රුසියාවේ ඔත්තු බලන යැංකි යානා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාවේ ඔත්තු බලන යැංකි යානා

    i64Nzye.jpg

    නේටෝ සංවිධානය රුසියාවේ බටහිර දේශසීමාවේ සිය යුද ශක්තිය වර්ධනය කිරීම වේගවත් කරන්නට පටන් ගත්තේ 2014 වර්ෂයේදී රුසියාව විසින් ක්‍රිමියාව ආක්‍රමණය කිරීමත් සමගයි.සෝවියට් දේශයේ කොටස් වශයෙන් පැවති රටවල් ක්‍රමක්‍රමයෙන් රුසියාවෙන් ඈත්ව නේටෝ සංවිධානයට එක්වීම හරහා කලාපය තුල රුසියානු බලපෑම අවම කරන්නට සමත්ව තිබේ.මේ අතරතුරු රුසියාවේ බටහිර දේශසීමාවට ඉහළ අහසේ නේටෝ-රුසියා ගුවන් යානා පුවත් මවන්නට පටන් ගෙන ඇත.රුසියාවේ ඔත්තු බලන්නට පැමිණි ඇමෙරිකානු ඔත්තු බැලීමේ යානා රැසකට බාධා කිරීමට රුසියානු යුද ගුවන් යානා ක්‍රියා කල බව සතියක පමණ කාලයක පටන් වාර්තා පිට වාර්තා නිකුත් විය.රුසියානු විශේෂඥයින්ට අනුව නම් එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සංවිධානය දිගින් දිගටම ඔවුන්ගේ ඔත්තු බැලීමේ යානා රුසියාව දෙසට එවන්නේ රුසියාවේ ආරක්ෂාව සම්බන්ධව තිබෙන මොනයම් හෝ දුර්වලතාවයක් අනාවරණය කරගැනීමට බවයි.

    7FvfGRq.jpg

    මෙම සිදුවීම් දාමයේ ආසන්නතම සිද්ධිය ඉතා බරපතල එකකි.2017 ජූනි 21 දා රුසියාවේ සිට කලීනින්ග්‍රාඩ් වෙත පියාසර කරමින් තිබූ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු ගේ නිල ගුවන් යානය පසුපස නේටෝ සංවිධානයට අයත් එෆ්-16 සුපර්සොනික් බහු කාර්යය ප්‍රහාරක යානයක් පැමිණ තිබේ.එෆ්-16 ප්‍රහාරක යානය රුසියානු ගුවන් යානයට පසෙකින් ඉතා ආසන්නයෙන් පියාසර කරන අයුරු වීඩියෝ පටයක දැක්වේ.බෝල්ටික් මුහුදට ඉහළ අහසේදී සිදුවූ මෙම සිද්ධියේදී එෆ්-16 යානය පලවා හරින්නට සුකොයි-27 ප්‍රහාරක යානයක් ක්‍රියා කලේය.සුකොයි-27 යානය පැමිණ තිබුණේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ගුවන් යානය ඇරලවීම සඳහාය.එෆ්-16 ප්‍රහාරක යානය ක්‍රමයෙන් ඊට සමීප වීමත් සමග ක්‍රියාත්මක වූ සුකොයි-27යානය සිය අවි පද්ධති සහිත යටි පැත්ත නේටෝ නියමුවාට ප්‍රදර්ශනය කරන අයුරු වීඩියෝවේ පෙනෙන්නට තිබේ.එකෙනෙහිම එෆ්-16 යානය රුසියානුවන්ගෙන් ඈත්ව යයි.

    ඉහත සිද්ධියට අදාල වීඩියෝපටය


    ජූනි මස 19දා රුසියානු සුකොයි-27 යානයක් විසින් ඇමෙරිකානු ආර්සී-135 ඔත්තු බැලීමේ යානයකට බාධා කරන ලදි.ඇමෙරිකානු යානය අනාරක්ෂිව රුසියානු යානය දෙසට හැරවීමක් සිදුකල බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.නමුත් සුකොයි-27 යානයේ නියමුවා ඇමෙරිකානු ඔත්තු බැලීමේ යානය හඹා යෑම නොනවත්වා කරගෙන ගොස් තිබේ.පසුව ඇමෙරිකානුවන් රුසියානු දේශසීමාව දෙසට ගමන් කිරීම නවතා වෙනතකට පියාසර කර තිබේ.

    එම සිද්ධියෙන් මිනිත්තු 10කට පමණ පසුව එම ගුවන් කලාපයට තවත් ආර්සී-135 යානයක් ඇතුලුවද එයට බාධා කරන්නට සුකොයි-27 යානයේ නියමුවා ක්‍රියාකර තිබේ.පසුගිය සතියක පමණ කාලය තිස්සේ බෝල්ටික් ප්‍රදේශයට ඉහළ අහසේ රුසියානු දේශසීමාව සමීපයේ ඇමෙරිකානු සහ නේටෝ ඔත්තු බැලීමේ යානා මෙහෙයුම් ගමන් වාර 15කට වඩා සිදුකර තිබේ.නමුත් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව පවසන්නේ ඔවුන් මෙහෙයුම් සිදුකරන්නේ ජාත්‍යන්තර ගුවන් අවකාශයේ බවත් ඒවායි කිසිදු ආකාරයකින් ප්‍රකෝප කරවීමක් සිදුනොවන බවත්ය.පහත දැක්වෙන්නේ මෙම සිද්ධියට අදාල එක්සත් ජනපදය විසින් මාධ්‍ය වෙත නිකුත් කල ඡායාරූප කිහිපයකි.

    vvl766K.jpg


    ezZOeCm.jpg


    9qX5I6f.jpg


    iC0N147.jpg


    wvPImeP.jpg


    SERmKC1.jpg


    බෝල්ට් ඔප්ස් නම් නේටෝ යුද අභ්‍යාසය පැවති සමයේ සුකොයි-27 යානයක් එක්සත් ජනපදයේ කේසී-135 ගුවන් ඉන්ධන පිරවුම් ගුවන් යානයක් ආසන්නයෙන් පියාසර කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පෙන්ටගනය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි(පහත දැක්වෙන්නේ එම ඡායාරූප පෙළයි).මෙය සිදුව තිබුණේ ජූනි මස 9 වනදා බෝල්ටික් මුහුදට ඉහළ අහසේදීය. නාවුක යුද අභ්‍යාස මාලාවක් ලෙස පැවති බෝල්ට් ඔප්ස් සඳහා නේටෝ රටවල් 12ක් සහ පින්ලන්තය සහ ස්වීඩනය සහභාගී විය.එය ජුනි 1-16 දක්වා පෝලන්ත මුහුදු සීමාවේ පැවැත්විණි.

    SF7ZXEf.jpg


    BZERA0Y.jpg


    4Bm79Yx.jpg

    ජූනි මස 6 වෙනිදා රුසියානු දේශසීමා දෙසට පියාසර කරමින් තිබූ ඇමෙරිකානු බී-52 බෝම්බ හෙළන යානයකට බාධා කර එහි ගමන් මාර්ගය වෙනස් කරන්නට තවත් සුකොයි-27 යානයක් ක්‍රියා කලේය.

    9JSXRhs.jpg
    ඇමෙරිකානු බී-52 බෝම්බ හෙළන යානයක්​

    බෝල්ටික් කලාපයට ඉහළින් සිදුකරන හමුදාමය පියාසැරි වලදී සම්ප්‍රේෂණ ප්‍රතිචාරක භාවිතා කිරීමට නිල ගිවිසුමක් අත්සන් කිරීම ගැන යෝජනාවක් රුසියාව විසින් පසුගිය වසරේ රුසියා-නේටෝ හමුවකදී ගෙන ආවේය.සම්ප්‍රේෂණ ප්‍රතිචාරක යනු ගොඩබිම සිට ගුවන් යානා හඳුනාගැනීම,ඒවායේ ගමන් මඟ,උස ආදිය තහවුරු කරගත හැකි උපකරණ විශේෂයකි.කෙසේවෙතත් නේටෝ සංවිධානය රුසියානු යෝජනාවට ප්‍රතිචාරයක් නොදැක්වීය.රුසියානු දේශසීමාව ආසන්නයේ කරක්ගසන ඇමෙරිකානු ඔත්තු බලන යානාවලට රුසියානු ගුවන් හමුදාවෙන් බාධා එල්ලවීම ඉහළ ගොස් තිබෙන්නේ මේ නිසාවෙනි.

    WY3uBsK.jpg
    රුසියානු සුකොයි-27 යානයක්​

    රුසියානු ඔත්තු බැලීමේ යානා ඇමෙරිකානු භූමියේ ඔත්තු බැලීම් කරන්නේ නැත.රුසියාව සහ සෝවියට් දේශය සම්බන්ධව ඔත්තු බැලීමේදී ඇමෙරිකාවට දිගු ඉතිහාසයක් තිබේ.වරක් ඔවුන්ගේ යූ-2 ඔත්තු බැලීමේ යානයක් සෝවියට් දේශය විසින් විනාශ කලේ එය සෝවියට් ගුවන් සීමාව උල්ලංඝනය කල නිසාවෙනි.නමුත් ඇමෙරිකාව දිගින් දිගටම රුසියාවේ ඔත්තු බැලීමට ගුවන් යානා එවයි.ප්‍රකෝප කරවීම් සිදුකරන්නේ කවුරුන්දැයි පැහැදිලිය.මෙවැනි සිදුවීම් හරහා දුර්වල තත්ත්වයක තිබෙන රුසියා-ඇමෙරිකා සබදතාවලට තවත් හානි පැමිණීම නොවැළැක්විය හැකිය.

    v2dmHOA.jpg
    එක්සත් ජනපදයේ RC-135 ඔත්තු බැලීමේ යානයක්​

    නේටෝ ඔත්තු බැලීමේ යානාවල ගමන් මාර්ග බොහොමයක් වැටී තිබෙන්නේ රුසියාවේ 6වන ගුවන් සහ ගුවන් ආරක්ෂක බලකා හමුදාව යටතේ පවතින ප්‍රදේශය තුලයි.රුසියානු ගුවන් හමුදාව සතු බලවත්ම සහ ප්‍රබලව සන්නද්ධ උපායමාර්ගික ඒකකය වන්නේද මෙයයි.එය රුසියාවේ බටහිර ප්‍රදේශයේ කලාප 29ක ගුවන් අවකාශය මෙන්ම රුසියානු දේශසීමාවෙන් කි.මී.3750ක දුරක්ද ආරක්ෂා කරයි.නේටෝ රටවල් සමග යම් අවස්ථාවක යුද ගැටුමකට මැදිහත්වන්නට සිදුවුව හොත් සතුරු ගුවන් හමුදාවේ ගුවන් සහ මිසයිල ප්‍රහාරවලට බාධා කරන්නේ ඉහත කී ඒකකයයි.

    ඇමෙරිකානුවන් උත්සාහ කරන්නේ එම කලාපය භාර රුසියානු ඒකක සෝදිසි කිරීමටයි.රුසියානු දේශසීමා ආසන්නේ නිරන්තරයෙන් පියාසර කරන්නේ ඇමෙරිකානු ආර්සී-135 ඔත්තු බැලීමේ යානාය.මේවා ඉලෙක්ට්‍රොනික් පෙරික්සුම් යානා වන අතර රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක කාර්යාංශ දේශසීමා ආරක්ෂක ඒකක වැනි හමුදා ඒකක එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට භාවිතා කරන රේඩියෝ සංඛ්‍යාත හඳුනාගැනීම ඒවායේ අරමුණ වේ.

    nuLk2Pj.jpg
    රුසියානු Su-27 යානයක්(ඉහළ) සහ ඇමෙරිකානු F-16 යානයක්​

    එවැනි තොරතුරු රැස් කරන්නේ සැලසුම් සහගත සංග්‍රාමයක් උදෙසාය.එලෙස හඳුනාගන්නා සංඛ්‍යාත පරාස ආකාර දෙකකට යුද්ධයකදී භාවිතා කරයි.සතුරන්ගේ සන්නිවේදනයට රහසේ සවන්දීම සහ ඊට බාධා පැමිණ වීම ඒ ඔස්සේ සිදුකරයි.රුසියාව ආසන්නයේ සිදුකරන නේටෝ යුද අභ්‍යාසවල සැඟවුණු සත්‍යය වන්නේ රුසියානු ආරක්ෂාවේ හිඩැස් රහසිගත හඳුනාගැනීමයි.බටහිර ඔත්තු සේවාවල එක් විශේෂිත කර්තව්‍යයක් වන්නේ 6වන ගුවන් සහ ගුවන් ආරක්ෂක බලකා හමුදාවේ සහ රුසියානු බටහිර හමුදා දිස්ත්‍රික්කයේ ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති ස්ථානගත කර තිබෙන්නේ කොහේදැ‍යි සොයාගැනීමයි.

    පසුගිය දශකය තුල මෙම දිස්ත්‍රික්කයේ ආරක්ෂාවට ගුවන් ආරක්ෂක පද්ධති රැසක් යොදවන්නට රුසියානු හමුදා නායකත්වය ක්‍රියාකලේය.ගුවන් ප්‍රහාරයකදී එස්-300 එම්පී සහ එස්-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිවලට කි.මී. 400 දුරක තිබෙන ඉලක්ක පවා විනාශ කල හැකිය.සතුරන්ට පළමු ආරක්ෂක වළල්ල පසු කර යෑමට හැකි වුවහොත් මැදි දුර එස්-300 පීඑස් සහ එස්-350 විට්යාස් මිසයිල පද්ධතිවලට මුහුණදීමට සිදුවේ.එම ආරක්ෂක වළල්ලද මඟ හැර එන සතුරු යානා සහ මිසයිල කෙටි දුර මිසයිල/ අවි පද්ධතියක් වන පැන්ට්සර්-එස්1 හමුවේ විනාශ වේ.

    kk6fsGM.jpg
    ක්‍රිමියාවට යැවූ S-400 මිසයිල පද්ධති​

    අවශ්‍ය අවස්ථාවකදී මේ පද්ධති පාබල හමුදාවල ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති වන දිගු දුර එස්-300වී,බක්-එම්2 ,ටෝර් එම්2 යනාදියෙන් ශක්තිමත් කල හැකිය.ඇමෙරිකානු ඔත්තු බැලීම් යානාවලට පැවරී තිබෙන්නේ රුසියාවේ ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති ස්ථානගත කර තිබෙන ස්ථාන නිවැරදිව හඳුනාගැනීමයි.ඒ අතරතුර ඔත්තු බැලීමේ යානාවලින් ලබාගත් දත්ත පදනම් කරගෙන ඇමෙරිකානු චන්ද්‍රිකා එම කලාපයේ සිතියමක් නිර්මාණය කරයි.රේඩාර් පද්ධති සහිත අවි පද්ධතිවල වර්ග,සංඛ්‍යාව සහ නිශ්චිත පිහිටීම ආදිය සිතියම් ගත කෙරේ.

    මෙහිදී රුසියානු ගුවන් නියමුවන්ද ඇමෙරිකාවේ සැලකිල්ලට භාජනය වේ.රුසියානු ජෙට් යානා කොතරම් ඉක්මණින් ක්‍රියාත්මක වේද,ඔවුන්ගේ යානාවල වේගය,ගැටුමකට තිබෙන කැමැත්ත,ඔවුන් භාවිතා කරන රේඩියෝ සංඛ්‍යාත ආදිය පමණක් නොව නියමුවන්ගේ නිර්භීතබාවයද ඇමෙරිකානුවන් විසින් මැන බලයි.පසුගියදා නේටෝවේ එෆ්-16 ප්‍රහාරක යානයක් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ ගුවන් යානය ආසන්නයෙන් පියාසර කිරීම මෙම සිදුවීම් දාමයේ බරපතල සිද්ධියයි.එවැනි ඉහළ පෙලේ නායකයෙක් ගමන් කරන යානයකට බාධා කිරීම මහා පරිමාණ යුද්ධයකට මග පෑදීමකි.



    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ඔය මොනව කරත් ඔය රටවල් දෙක කවදාවත් යුධයකට යයි කියල හිතන්න අමාරුයි බන් එහෙම උනොත් ලෝක විනාසේ තමයි මොකද nuclear war එකකින් කව්රුත් දිනනෙත් නෑ ඉතුරු වෙන්නෙත් නෑ.
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මෙව්වා නේ යකෝ ප්‍රශ්න .... සිරාවට පට්ට බන්.. ස්තූතී දෑනුවත් කලාට