසියාව කියන්නෙ දියුණු රටක් ද ? ඔව් රුසියාව කියන්නෙ තුන් වෙනි ලෝකේ රටක් නෙවෙයි. හැබැයි රුසියාව කියන්නෙ පලවෙනි ලෝකයේ රටකුත් නෙවෙයි. රුසියාව කියන්නෙ දෙවනි ලෝකයේ රටක්. ඒ කියන්නෙ උඹල අපී ජීවත් වෙන දූපතට වඩා ටිකක් විතර දියුණුයි. උදාහරණයක් විදිහට ප්‍රවාහනය, යටිතල පහසුකම් වගේ දේවල්.

    හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි ඒකෙන් කියවන්නෙ නෑ රුසියාවෙ මිනිස්සු පෝසත් කියල. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වයට වඩා රුසියානුවන්ගේ ජීවන තත්වය වෙනස් වෙනව නං වෙනස් වෙන්නෙ මට හිතෙන විදිහට මෙහෙමයි. අපේ රටේ දුප්පතුන්ගේ ප්‍රතිශතයට වඩා රුසියාවේ දුප්පතුන්ගේ ප්‍රතිශතය අඩුයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ රුසියාවේ හැමෝම පෝසත් කියල. ඇත්තම කතන්දරේ මේකයි. රුසියාවේ මධ්‍යම පාන්තික ප්‍රතිශතය ඉතාමත් ඉහලයි. ඒ කියන්නෙ මාසෙ පඩිය අරං එදා වේල රෝල ගහං ඉන්න පිරිස. ඉතාම සුලු පිරිසක් තමයි පෝසත් ජීවිත ගත කරන්නෙ. 😅

    මේකට ප්‍රධානතම හේතුව වෙන්නෙ රුසියානු ආර්ථිකය කියන්නෙ විශාල රැකියා ප්‍රමාණයක් බිහි කරන ආර්ථිකයක් නෙවෙයි. රුසියාවෙ මිනිස්සුන්ට රැකියාවල් තියෙනව. නමුත් ඒ රුසියාවෙ මිනිස්සුන්ට ඇති වෙන්න. (අමතක කරන්න එපා රුසියාව කියන්නෙ ලෝකේ ලොකුම රට සහ විශාල ආර්ථිකයක් තියෙන රටක්) ඔන්න ඔතනදි තමයි අපිට ලංකාවෙන් රුසියාවට එන අයියල ගැන කතා කරන්න වෙන්නෙ. 😂

    රුසියාවට ගිහින් ජොබක් හොයාගමුද ?

    මේ දවස් වල ලංකාවෙ ටීවී එකේ එහෙම ඇඩ් යනව , රුසියාවේ ඉගෙන ගන්න යමු, පාර්ට් ටයිම් කරමු, ලෝකේ සුපිරිම රට, ආයෙ රුසියාව වගේ රටක් නෑ, පුටින් තමයි ලොක්ක.. අපෙන් Visa ගහ ගත්තොත් පුටිං එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක් නොමිලේ වගේ ඒව. :lol: උබල ඡන්දේ දෙන්න යනකොට තර්කණ බුද්ධිය පාවිච්චි කරල තීරණ ගන්න වගේ ඔය ඇඩ් එකක් දැකල ගන්න සෙනික තීරණේකින් තමංගේ අතේ තියෙන සේසතම පුදගන්න කලිං මෙන්න මේ දේ තේරුම් අරං ඉඳපල්ල. 🤭

    ඔය වගේ ඇඩ් දාන්නෙ බොහෝ දුරට ඒජන්සිකාරයො. ඔය වගෙ ඇඩ් එකක් දැකල ඔය නම්බරේකට කතා කරපු ගමන් ඒජන්සිකාරයො දාන පලවෙනිම ගැටේ තමයි උබලට හීන ලෝකයක් මැවීම. රුසියාව තමයි ලෝකෙ හොඳම රට, උබලට රුසියාවට ගිහින් මේ වගේ ගේමක් ගහන්න පුලුවන්.. උබලට අපි මෙහෙම කරනව .. අරහෙම කරනව.. බ්ලා බ්ලා බ්ලා.. 😂😂

    රුසියාවේ අවුරුදු පහක් ඉන්න එකෙක් හැටියට මං දැන් මේ කියන දේ අහගනින්. ඔය කිසිම ඒජන්සි කාරයෙක් උබලට රුසියාවට එනකොට Work Visa ගහන්නේ නැත. උබලට ගහන්නෙ Student Visa එකක්.
    මේකට හේතුව? මේකට හේතුව තමයි රුසියාව කියන රටේ Work Visa එකක් ගන්න ටිකක් අමාරුයි(ටිකක් නෙවෙයි ගොඩක්). Work Visa ගහ ගන්න නං උබලට රුසියාවට ගියාට පස්සෙ උබල ඒ වැඩ කරන්න බලාපොරොත්තු වෙන ආයතනයට ලොකු වගකීමක් ගන්න වෙනව. උන්ට සෑහෙන ගානක් රුසියානු රජයට ගෙවල, උබලගේ ටිකට් වලට වියදම් කරල උබලව ගෙන්නගෙන පස්සෙ උබලව බොහොම පරිස්සමින් බලාගන්න වෙනව. උබල රුසියානු රජයට හෝ ජනතාවට අවැඩක් වෙන දෙයක් සිද්ධ කරොත් ඒකෙ වගකීමත් ඒ ආයතනයට ගන්න වෙනව. දැන් මට කියපන්, තමන්ගේ වැඩේ කරන්න , තමන්ගේ රටේ තමන්ගේ භාශාව තේරන වුන් ( භාශාව ගැන තව ටිකකින් කතා කරමු) ඕන තරන් ජොබ් ඇප්ලිකේශන් දානකොට වුන් අච්චර රිස්ක් එකක් අරගෙන , අච්චර ගානක් වියදම් කරගෙන උබලව මේ දූපතෙන් උන්ගේ රටට ගෙන්න ගනී කියල හිතනවද ? 😂😂 රුසියානුවෙක්ට කරන්න බැරි උබලට කරන්න පුලුවන් එහෙම දෙයක් තියෙනව නං පොඩ්ඩක් හොයල බලපන් උබලත් Work Visa සෙට් කරගන්න පුලුවං වෙයි. :P

    ඔන්න ඔය හේතුව නිසා තමයි ඒජන්සි කාරයෝ දිගට හරහට Student Visa ගහන්නේ. හේතුව විදේශිකයෙක්ට රුසියාවට ඉගෙන ගන්න එන්න බොහොම ලේසි ප්‍රොසෙස් එකක් තිබීම. රුසියාවෙ ඉන්න මට වුනත් කැමති නං මගේ ගෙවල් ලඟ තියෙන කැම්පස් එකකට ගිහින් වුන්ව ටිකක් ටෝක් කරල වුන්ව කැමති කරගන්න බැරි නෑ Student Visa ගහ ගන්න(හැමෝම නෙවෙයි). හේතුව තමයි වුන් කැමතී students ල තමන්ගෙ අතින් වියදම් කරගෙන ඇවිල්ල තමන්ගෙ කෝස් එකේ ගානත් කැම්පස් එකට ගෙවල තමන්ගේ කැම්පස් එකේ අධ්‍යාපනය ලබන එකට. හේතුව ඒකෙන් කැම්පස් එකට සල්ලි ලැබෙන නිසා. ඔන්න ඕක තමයි ඒජන්සිකාරයෝ පාවිච්චි කරන්නෙ රුසියාවට අපේ අයියලව ගෙන්නන්න. දැන් මෙතන තියෙන වැරද්ද මොකද්ද ? :no:

    වැරැද්ද තමයි, ඒජන්සිකාරයෝ අපේ අයියලට හීන ලෝකයක් මවනව... Student Visa එකේ ඉන්න ගමන් ජොබ් එකක් කරන්න පුලුවන් කියල. මෙතනදී තමයි භාශාව වැදගත් වෙන්නෙ. රුසියාවට එන ඕනම Student කෙනෙක් අවුරුද්දක් රුසියන් භාශාව ඉගෙන ගැනීම අනිවාර්‍යයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඔය අවුරුද්ද ඉවර වුනු ගමං උබවලට සුටු සුටු ගාල රුසියානු භාශාව කතා කරන්න පුලුවන් කියල. අඩුම වශයෙන් හොඳට රුසියානු භාශාව කතා කරන්න අවුරුදු එකහමාරක් විතර යනව. හැබැයි ඒජන්සි කාරොයො උබලට ඒක කියන්නෙ නෑ. මොකද ඔය සමහරක් එවුන් රුසියානු හෝඩියවත් දන්නෙ නෑ. ඒ නිසා බොහොම සරලව කියනව නං Student Visa ඇවිල්ල අවුරුදු එකහමාරක් යනකං උබලට ජොබ් නෑ. :rolleyes: හේතුව ? හේතුව මෙහෙ ඉංග්‍රීසි පඩේකට ගනන් ගන්නෙ නෑ. හැමදේම වෙන්නෙ රශියන් වලින්. ඒ නිසා රශියන් දන්නෙ නැති උබලගෙන් මෙහෙ උන්ට පඩේකටවත් වැඩක් නෑ. ඊට පස්සෙ අවුරුදු එකහමාරකින් ජොබ් එකක් හම්බෙයිද ? අවුරුදු එකහමාරකින් උබලව ගෙන්නපු ඒජන්සිකාරයො ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. :lol: ඊට පස්සෙ ගේම තියෙන්නෙ උබලගෙ අතේ. ඒ අවුරුදු එකහමාර උබල තමන්ගෙ අතින් වියදන් කරං ජීවත් වුනත්, බලාපොරොත්තු තියා ගන්න එපා අම්මට හුඩු භාශාව පුලුවන් උනාට පස්සෙ මම හොයනව හෙවිල්ලක් V8 එකක් බස්සන්න කියල. මොකද උබල මෙහෙ අවුරුදු පහක් කැඹුරුවත් එච්චර හොයන්න අමාරුයි (කුඩු විකුණුවොත් ඇරෙන්න). :no:

    ඒකට හේතුව තමයි මෙහෙ අවම පඩිය ඉතාම අඩුයි. රුසියානුවෙක්ට වුනත් ගෙවන අවම පඩිය සාමන්‍යයෙන් පැයට රූබල් 100-150ක් විතර . ගොඩක් ජොබ් වල අවම වශයෙන් දවසට පැය 12ක් වැඩ කරන්න වෙනව. උබලට එතකොට දවසේ පඩිය සෙට් වෙයි 1200-1500ත් අතර ගානක්. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 3000-3400 අතර ගානක්. දැන් හිතන්න එපා අම්මටහුඩු දවසට 3000ක් කියන්නෙ කැරි ගානක් නේ කියල. ඒ වගේම වියදමක් උබලට මෙහෙ ජීවත් වෙන්නත් යනව. ඔය ඔක්කොටම වියදම් වුනාට පස්සෙ උබල මෙහෙ එන්න කලින් දාපු ලෝන්, ගෙදර මිනිස්සුන්ට සල්ලි යවන්න තියෙන හීන, අඩුම තරමෙ තමන්ට හොද ඇදුමක් ගන්න, හොඳ ෆෝන් එකක් ගන්න වගේ හීනත් ගොඩක් වෙලාවට හීන විතරක් ම වෙනව.

    ඊලඟට අවසාන කාරණේ තමයි රුසියාවට ඇවිල්ල යුරෝප් පනින්න පුලුවන්ද ? පනින්න පුලුවන් උබේ බාප්ප පුටිං නං. :lol: ඉස්සර කාලෙ අපේ මාමල නැන්දල ඉතාලි පැන්න වගේ දැන් රටවල් වලට ගෙම්බෝ වගේ පනින්න බෑ. රුසියාව කියන්නෙ යුරෝපා සංගමයේ රටකුත් නෙවෙයි. එහෙම බෝඩර් පනින්න , මෙහෙ බෝඩක් උබලගේ අල්ලපු ගෙදර වැට වගේ හදල නැ.. අපේ අයියල ඔහොම පනින්න ගිහිල්ල මේ වෙනකොට ලංකාවෙ කොල්ලො සෑහෙන පිරිසක් රුසියාවේ හිරේ ඉන්නව කියල වටෙන් ගොඩෙන් ආරංචියක් ආව. ඒකත් හොයල බලන්න. හැබැයි ශුවර් එකටම දන්න දෙයක් තමයි ලංකාවෙ පාස්පෝට් එක නන්නත්තාර වෙලා වර්චස් වෙලා තියෙනව. බෝඩර් පනින්න නෙවෙයි ටුවර් එකක් දාන්න යුරෝපේ යන්න ඕනෙ කිව්වත් ඒකට සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනව. :frown:

    මට හම්බෙලා තියෙනව ඒජන්සි කාරයින්ට අහු වෙලා තමන්ගි ලමයින්ව ලංකාවෙ දාල වැඩ කරන්න බලාගෙන රුසියාවට ආපු කපල්, ලෙඩ ඇදේ ඉන්න තාත්තව දාල රුසියාවට ආපු වුන්, ගෙදර ඉඩම උකස් කරල ආපු වුන්, ලංකාවෙ කරන්න දෙයක් නැතුව ආතක් පාතක් නැතුව ඉඳල ආපු වුන්. ඔය වගේ ගොඩක් වුන්ට මං පුළුවන් විදිහට උදව් කරල තියෙනව. ඔය ඔක්කොම වුන් අවසානෙට බනින්නෙ ඒජන්ට් ට. හැබැයි ඒජන්ට් විතරක් නෙවෙයි වෙන රටකට යනව වගේ ලොකු තීරණයක් ගන්නකොට කිසිම හොයා බැලීමක් නොකරනව නන් ඒකට උබලත් වග කියන්න ඕන. :no:

    vladimir putin russia GIF

    ඒ නිසා සාරංශය විදිහට කියන්න තියෙන්නෙ..

    රුසියාව කියන්නෙ තමන්ට සල්ලි තියෙනව නං හොඳටම ආතල් දාන්න පුලුවන් රටක්, ගෑනු, අරක්කු, නයිට් ලයිෆ්, කල්චර් එක.. ඔය හැම දේම සුපිරියි.
    හැබැයි රුසියාව කියන්නෙ හම්බ කරන්න පුලුවන් රටක් නෙවෙයි.
    ඒ නිසා උබල රුසියාව කියන රටට කැමති නං, ඒ කල්චර් එකට කැමති නං, රුසියාවෙ ඇවිත් තමන්ගේ අතින් වියදම් කරගෙන ඉගෙන ගන්න වත්කමක් තියෙනව නං මෙහෙ අවුරුදු කීපයක් ඉඳල ආතල් එකක් දාල ඉගෙන ගන්න බලාගෙන වරෙල්ලා..
    හැබැයි ඉගෙන ගන්න ගමන් ගානක් හම්බ කරගෙන, තමන්ටත් වියදම් කරගෙන, ගෙවල් වලටත් කීයක් හරි යවල, මෙහෙ ඇවිල්ල දියුණු වෙන්න හිතන් ඉන්නව නං, වඩාත්ම සුදුසු දේ තමයි ඒ අදහස අත හැරල වෙන අතක් බලන එක.
    කවුරු කොහොම කිව්වත් මේ වෙද්දි ඕක තමයි යථාර්ථය.

    උබලට ප්‍රශ්න තියෙනව නං? දැනටම එජන්ට්ලට අහු වෙන්න ඔන්න මෙන්න ඉන්න එකෙක් නං, රුසියාව ගැන මොනව හරි දැනගන්න ඕන නං එක්කො ත්‍රෙඩ් එකේ අහපල්ල, නැත්තන් මට මැසේජ් එකක් දාපල්ල. පුලුවන් විදිහට උදව් කරන්නන්. එහෙනං අපි ගියාවෙ.. ! (y)
    ~රොබින්හුඩ් වගේ එකෙක්~
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    "දැන් මට කියපන්, තමන්ගේ වැඩේ කරන්න , තමන්ගේ රටේ තමන්ගේ භාශාව තේරන වුන් ( භාශාව ගැන තව ටිකකින් කතා කරමු) ඕන තරන් ජොබ් ඇප්ලිකේශන් දානකොට වුන් අච්චර රිස්ක් එකක් අරගෙන , අච්චර ගානක් වියදම් කරගෙන උබලව මේ දූපතෙන් උන්ගේ රටට ගෙන්න ගනී කියල හිතනවද ?"

    ඔව් යකෝ යක්ඛ පුත්තුන්ට එච්චර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    එහෙ උන් කියන්නෙත් ඔය ටිකමයි. එනවා නං විසිට් එකක් දාල යන්න වරෙන් ඉන්න අමාරුයි කියල.
    ජොබ් කරද්දී රෂියන් සිටිසන් උනත් මොස්කව් වගේ ඉන්න උන්ට අපාර්ට්මන්ට් එකේ රෙජිස්ට්‍රේෂන් ඕන නේද නැතිනම් ජොබ් නෑ කියන්නේ ඇත්තද ?

    අපාර්ට්මන්ට් ගැනත් දාපං බං යක්කයන්ට රෂියන් වින්ටර් එකට එළියේ ඉන්න අමාරු වෙයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කියලා තියෙන්නෙ සහතික ඇත්ත. යුරෝපේ ගොඩක් රටවල් වලත් ඔය විදියමයි
     
    • Love
    Reactions: Robinhood wage ekek

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එතකොට බං රුසියන් භාෂාවෙන් තියන කෝස් එකක් කරන්න කලින් රුසියන් උගන්වනවද ඊට පස්සෙ රුසියන් වලින් දිගටම ඉගෙනගන්න පුළුවන්ද🤔 මට මේක හෙන ප්රශ්නයක් මට
    සාමාන්‍ය living cost එක කීයක් වෙනවද මාසෙකට student කෙනෙකුට
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙ උන් කියන්නෙත් ඔය ටිකමයි. එනවා නං විසිට් එකක් දාල යන්න වරෙන් ඉන්න අමාරුයි කියල.
    ජොබ් කරද්දී රෂියන් සිටිසන් උනත් මොස්කව් වගේ ඉන්න උන්ට අපාර්ට්මන්ට් එකේ රෙජිස්ට්‍රේෂන් ඕන නේද නැතිනම් ජොබ් නෑ කියන්නේ ඇත්තද ?

    අපාර්ට්මන්ට් ගැනත් දාපං බං යක්කයන්ට රෂියන් වින්ටර් එකට එළියේ ඉන්න අමාරු වෙයි
    ඒක සෝවියට් කාලෙ ඉඳල එන වෙනම සීන් එකක්.. මෙහෙ තියෙනව රෙජිස්ට්‍රේශන් එක කියල කොලයක්...
    ඕක නෑ කියන්නෙ වීසා තිබ්බත් ඉලීගල් සිටිසන් කෙනෙක් වගේ තමයි. තමන් රුසියාවේ ජීවත් වෙන තැනින් තමයි ඕක දෙන්නෙ. දැන් ඉගෙන ගන්න එන එකෙක් කැම්පස් එකේ හොස්ටල් එකේ නැවතිලා ඉන්නව නං ඌට රෙජිස්ට්‍රේශන් එක හදන්නේ හොස්ටල් එකෙන්. එතකොට ඌව පාරෙදි පොලිසියෙන් නවත්තල චෙක් කරොත් ඌට ඔප්පු කරන්න පුලුවන් ඌ හොස්ටල් එකේ ඉන්නේ නැවතිලා කියල. අපාර්ට්මන්ට් එකක ඉන්න එකෙක් නං උට අපාර්ට්මන්ට් එක රෙන්ට් එකට දෙන එකා තමයි ඕක හදන්නෙ.

    ඊට පස්සෙ නිකමට හිතපන්කො අපි වෙන නගරෙකට යනව කියල විසිට් එකක් දාන්න. හැබැයි ඒ යන නගරෙ අපිට පරණ රෙජිස්ට්‍රේශන් එකෙන් දවස් හතකට වඩා ඉන්න බෑ.. එහෙ අලුත් රෙජිස්ට්‍රේශන් එකක් හදන්න ඕන. නොහද ඉඳල මාට්ටු වුනොත් නඩු. ඊට පස්සෙ විසිට් එක ඉවර වෙලා අපි ආපහු ගෙදර ඇවිල්ල අපි ඉන්න තැනට ආපහු රෙජිස්ට්‍රේශන් එක හදා ගන්න ඕන :lol: :lol: :lol:

    ඔය ප්‍රොසෙස් එක නිසා වෙන්නෙ හොරට වීසා ගහන් ආපු වුන්ට වීසා දික් කරගන්න බැරි කරනවා.. ඉගෙන ගන්න ආපු වුන්ට වෙන නගර වලට ගිහින් හොරෙන් රස්සා කරන්න බැරි කරනවා වගේ කේස් එකක් ;)

    අපාර්ට්මන්ට් ගැන කියනව නං ඉතින් තනි එකෙක්ට ඉන්න
    මාසෙට රූබල් 20K විතර අපාර්ට්මන්ට් එකක් හොයාගන්න පුලුවන්. මෙහෙ යුරෝපේ තරං ගිනි ගණං නෑ අපාර්ට්මන්ට් නං. හැබැයි වියදම් වෙනව ඇඟට නොදැනී. ඉන්න නගරෙ අනුවත් ගණං වෙනස් වෙනව.

    Tourist Visa wage enawanam travelling purposes, ohe inna un supportive nadda bun? English barida munta?

    එහෙම අවුලක් නෑ අවිල්ල ටුවර් එකක් දාල යන්න හොඳයි.. ලස්සනයි. මොස්කව් වලට වඩා මට නං සෙන්ට් පීටර්ස්බර්ග් ලස්සනයි. ලෝකෙ ලස්සනම නගර වලින් එකක්.
    ගොඩක් වුන්ට කඩ්ඩ බෑ, පුලුවං වුනුත් කතා කරන්න ලැජ්ජයි. හැබැයි ටුවරිස්ට් ලට වෙනම කල්චර් එකක් හැදිලා තියෙනව. ටුවරිස්ට් කියල තේරුණාම පුලු පුලුවන් විදිහට කට්ටිය සපෝර්ට් කරනව. මිනිස්සු පාරෙදි නං ඉන්නෙ ඉතින් හෙන සිරා සීන් එකේ.. මූ බලල හිනා වෙන්නෙ නෑ. සීරියස් ඉන්නෙ. ඒක මුන්ගේ හැටි ඉතින්.
    ------ Post added on Dec 28, 2021 at 9:49 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    Thanks machan. Dan ithin Travelling kiyanneth heena thamai. Kanna $$$$ nathuwa mona travelling da?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එතකොට බං රුසියන් භාෂාවෙන් තියන කෝස් එකක් කරන්න කලින් රුසියන් උගන්වනවද ඊට පස්සෙ රුසියන් වලින් දිගටම ඉගෙනගන්න පුළුවන්ද🤔 මට මේක හෙන ප්රශ්නයක් මට
    සාමාන්‍ය living cost එක කීයක් වෙනවද මාසෙකට student කෙනෙකුට
    රුසියන් භාශාවෙන් තියෙන කෝස් එකක් කරන්න කලින් අනිවාර්‍යයෙන් අවුරුද්දක් ( අවුරුද්දක් කිව්වට ඇත්තටම ඒ කෝස් එක මාස 8යි) රශියන් ඉගෙන ගන්න ඕන. ඒක පාස් වුනාට පස්සෙ තමයි යුනි එකකට ඇතුලත් කරගන්නෙ. ඊට පස්සෙ කෝස් එක රශියන් නං දිගටම රශියන් වලින් තමයි ඉගෙන ගන්න වෙන්නෙ. ඒක තීරණය වෙන්නෙ තමං කොච්චර ඉක්මණට භාශාව අල්ලගන්නවද කියන එක අනුව. කොහොම කරත් කෝස් එකේ පලවෙනි අවුරුදු 1 , 2 ලෙක්චර් එකකට ගියොත් ඒකෙන් තේරෙන්නෙ 40% - 60% විතර තමයි. ඒ නිසා යාලුවො හදාගෙන උන්ගෙන් උදව් ඉල්ලගන්න වෙනව ටිකේ. මුල් අවුරුදු දෙක කොහොමත් කට්ටක් තමයි.

    නිකමට හිතපන්කො සුද්දෙක් ලංකාවට ඇවිල්ල අවුරුද්දක් සිංහල ඉගෙන ගෙන ලංකාවෙ යුනියක සිංහලෙන් ඉගෙන ගන්න ගියාම කොහොම තියෙයි ද ? ඒ වගේ තමයි.

    ලිවින් කොස්ට් එක තීරණය වෙන්නෙත් පුද්ගලයා අනුව තමයි. මාසෙට කොහොමත් රුපියල් 30 - 35000 කින් විතර ශේප් වෙන්න පුලුවන් තමං උයාගෙන කරගෙන ගේම ගහනව නං (මේ ගාන හොස්ටල් එකේ ඉන්නව නං) ඊට අමතරව හැම අවුරුද්දකම කෝස් ෆී එක,වීසා,හොස්ටල්,ඉන්ශුවරන්ස් වලට දරන්න ඕන අනිවාර්‍ය්‍ය වියදම් ටිකක් තියෙනව. ඒව යුනි එකෙන් යුනි එකට වෙනස් වෙනව.
     
    Russia එනවනං scholarship එකකින් එන එක තමා වාසි නේ ඒ කියන්නේ එතකොට hostel fee එකට electricity ,water,food වගේ ඒවා කවර් වෙන්නැද්ද ඒවට වෙනම ගෙවන්න ඕනද ? anyway thank you machan 🤩 මේවා කියලා දෙනවට ගියපු උංගෙං ඇහුවට කියන්නෑ වැඩිය
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Russia එනවනං scholarship එකකින් එන එක තමා වාසි නේ ඒ කියන්නේ එතකොට hostel fee එකට electricity ,water,food වගේ ඒවා කවර් වෙන්නැද්ද ඒවට වෙනම ගෙවන්න ඕනද ? anyway thank you machan 🤩 මේවා කියලා දෙනවට ගියපු උංගෙං ඇහුවට කියන්නෑ වැඩිය
    හොස්ටල් ෆී එකට electricity,water කවර් වෙනව. කෑම කවර් වෙන්නෙ නෑ. මෙහෙ full scholarship නෑ දන්න තරමින්, තියෙන්නෙ half schol විතරයි. ඒ කියන්නේ මාසෙට පොඩි ගානක් යුනි එකෙන් දෙනව, ඊට අමතරව කෝස් එක ෆ්‍රී. අනික් සේරම වියදම් තමං දරන්න ඕන. මම නං දන්න උන්ට කියන්නෙ එනව නං scholarship එකක් සෙට් කරංම වරෙන් කියල පුලුවන් තරං. එහෙම නැත්තං සල්ලි වියදම් කරගෙන ඇවිත් ඉගෙන ගන්න එකේ තේරුමකුත් නෑ. ඒ වියදම් කරන ගානෙන් කඩ්ඩ කතා කරන රටකට යන එක ඊට වඩා ලාබයි. ✌️
     
    • Love
    Reactions: Amare machan

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    රුසියන් උන් රේසිස්ට් කියනවා නේද.
    ඔය සල්ලි වියදම් කරලා රට යන්න හදන කෙනෙක්ට ජඔඅන් වගේ ගියානම් මොකක් හරි ගේමක් ගහ ගන්න ප්ලුවන් වෙයි.තැන්ක්ස් සගෝ