රුසියාව, වසර 47 කට පසු, සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීමට සූදානම් වෙයි. සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත මෙම යානයේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීමය.
‘ලූනා 25’ නමැති මෙම යානය, සඳ බලා යෑම අද (11) දිනයේ සිදුවනු ඇතැයි පැවැසෙයි. යානය අභ්‍යවකාශයට ගෙන යෑම සිදු කරනු ඇත්තේ රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනයට අයත් ‘සෝයුස් 12’ රොකට්ටුවේ ආධාරයෙනි.
‘ලූනා 25’ යානය රැගත් රොකට්ටුව, වොස්ටොච්නී අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වීමට නියමිතය. ‘ලූනා 25’ යානය සඳට ගොඩබෑම සිදු කරනු ඇත්තේ ලබන අගෝස්තු 23 වැනිදාය.
රුසියාව, සඳට රොබෝ ගවේෂණ යානා යැවීම කළේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේදීය. එදා සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතරේ පැවැතියේ නිරවි යුද්ධයකි.
අභ්‍යවකාශය ජය ගැනීම සහ සඳ තරණය වෙනුවෙන් දෙරට අතර සටනක් පැවැතිණි. එම සටන අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැවීමෙන් පසුවය.
https://www.aljazeera.com/news/2023...-first-mission-to-the-moon-in-nearly-50-years
Last edited:

