රුසියාවේ ජර්මානු ඔත්තුකරු (බඩුකරු)

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉතින් බ්‍රදර්ස් උඹලා මේ අමාරු කාලෙ හොඳ නිව්ස් එකක්වත් හරියට අහන්න නැතුව ඉතා දුකසේ ඉන්න නිසා පොඩි motivation එකක් දෙන්න මේක ලියන්නේ. මොකද මේකේ දකින්නෙත් ඔලුවේ කැක්කුම හැදෙන දේශපාලන ත්‍රෙඩ්මනේ. ඉතින් තවත් බලන් ඉඳල වැඩක් නෑ. මෙයා ගැනනං ලියන්නම ඕන. මේක දිග කතාවක්.

    ඇත්තටම ලෝකේ හොඳ තැනක් කරන්න මිනිස්සු කීදෙනෙක් ඕනෙද? 🤔

    වැඩියම ඕනෙත් නැහැ කියලා හිතෙනවා මේ පුද්ගලයගේ වගතුග ඇහුවම. ඔහු සුපිරි චරිතයක්, ඒ වගේම බඩුකාරයෙක්. තමන්ගේ වින්දනය පැත්තක තියල ලෝකේ යහපතට වැඩ කරපු කෙනෙක්. හැබැයි ඒ අතරම මොන ප්‍රශ්න තිබ්බත් පැණි ටිකක් ලෙව කාපු කෙනෙක්. 🍯

    ඉතින් කවුද මේ හොඳටම කරපු සර් ? එයාගේ නම රිකාඩ් සෝගේ. (Richard Sorge) රිකාඩ් කියන්නේ එයා ජර්මානුවෙක් නිසා. හිටියේ දැනට වඩා පට්ට අමාරු කාලෙක. පේනවනේ ? පෙනුම තියෙන කොල්ලා...

    00sorge8.jpg

    මෙයාගේ තාත්තා ජර්මන් ජාතික ඉංජිනේරුවෙක්. නුමුත් අම්මා රුසියානු කාන්තාවක්. ඒගොල්ලන්ව අනුයුක්ත කරලා තිබුණා ඒ කාලේ සෝවියට් දේශයට අයිති අසර්බයිජානයේ වැඩ වගේකට. එහෙදි තමා රිකාඩ් ඉපදුණේ. නමුත් එයාගේ පොඩි කාලෙම ඔක්කොමල එක්කම ජර්මනියට පදිංචියට ගියා. ඉතින් එහෙදි තමා ඉස්සෙල්ලම රිකාඩ්ට මල් නෙලන්න ලැබෙන්නේ.

    ඉතින් මිත්‍රවරුනි, මේ සෝගේ ගැන කතාව කියන්න කලින් මට මේ සභාවේ අවසර ගන්න වෙනවා පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක සෙට් කරන්න.

    ඉස්සෙල්ලම පවුලේ විස්තර - රිකාඩ්ගේ තාත්තා නොම්මර එකේ ජාතිකවාදියෙක්. නමුත් රිකාඩ්ගේ මුත්තෙක් හිටියා ෆ්‍රීඩ්රික් සෝගේ කියලා. එයා කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් සමග එකට වැඩ කළ කෙනෙක්. ඉතින් පොඩිකාලේ ජර්මන් ජාතිකවාදය පසුබිම් වුනාට රිකාඩ්ට එක්තරා සිද්ධියකින් පස්සේ එපා වුනා. මෙහෙමයි වුනේ.

    මෙයා ජර්මන් හමුදාවට බැඳිලා 1 වෙනි ලෝක යුද්දයේදී සටන් කළා. ඉතින් ඒකට හම්බෙච්ච තෑග්ග තාම බරපතළ තුවාල වීම. අවුරුදු 21යි. ඇඟිලි 3ක් නැති වුනා කකුල් දෙකම කැඩිලා ඇඳේ ඉන්න වුනා. සනීප වුනාට පස්සෙත් ජීවීත කාලෙම කකුලේ ඇදයක් එක්ක තමා ඉන්න වුනේ.
    ඉතින් මේ වගේ අනාත වෙලා ඉන්න කොට කරන්න හොඳම වැඩේ මොකද්ද?

    Richard_Sorge_in_the_hospital,_during_World_War_I.jpg

    කාන්තා පහසක් ලබා ගැනීම කියල ලිව්වනං උත්තරේ හරි. 🌸නර්ස් කෙනෙක් එක්ක යාලු වුනා.🌸
    මේ නර්ස්ගේ තාත්තා මාක්ස්වාදී අදහස් තිබ්බ කෙනෙක්. එයාගේ කතා ඇහුවම සෝගේට තේරෙනවා යුද්දේ කියන්නේ මොන බොරුවක්ද කියල. ඉතින් අන්තෙටම කලකිරිලා ගෙදර ගිහින් අවුරුදු 24 වෙනකොට දේශපාලන විද්‍යාව ගැන ආචාර්ය උපාධියකුත් ගන්නවා. නමුත් රිකාඩ්ගේ දේශපාලන අදහස් වලට ජර්මනියෙන් කිසිම සහයෝගයක් හම්බුනේ නෑ. රටිනුත් යන තැනට වැටුනා. ඉතින් ලොක්ක කෙලින්ම ගියා රුසියාවට. එහෙදි රිකාඩ්ගේ අගය තේරුම් ගන්න රුසියානුවෝ එයාව ඔත්තුකාරයෙක් විදිහට බඳවාගෙන ආපහු ජර්මනියට එව්වා.

    ගේම් අංක 1
    දැන් තමා ගේම් එකට එන්ටර් වෙන්නේ.
    මොන ගේම් එකද?

    රිකාඩ්ට සෙට් වෙනවා එයට උගන්නපු මහාචාර්යතුමෙකුගේ 🌸 බිරිඳක් 🌸
    ඒ කුල කත රිකාඩ් ගැන කියන්නේ මෙහෙමයි. ' එයාව දැක්ක ගමන් නිකන් විදුලියක් කෙටුව වගේ වුණා, නිදාගෙන හිටපු එක්තරා රහසිගත හැඟීමක් අවදි වෙලා මුලු ජිවිතේ පුරාම තිබ්බා' කියල. හැබැයි මතක තියාගන්න. අවදි වුණේ මේ කුල කතගේ හැඟීම් විතරක් නෙවෙයි. තව දේවල් අවදි වුණා.

    ඉතින් අපේ රිකාඩ් මේ කුල කාන්තාව බැන්ද. බැඳලා රුසියාවට ගියා.

    දැන් ටිකක් මේ කතාව කොට කරන්න වෙනවා.

    රුසියාවේදී වැඩ රාජකාරි කරන්න ඔහුගේ තිබ්බ අධික කැප වීම නිසාම එයාට දික්කසාද වෙන්නත් සිද්ද වෙනවා. ඊට පස්සේ රුසියන් උපදෙස් මත රිකාඩ් ආපහු ඇවිත් නාසි පක්ෂයේ සාමාජිකත්වය අරගෙන රුසියන් ඔත්තුකරුවෙක් විදිහට ජර්මනියේ වැඩ කරනවා. මේක අන්තිම භයානක වැඩක් වුනත් සෝගේ උවමනාව තිබ්බේ යහපතක් කරන එක විතරයි.

    ඉතින් එයා යනවා ජර්මන් මාධ්‍යවේදියෙක් විදිහට චීනෙට. ගිහින් චීන සංස්කෘතිය ගැන සහ භාෂාවත් ඉගෙන ගන්නවා මොකද බුද්ධි තොරතුරු වලට වැදගත් නිසා.
    ඒ වගේම චීනේදී අපේ මිත්‍රයාට තවත් රුසියානු කතක් හම්බෙනවා. නම 🌸යෙකැතරිනා.🌸 ඉතින් එයාව බඳිනවා. මොකද ? එව්වත් වැදගත් නිසා.
    ekat.JPG

    ඉතින් මේ දෙන්නත් එක්ක රුසියාවට ආවත් දෙන්නට එකට ඉන්න වෙන්නේ ඉතාම පොඩි කාලයයි. රිකාඩ්ට ජපානෙට යන්න වෙනවා බාරදුර වැඩකට. ඒ වැඩේ තමයි ජපානය ඇතුළේ රුසියානු ඔත්තු ජාලයක් හදන එක.

    ඇත්තම කිව්වොත් රිකාඩ් සහ යෙකැතරිනාගේ අවුරුදු 10ක විවාහයේදී දෙන්නට එකට ඉන්න ලැබෙන්නේ මාස 6ක් විතරයි. රිකාඩ් විවිධාකාරයෙන් ජපානයේදී බිසී වෙනවා. ඒ වගේම රිකාඩ්ගේ මරණයට අවුරුද්දකට කලින් පිස්සු රුසියානු බලධාරීන් ඔහුගේ මේ බිරිඳව සයිබීරියාවට පිටුවහල් කරලා මරල දානවා. 1940 ගණන් වලදී. මේ ගැන ඔහු නොදැන හිටි බව තමා කියන්නේ.

    හරි, අපි එමු රිකාඩ්ගේ ජපානයේ වැඩ වලට.

    මේ ඇවිල්ල 1933 වසර. උඹේ සීයා තමුන්ගේ මුණුපුරාලා tik tok කර කර වාත වෙවී ඉඳියි කියල හීනෙකින්වත් නොහිතපු කාලේ.

    ඉතින් අද වගේම මේ කාලෙත් රුසියාවට සහ චීනෙට අමාරු කාල පරිච්චේදයක්.

    රුසියාවේ චීන දේශ සීමාව මේ කාලේ ජපන්නු අල්ලගෙන රුසියාවත් එක්ක යුද්ද කර කර හිටියේ. ජප්පෝ දැන් මහත්වරු වගේ හිටියට අමු තිරිසන් වැඩ කළේ ඒ කාලේදී. චීනයේ කොටසක් යටත් කරගෙන සත්තුවත් නොකරන වධ හිංසා දුන්න චීන්නුන්ට. එක උදාහරණයක් පණ පිටින් අවයව කඩා ගැනීම, දරුවන් පොළොවේ ගහල මැරීම.... ජපන්නු මතයක් හදල තිබ්බා චීන්නු කියන්නේ වහල්ලු කියලා. චීන්නු විතරක් නෙවෙයි යටත් වැසියෝ ඔක්කොම සැලකුවේ එහෙමයි. ලංකාවටත් බෝම්බ දැම්මා, එකක් අංගොඩ මානසික රෝහලටත් වැටිලා ගොඩක් අය මැරුණා කියල දන්නවනේ?

    ඉතින් රුසියාවට මේ කාලේ ඇත්තටම තර්ජනය තිබ්බේ ජපානෙන්. ඉතින් අවධානය ඒ පැත්තට දාල තියෙද්දී
    බටහිර පැත්තෙන් නාසි ජර්මනියත් සෙට් වුනාම ආතල් එක උපරිමයි. හරියට නිකං බෙල්ල දෙපැත්තට හරෝ හරෝ ඉන්නවා වගේ වැඩක්. ඉතින් ජාමේ බේරගන්න ඕන නිසා මේ රටවල් දෙකම එක්ක සමගි සන්ධාන දෙකක් ගැහුවා රුසියාව. හැබැයි දැනගෙන හිටියා මුන් කිසිම විදියකින් විශ්වාස කරන්න බැරි බව.

    ඉතින් රිකාඩ්ගේ ජපානේ සාර්ථකත්වය රුසියාවට අතිශය තීරණාත්මක වුනා.

    තව දෙයක්. මේ වෙලාවේ රිකාඩ් හිටපු තත්වය දිහා පොඩ්ඩක් බලන්න ඕන. එක පැත්තකින් ජර්මානුවෙක් වෙලාම නාසීන්ට විරුද්ධව ඔත්තු බලනවා. අනික් පැත්තෙන් අන්තිම දරුණු පිස්සු යක්කු ටිකක් වෙච්ච ජපන්නුන්ට විරුද්ධව ජපානේ ඉඳගෙනම ඔත්තු බලනවා.
    " විකල්ප දෙකයි. එකක් මරණය, අනික අතිශය වේදනාත්මක මරණය".
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගේම් අංක 2

    නමුත් අපේ විරුවා ඒවට බය වුණේ නැහැ. ජපානේ තියන ජර්මන් පුවත්පතක සංස්කාරකවරයෙක් විදිහට ජපානේ වැඩ පටන් ගත්තා. පොඩි සම්බන්ධකම් ටිකක් හදා ගත්තා. ඉතින් වැඩේ සාර්ථකත්වයට පොඩි රංගනයකුත් ඕන නිසා ජපානේ පෙනී හිටියේ සුපිරි නට්සිවාදියෙක් විදිහට. Nazi ultra pro max චරිතයක් ආරුඪ කරගත්තා.

    ඉතිං ජපනෙක්ගෙන් මේ සෝගේ මොන වගේද කියල ඇහුවොත් කිව්වෙ ජර්මන් මත්පැන් බී ගත්ත හැම තිස්සෙම ඇඟට කඩන් පනින කේන්ති යන නට්සිකාරයෙක් විදිහට. හැබැයි එයාව හොඳින්ම දන්න අය කිව්වේ එයා හරිම තැන්පත් කෙනෙක් විදිහට. හැබැයි වෙරි මත හිඳිච්ච හුඟක් වෙලාවට සෝගේ කළේ ජපන් භාෂා හැකියාව වැඩි කරගත්ත එක. ඉතින් මේ කැපවීම කොච්චර වාසියක් උනාද කියනවා නම් අපේ මිත්‍රයට ජර්මන් තානාපතිතුමා අඳුනා ගන්න ලැබෙනවා විතරක් නෙවෙයි තානාපතිගේ ජපානය සම්බන්ධ වැඩ ගොඩක් කරන්න වෙන්නෙත් සෝගේට.

    මේ හරහා තමයි ඊළඟ දොරේ යතුර ඇරෙන්නේ. ඒකනං එසේ මෙසේ යතුරක් නෙවෙයි. ජනරාල් ඉයුජින් ඔට් කියන ජපානයේ තිබෙන නට්සි හමුදා ඛණ්ඩය භාර නිලධාරිතුමා පත්වීමක් හම්බෙලා එනවා එයාගේ වයිෆ් එක්ක.

    කවුරු එක්කද? වයිෆ් එක්ක.

    රිකාඩ් කරන්නේ මේ 🌸 ජනරාල්තුමාගේ බිරිඳව සනසන එක🌸.

    "අපට විශාල සද්දයක් ඇහුනා" කියල ජප්පෙක් කිව්වනං ඇහුනේ මේ ජනරාල්ගේ බිරිඳගේ කාමරෙන් තමා.

    මේ ඉන්නේ අසරණ ජනරාල් ඔට්...

    Ott.jpg

    ජනරාල්ට ජපන්නු දීපු වාර්තා හැම එකක්ම වගේ රිකාඩ්ට ලැබුණා. රිකාඩ්ගෙන් ඒවා රුසියාවට ලැබුණා.

    ඉතින් රිකාඩ් සර් මේ වෙද්දි උපරිමෙන් පාස් වෙලා හිටියේ.

    මේක කොහොම පාස් එකක්ද කියනවනම් ජනරාල් ඔට් පවා මේ සම්බන්ධය ගැන දැනගෙන හිටියා. නමුත් රිකාඩ්ට තානාපති කාර්යාලයේ පවා කාන්තාවන්ගේ කොච්චර ආකර්ෂණයක් තිබ්බද කියනවනං ඔට් වුනත් හිතුවේ මිනිහගේ වයිෆ් වුනත් එහෙම වෙන එක අහන්න දෙයක් නැහැ කියල.

    ඔට් මේ නිසා සෝගේව හැඳින්නුවේ Richard der Unwiderstehliche ("Richard the Irresistible") කියලා.

    ඉතින් රිකාඩ්ගේ දැනුමින් තිබ්බ ප්‍රයෝජනය නිසාම සහ රිකාඩ් නැතුව බෑ තත්වයක් තිබ්බ හින්ද ජෙනරාල් ඒ සම්බන්ධෙ එහෙමම තියෙන්න ඉඩ ඇරියා.

    වටිනාකම

    රිකාඩ්ගේ අතින් රුසියාවට ලොකුම සේවය වෙන්නේ මේ අතරේ. කලින් කියපු විදිහට සෝවියට් රජය බලාගෙන හිටිය දේ තමයි ජපන්නු කොයි මොහොතේ හරි ආක්‍රමණය කරයි කියන එක. නමුත් ඔට් ගේ සම්බන්ධකම් හරහා රිකාඩ් පැහැදිලිවම දැනගෙන හිටියා ජපන්නුන්ට එහෙම අදහසක් නැති බව. මේක රුසියාවට කිව්වට උන් පිළිගන්න ලෑස්ති වුනෙත් නැහැ, මොකද ජප්පෝ දේශ සීමාවෙමයි හිටියෙත්.

    ඒ විතරක් නෙවෙයි. ඔට් හරහා සෝගේ දැනගන්නවා ජර්මන්නු රුසියාවට ෂොට් එක දෙන්න යන බව. 95%ක් මේක ෂුවර් බව කිව්වත් ස්ටාලින් මේක පිළිගන්නේ නැහැ.
    ඒ විතරක් නෙවෙයි ලෝකයේ එතෙක් ගොඩනගපු ලොකුම යුද පෙරමුණ operation Barbarossa, 1941 ජූනි 20 වෙනි දවසේ කරන බව දවසත් එක්කම දන්වලා යවනවා.

    නමුත් අති පණ්ඩිත ස්ටාලින් කරන්නේ සෝගේට හිනාවෙන එක. ස්ටාලින් අහනවා 'බීගෙන බඩු ගහ ගහ ඉන්න එකෙක් කියන එක මම පිළිගන්න ඕනෙද? කියලා'

    නමුත් පණ්ඩිතකම් නැතුව ඒකාලෙම නැගෙනහිර තිබ්බ විශාල යුද සේනාංක බටහිරට කැඳෙව්වානං විශාල ජිවිත හානියක් වළක්වාගන්න සෝවියට් හමුදාවට ඉඩ තිබුණා. නමුත් ලොක්කෙක් පණ්ඩිතයෙක් වුනාම ප්‍රතිපල භයානකයි.

    ඉතින් ජර්මන්නු පන්න පන්න ගහනකොට ස්ටාලින්ට කියන්න හම්බුණේ මෙච්චරයි.

    apata.jpg

    එතකොට වැඩේ වෙලා ඉවරයි.
    ht.jpg

    නමුත් 1941 සැප්තැම්බර් වෙනකොට නැගෙනහිර රුසියාවේ නවත්වලා තිබ්බ සේනාංක බටහිරට ගෙන්නලා ජර්මන්නුන්ට විරුද්ධව සටනට යොදවන්න ස්ටාලින්ට පුලුවන් වෙනවා. හේතුව ජපන්නු රුසියාවට පහර නොදී ගිනිකොනදිග ආසියාවට පහර දෙන්න ලෑස්ති වෙනවා කියන ඉතාම විශ්වාස දායක ආරංචිය රිකාඩ් සෝගේ විසින් දීම සහ තවත් කීප දෙනෙක් මේක තහවුරු කිරීම.

    ඉතින් රිකාඩ්ගේ මේ තොරතුර නිසා තමයි මොස්කව් නුවර වැටෙන්න නොදී ජර්මන් ආක්‍රමණය නවත්තගන්න පුළුවන් වුනා කියල කියන්නේ.

    අවදානම සහ උපාය

    මෙච්චර සාර්ථකව වැඩේ කළාට සෝගේ හිටියේ දැඩි අවදානමක කියන එක කලිනුත් කිව්වා. එක 🌸කාන්තාවක් 🌸කිව්වේ සෝගේ ගේ ජීවිතය සිංහ කූඩුවක් ඇතුළෙ අනාරක්ෂිතව ඉන්නවා වගේ කියලා. මේක පැහැදිලි වෙන තැනක් කියන්නම්. නට්සි යුද අපරාධකාරයෙක් හිටිය "යෝසෙෆ් මෙසින්ගර්" (The Butcher of Warsaw) කියල. අමු තිරිසනෙක්. පෝලන්තයේ කාන්තාවන්, ළමයි ඇතුළු දහස් ගානක් කැලේ වලවල් කපල මරලා දාපු එකෙක්. මූව ජපානෙට එවල තිබ්බ හිට්ලර්ගේ රහස් පොලිසිය (ගෙස්ටාපෝ ) එකේ නිලධාරියෙක් විදිහට. මූට පැවරිලා තිබ්බ එක කාර්යක් වුනේ සෝගේ ගැන විස්තර සෙවීම. මොකද ඒ වෙද්දී සැකයක් හිතිලා තිබ්බේ.

    නමුත් සෝගේ කරන්නේ මේ යකා එක්ක බොන්න සෙට් වෙන එක. දෙන්නත් එක්ක කුඩු වෙන්න ගහන නිසා මෙසින්ගර් උන්නැහ සෝගේ ගැන වැඩිය හොයන්නෙම නැතුව එයා ඔත්තුකරුවෙක් නෙවෙයි කියල වාර්තාවක් යවලා නිකං හිටිය. තමන් ගැන මේ තිරිසනා හොයන බව දන්න නිසා රිකාඩ් 🌸සම්බන්ධයක් හදාගෙන හිටපු තව සංගීත ශිල්පිනියකගේ 🌸මාර්ගයෙන් මේ මෙසින්ගර්ගේ ගෙදර යතුරක් පන්නගෙන හොරෙන් ගෙදරටම ගිහින් මේ වාර්තාව චෙක් කරලා බලනවා. ඒකෙන් තමා යම් සැනසීමක් රිකාඩ්ට ලැබෙන්නේ.

    ඉතින් රිකාඩ් සෝගේ කියන්නේ සුපිරි වැඩකරුවෙක් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම මේ බීගෙන දඟලන එක සහ කාන්තාවන් සනසන එක සමහරවිට තමන්ගේ චරිතය ආවරණය කරගෙන තොරතුරු දැනගෙන නට්සිවාදයට විරුද්ධව සුපිරි ගේම් එකක් දීමේ අරමුණින්ම කරපු දෙයක් වෙන්න පුලුවන්. මොකද ඒ තරම් කැපවීමක් සෝගේට තිබුණේ.

    නමුත් මෙසින්ගර් වාර්තාවෙන් ජර්මනිය නිහඬ වුනාට ජපානේ සෝගේ ගැන හෙව්වා. හේතුව වුනේ 'පර්ල් වරාය' ට පහර දෙන්න මාස දෙකකට කලින් ජපන්නු පැසිෆික් කලාපය ආක්‍රමණය කරන බවත් රුසියාවට පහර දෙන්න අරමුණක් තිබ්බේ නැති බවත් පවා ස්ටාලින්ට දැනුවත් කර තිබීම.

    උපාය මාර්ගිකව සෝගේ ඇත්තටම නට්සීන්ගේ සම්පුර්ණ යුද සැලස්මම එලිකරගත්තට මේක පිළිගන්න තරම් යහපත්කමක් ස්ටාලින්ට තිබ්බේ නැහැ. මොකද මිනිහ ඒකාධිපතියෙක් නිසා.

    අවසානය

    ජපන්නු සෝගේ ගැන හොයන්න 🌸 කෙල්ලෙක් දානවා. ඒ කෙල්ලගේ නම 'කියෝමි ' (Kiyomi). මේ කෙල්ල සම්බන්ධයක් හදා ගෙන තහවුරු කරගන්නවා සෝගේ ඔත්තුකාරයෙක් බව. තමන් ජපන්නු විසින් අත් අඩංගුවට ගන්න බව දැනගන්න සෝගේ කරන්නේ ඊට කලින් දවසෙත් ජනරාල් ඔට්ගේ බිරිඳත් එක්ක උපරිමේට සතුටු වෙන එක. මොකද සෝගේ හිතුවා තමන් කරපු සේවය නිසාම සහ තමන් දරපු මතවාදය නිසාම රුසියාව තමන්ව බේරා ගන්න ඉදිරිපත් වෙයි කියලා.

    නමුත් ස්ටාලින් කියන්නේ වියරු ඒකාධිපතියෙක් බවත් ඒ වෙද්දී රිකාඩ්ගේ රුසියානු බිරිඳව ජර්මන් ඔත්තුකාරියක් කියල බොරුවට සයිබීරියාවට පිටුවහල් කරලා මරල දාල තිබුණු බවත් සෝගේ දන්නේ නැහැ.

    ඉතින් ජපානය මේ විරුවාව වධ දීලා එල්ලලා මරලා දානවා 1944.

    සෝවියට් රුසියාව අඩු තරමේ 1964 වෙනකන්ම සෝගේ තමන්ගේ ඔත්තුකාරයෙක් කියන එකවත් පිළිගන්නේ නැහැ. හේතුව රිකාඩ් සෝගේගේ ජර්මන් ආක්‍රමණය ගැන දීපු අනතුරු ඇඟවීම අතපසු කිරීම ගැන ස්ටාලින්ට මූන දෙන්න වෙයි කියල හිතපු ලැජ්ජාව වහගන්න. ඒ වගේම ජර්මනියත් සලකන්නේ එයා තමන්ගේ රටට සහ ජර්මනුන්ට ද්‍රෝහී වෙච්ච කෙනෙක් විදිහට. මේ තත්ත්වය වෙනස් වෙන්නේ දශක ගානක් ගිහිල්ලා.

    ඒ නිසාම පස්සේ සෝගේ ගැන පොතක් ලියපු කතුවරයෙක් කියනවා 'රිකාඩ් සෝගේ' කියන්නේ බලය වෙනුවෙන් චෙස් සෙල්ලමක් කරපු පාලක පිරිසකගේ උවමනාවන්ට හසු වෙලා ඉතාම අවාසනාවන්ත විදිහට ජීවිතේ නැති වෙච්ච පුද්ගලයෙක් විදිහට.

    හැබැයි සෝගේට වටිනාකමක් දීපු කෙනෙක් හිටියා. ඒ තමයි රිකාඩ් සෝගේ ගේ එකම සැබෑ ආදරය. නම 🌸හනාකෝ ඉෂී🌸.

    මේ ඉන්නේ එයා.
    hanako.jpeg

    රිකාඩ් සෝගේට එයාව හම්බෙන්නේ නවසිය තිස් ගණන් වලදී ආපන ශාලාවකදී. හනාකෝ වෙටර්වරියක්. සෝගේට කෑම එක දෙන මොහොතේම මේ කාන්තාවත් එක්ක ආදරෙන් බැඳෙනවා. ඊට පහුවදාම රිකාඩ්ගේ ගෙදරට එක්කං යනවා බිරිඳ (නිල නොලත්) ලෙස.

    සෝගේව 1944 මැරුවට පස්සේ මේ කාන්තාව අවුරුදු 5ක් එයාගේ මළ සිරුර හොයලා සමූහ මිනී වලකින් හොයාගෙන වෙන තැනක මිහිදන් කරනවා. මිනිය අඳුන ගන්නේ කැඩුණු කකුලෙන් සහ පාස්සපු දත් වලින්.
    ඒ දතක් ඇය තමන්ගේ ආදරය වෙනුවෙන් ළඟා තියාගන්නවා. දත් පාස්සල සෙට් කරන්න හදල තිබ්බ bridge එකෙන් මුද්දක් හදලා 2000 වර්ෂයේ ඇය මිය යනකන්ම ඇගේ ශරීරයේ පැළඳගෙන තියා ගන්නවා.

    ඔහුට සෝවියට් දේශයෙන් උවමනාවෙන්ම ලබා නොදුන් ගෞරවය සොහොනේ සටහන් කරන්න මේ හනකෝ අමතක කරන්නේ නැහැ.

    "Here lies a hero who sacrificed his life fighting against war and for world peace" කියල ගැහුවා. මේ තියෙන්නේ.

    Могила_Рихарда_Зорге,_Токио.jpg

    නමුත් සෝගේට ආදරය කරපු තව ගොඩක් අය හිටියා.

    🌸ඇග්නස් ස්මෙඩ්ලි 🌸 කියන්නේ චීනයේදී සෝගේට හම්බුණු ඇමෙරිකානු කාන්තාවක්. ඇය කියනවා සෝගේ සමග වැඩ කළ කාලය තමා ඇගේ ප්‍රීතිමත්ම කාලය කියලා...........
    ෆොටෝ එකක් නැතුව මේ ගැන කියන්න අමාරුයි නං, මේ එයා ... බොරු නං අහල බලන්න...... එයාට ඒ වෙද්දී ළමයෙක් හිටියද කියල අහන්න ඔට්ටු නෑ හැබැයි ..........
    smedley.JPG

    දැන් real අවසානය .....

    ඉතින් බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්, මේ ලෝකේ අපට පට්ට අමාරු කාල එනවා. ඒකෙදි කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් දුක් වෙන එක හෝ කට හරි බැන බැන ඉන්න එක. එහෙම නැත්තන් දෙවෙනි දේ ඒ තත්වය වෙනස් කරන්න මහන්සි වෙන එක. ඉතින් නරුමයින් අතර සෝගේ වගේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙ තමන්ට ඕන කරන හැකියාවල් දියුණු කරගන්නවා. සෝගේ වැන්නන් නිසා බේරුණු ජීවිත ගණන දහස් ගණන් වල ඉඳල ලක්ෂය, මිලියන ගණන් වලට යනවා.
    ඉතින් හැම විරුවෙක්ම සටන් කරන්නේ යුද බිමේ නෙවෙයි. ඔවුන්ට දිය යුතු ගෞරවය ලොක්කන් නොදී හංගගෙන ඉඳීවි. නමුත් හොඳ අරමුණකින් දෙයක් ලෝකෙට කළොත් එකෙ ප්‍රතිපල රැළි වගේ ලැබෙයි අඩුම තරමේ අපිට නොදන්නා කෙනෙකුටවත්.

    එහෙනං අපි ගියා. ජය!!!
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ගේම් අංක 2

    නමුත් අපේ විරුවා ඒවට බය වුණේ නැහැ. ජපානේ තියන ජර්මන් පුවත්පතක සංස්කාරකවරයෙක් විදිහට ජපානේ වැඩ පටන් ගත්තා. පොඩි සම්බන්ධකම් ටිකක් හදා ගත්තා. ඉතින් වැඩේ සාර්ථකත්වයට පොඩි රංගනයකුත් ඕන නිසා ජපානේ පෙනී හිටියේ සුපිරි නට්සිවාදියෙක් විදිහට. Nazi ultra pro max චරිතයක් ආරුඪ කරගත්තා.

    ඉතිං ජපනෙක්ගෙන් මේ සෝගේ මොන වගේද කියල ඇහුවොත් කිව්වෙ ජර්මන් මත්පැන් බී ගත්ත හැම තිස්සෙම ඇඟට කඩන් පනින කේන්ති යන නට්සිකාරයෙක් විදිහට. හැබැයි එයාව හොඳින්ම දන්න අය කිව්වේ එයා හරිම තැන්පත් කෙනෙක් විදිහට. හැබැයි වෙරි මත හිඳිච්ච හුඟක් වෙලාවට සෝගේ කළේ ජපන් භාෂා හැකියාව වැඩි කරගත්ත එක. ඉතින් මේ කැපවීම කොච්චර වාසියක් උනාද කියනවා නම් අපේ මිත්‍රයට ජර්මන් තානාපතිතුමා අඳුනා ගන්න ලැබෙනවා විතරක් නෙවෙයි තානාපතිගේ ජපානය සම්බන්ධ වැඩ ගොඩක් කරන්න වෙන්නෙත් සෝගේට.

    මේ හරහා තමයි ඊළඟ දොරේ යතුර ඇරෙන්නේ. ඒකනං එසේ මෙසේ යතුරක් නෙවෙයි. ජනරාල් ඉයුජින් ඔට් කියන ජපානයේ තිබෙන නට්සි හමුදා ඛණ්ඩය භාර නිලධාරිතුමා පත්වීමක් හම්බෙලා එනවා එයාගේ වයිෆ් එක්ක.

    කවුරු එක්කද? වයිෆ් එක්ක.

    රිකාඩ් කරන්නේ මේ 🌸 ජනරාල්තුමාගේ බිරිඳව සනසන එක🌸.

    "අපට විශාල සද්දයක් ඇහුනා" කියල ජප්පෙක් කිව්වනං ඇහුනේ මේ ජනරාල්ගේ බිරිඳගේ කාමරෙන් තමා.

    මේ ඉන්නේ අසරණ ජනරාල් ඔට්...

    View attachment 133880
    ජනරාල්ට ජපන්නු දීපු වාර්තා හැම එකක්ම වගේ රිකාඩ්ට ලැබුණා. රිකාඩ්ගෙන් ඒවා රුසියාවට ලැබුණා.

    ඉතින් රිකාඩ් සර් මේ වෙද්දි උපරිමෙන් පාස් වෙලා හිටියේ.

    මේක කොහොම පාස් එකක්ද කියනවනම් ජනරාල් ඔට් පවා මේ සම්බන්ධය ගැන දැනගෙන හිටියා. නමුත් රිකාඩ්ට තානාපති කාර්යාලයේ පවා කාන්තාවන්ගේ කොච්චර ආකර්ෂණයක් තිබ්බද කියනවනං ඔට් වුනත් හිතුවේ මිනිහගේ වයිෆ් වුනත් එහෙම වෙන එක අහන්න දෙයක් නැහැ කියල.

    ඔට් මේ නිසා සෝගේව හැඳින්නුවේ Richard der Unwiderstehliche ("Richard the Irresistible") කියලා.

    ඉතින් රිකාඩ්ගේ දැනුමින් තිබ්බ ප්‍රයෝජනය නිසාම සහ රිකාඩ් නැතුව බෑ තත්වයක් තිබ්බ හින්ද ජෙනරාල් ඒ සම්බන්ධෙ එහෙමම තියෙන්න ඉඩ ඇරියා.

    වටිනාකම

    රිකාඩ්ගේ අතින් රුසියාවට ලොකුම සේවය වෙන්නේ මේ අතරේ. කලින් කියපු විදිහට සෝවියට් රජය බලාගෙන හිටිය දේ තමයි ජපන්නු කොයි මොහොතේ හරි ආක්‍රමණය කරයි කියන එක. නමුත් ඔට් ගේ සම්බන්ධකම් හරහා රිකාඩ් පැහැදිලිවම දැනගෙන හිටියා ජපන්නුන්ට එහෙම අදහසක් නැති බව. මේක රුසියාවට කිව්වට උන් පිළිගන්න ලෑස්ති වුනෙත් නැහැ, මොකද ජප්පෝ දේශ සීමාවෙමයි හිටියෙත්.

    ඒ විතරක් නෙවෙයි. ඔට් හරහා සෝගේ දැනගන්නවා ජර්මන්නු රුසියාවට ෂොට් එක දෙන්න යන බව. 95%ක් මේක ෂුවර් බව කිව්වත් ස්ටාලින් මේක පිළිගන්නේ නැහැ.
    ඒ විතරක් නෙවෙයි ලෝකයේ එතෙක් ගොඩනගපු ලොකුම යුද පෙරමුණ operation Barbarossa, 1941 ජූනි 20 වෙනි දවසේ කරන බව දවසත් එක්කම දන්වලා යවනවා.

    නමුත් අති පණ්ඩිත ස්ටාලින් කරන්නේ සෝගේට හිනාවෙන එක. ස්ටාලින් අහනවා 'බීගෙන බඩු ගහ ගහ ඉන්න එකෙක් කියන එක මම පිළිගන්න ඕනෙද? කියලා'

    නමුත් පණ්ඩිතකම් නැතුව ඒකාලෙම නැගෙනහිර තිබ්බ විශාල යුද සේනාංක බටහිරට කැඳෙව්වානං විශාල ජිවිත හානියක් වළක්වාගන්න සෝවියට් හමුදාවට ඉඩ තිබුණා. නමුත් ලොක්කෙක් පණ්ඩිතයෙක් වුනාම ප්‍රතිපල භයානකයි.

    ඉතින් ජර්මන්නු පන්න පන්න ගහනකොට ස්ටාලින්ට කියන්න හම්බුණේ මෙච්චරයි.

    View attachment 133881

    එතකොට වැඩේ වෙලා ඉවරයි.
    View attachment 133882

    නමුත් 1941 සැප්තැම්බර් වෙනකොට නැගෙනහිර රුසියාවේ නවත්වලා තිබ්බ සේනාංක බටහිරට ගෙන්නලා ජර්මන්නුන්ට විරුද්ධව සටනට යොදවන්න ස්ටාලින්ට පුලුවන් වෙනවා. හේතුව ජපන්නු රුසියාවට පහර නොදී ගිනිකොනදිග ආසියාවට පහර දෙන්න ලෑස්ති වෙනවා කියන ඉතාම විශ්වාස දායක ආරංචිය රිකාඩ් සෝගේ විසින් දීම සහ තවත් කීප දෙනෙක් මේක තහවුරු කිරීම.

    ඉතින් රිකාඩ්ගේ මේ තොරතුර නිසා තමයි මොස්කව් නුවර වැටෙන්න නොදී ජර්මන් ආක්‍රමණය නවත්තගන්න පුළුවන් වුනා කියල කියන්නේ.

    අවදානම සහ උපාය

    මෙච්චර සාර්ථකව වැඩේ කළාට සෝගේ හිටියේ දැඩි අවදානමක කියන එක කලිනුත් කිව්වා. එක 🌸කාන්තාවක් 🌸කිව්වේ සෝගේ ගේ ජීවිතය සිංහ කූඩුවක් ඇතුළෙ අනාරක්ෂිතව ඉන්නවා වගේ කියලා. මේක පැහැදිලි වෙන තැනක් කියන්නම්. නට්සි යුද අපරාධකාරයෙක් හිටිය "යෝසෙෆ් මෙසින්ගර්" (The Butcher of Warsaw) කියල. අමු තිරිසනෙක්. පෝලන්තයේ කාන්තාවන්, ළමයි ඇතුළු දහස් ගානක් කැලේ වලවල් කපල මරලා දාපු එකෙක්. මූව ජපානෙට එවල තිබ්බ හිට්ලර්ගේ රහස් පොලිසිය (ගෙස්ටාපෝ ) එකේ නිලධාරියෙක් විදිහට. මූට පැවරිලා තිබ්බ එක කාර්යක් වුනේ සෝගේ ගැන විස්තර සෙවීම. මොකද ඒ වෙද්දී සැකයක් හිතිලා තිබ්බේ.

    නමුත් සෝගේ කරන්නේ මේ යකා එක්ක බොන්න සෙට් වෙන එක. දෙන්නත් එක්ක කුඩු වෙන්න ගහන නිසා මෙසින්ගර් උන්නැහ සෝගේ ගැන වැඩිය හොයන්නෙම නැතුව එයා ඔත්තුකරුවෙක් නෙවෙයි කියල වාර්තාවක් යවලා නිකං හිටිය. තමන් ගැන මේ තිරිසනා හොයන බව දන්න නිසා රිකාඩ් 🌸සම්බන්ධයක් හදාගෙන හිටපු තව සංගීත ශිල්පිනියකගේ 🌸මාර්ගයෙන් මේ මෙසින්ගර්ගේ ගෙදර යතුරක් පන්නගෙන හොරෙන් ගෙදරටම ගිහින් මේ වාර්තාව චෙක් කරලා බලනවා. ඒකෙන් තමා යම් සැනසීමක් රිකාඩ්ට ලැබෙන්නේ.

    ඉතින් රිකාඩ් සෝගේ කියන්නේ සුපිරි වැඩකරුවෙක් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම මේ බීගෙන දඟලන එක සහ කාන්තාවන් සනසන එක සමහරවිට තමන්ගේ චරිතය ආවරණය කරගෙන තොරතුරු දැනගෙන නට්සිවාදයට විරුද්ධව සුපිරි ගේම් එකක් දීමේ අරමුණින්ම කරපු දෙයක් වෙන්න පුලුවන්. මොකද ඒ තරම් කැපවීමක් සෝගේට තිබුණේ.

    නමුත් මෙසින්ගර් වාර්තාවෙන් ජර්මනිය නිහඬ වුනාට ජපානේ සෝගේ ගැන හෙව්වා. හේතුව වුනේ 'පර්ල් වරාය' ට පහර දෙන්න මාස දෙකකට කලින් ජපන්නු පැසිෆික් කලාපය ආක්‍රමණය කරන බවත් රුසියාවට පහර දෙන්න අරමුණක් තිබ්බේ නැති බවත් පවා ස්ටාලින්ට දැනුවත් කර තිබීම.

    උපාය මාර්ගිකව සෝගේ ඇත්තටම නට්සීන්ගේ සම්පුර්ණ යුද සැලස්මම එලිකරගත්තට මේක පිළිගන්න තරම් යහපත්කමක් ස්ටාලින්ට තිබ්බේ නැහැ. මොකද මිනිහ ඒකාධිපතියෙක් නිසා.

    අවසානය

    ජපන්නු සෝගේ ගැන හොයන්න කෙල්ලෙක් දානවා. මේ කෙල්ල සම්බන්ධයක් හදා ගෙන තහවුරු කරගන්නවා සෝගේ ඔත්තුකාරයෙක් බව. තමන් ජපන්නු විසින් අත් අඩංගුවට ගන්න බව දැනගන්න සෝගේ කරන්නේ ඊට කලින් දවසෙත් ජනරාල් ඔට්ගේ බිරිඳත් එක්ක උපරිමේට සතුටු වෙන එක. මොකද සෝගේ හිතුවා තමන් කරපු සේවය නිසාම සහ තමන් දරපු මතවාදය නිසාම රුසියාව තමන්ව බේරා ගන්න ඉදිරිපත් වෙයි කියලා.

    නමුත් ස්ටාලින් කියන්නේ වියරු ඒකාධිපතියෙක් බවත් ඒ වෙද්දී රිකාඩ්ගේ රුසියානු බිරිඳව ජර්මන් ඔත්තුකාරියක් කියල බොරුවට සයිබීරියාවට පිටුවහල් කරලා මරල දාල තිබුණු බවත් සෝගේ දන්නේ නැහැ.

    ඉතින් ජපානය මේ විරුවාව වධ දීලා එල්ලලා මරලා දානවා 1944.

    සෝවියට් රුසියාව අඩු තරමේ 1964 වෙනකන්ම සෝගේ තමන්ගේ ඔත්තුකාරයෙක් කියන එකවත් පිළිගන්නේ නැහැ. හේතුව රිකාඩ් සෝගේගේ ජර්මන් ආක්‍රමණය ගැන දීපු අනතුරු ඇඟවීම අතපසු කිරීම ගැන ස්ටාලින්ට මූන දෙන්න වෙයි කියල හිතපු ලැජ්ජාව වහගන්න. ඒ වගේම ජර්මනියත් සලකන්නේ එයා තමන්ගේ රටට සහ ජර්මනුන්ට ද්‍රෝහී වෙච්ච කෙනෙක් විදිහට. මේ තත්ත්වය වෙනස් වෙන්නේ දශක ගානක් ගිහිල්ලා.

    ඒ නිසාම පස්සේ සෝගේ ගැන පොතක් ලියපු කතුවරයෙක් කියනවා 'රිකාඩ් සෝගේ' කියන්නේ බලය වෙනුවෙන් චෙස් සෙල්ලමක් කරපු පාලක පිරිසකගේ උවමනාවන්ට හසු වෙලා ඉතාම අවාසනාවන්ත විදිහට ජීවිතේ නැති වෙච්ච පුද්ගලයෙක් විදිහට.

    හැබැයි සෝගේට වටිනාකමක් දීපු කෙනෙක් හිටියා. ඒ තමයි රිකාඩ් සෝගේ ගේ එකම සැබෑ ආදරය. නම 🌸හනාකෝ ඉෂී🌸.

    මේ ඉන්නේ එයා.
    View attachment 133883

    රිකාඩ් සෝගේට එයාව හම්බෙන්නේ නවසිය තිස් ගණන් වලදී ආපන ශාලාවකදී. හනාකෝ වෙටර්වරියක්. සෝගේට කෑම එක දෙන මොහොතේම මේ කාන්තාවත් එක්ක ආදරෙන් බැඳෙනවා. ඊට පහුවදාම රිකාඩ්ගේ ගෙදරට එක්කං යනවා බිරිඳ (නිල නොලත්) ලෙස.

    සෝගේව 1944 මැරුවට පස්සේ මේ කාන්තාව අවුරුදු 5ක් එයාගේ මළ සිරුර හොයලා සමූහ මිනී වලකින් හොයාගෙන වෙන තැනක මිහිදන් කරනවා. මිනිය අඳුන ගන්නේ කැඩුණු කකුලෙන් සහ පාස්සපු දත් වලින්.
    ඒ දතක් ඇය තමන්ගේ ආදරය වෙනුවෙන් ළඟා තියාගන්නවා. දත් පාස්සල සෙට් කරන්න හදල තිබ්බ bridge එකෙන් මුද්දක් හදලා 2000 වර්ෂයේ ඇය මිය යනකන්ම ඇගේ ශරීරයේ පැළඳගෙන තියා ගන්නවා.

    ඔහුට සෝවියට් දේශයෙන් උවමනාවෙන්ම ලබා නොදුන් ගෞරවය සොහොනේ සටහන් කරන්න මේ හනකෝ අමතක කරන්නේ නැහැ.

    "Here lies a hero who sacrificed his life fighting against war and for world peace" කියල ගැහුවා. මේ තියෙන්නේ.

    View attachment 133884

    නමුත් සෝගේට ආදරය කරපු තව ගොඩක් අය හිටියා.

    🌸ඇග්නස් ස්මෙඩ්ලි 🌸 කියන්නේ චීනයේදී සෝගේට හම්බුණු ඇමෙරිකානු කාන්තාවක්. ඇය කියනවා සෝගේ සමග වැඩ කළ කාලය තමා ඇගේ ප්‍රීතිමත්ම කාලය කියලා...........
    ෆොටෝ එකක් නැතුව මේ ගැන කියන්න අමාරුයි නං, මේ එයා ... බොරු නං අහල බලන්න...... එයාට ඒ වෙද්දී ළමයෙක් හිටියද කියල අහන්න ඔට්ටු නෑ හැබැයි ..........
    View attachment 133885

    දැන් real අවසානය .....

    ඉතින් බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්, මේ ලෝකේ අපට පට්ට අමාරු කාල එනවා. ඒකෙදි කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් දුක් වෙන එක හෝ කට හරි බැන බැන ඉන්න එක. එහෙම නැත්තන් දෙවෙනි දේ ඒ තත්වය වෙනස් කරන්න මහන්සි වෙන එක. ඉතින් නරුමයින් අතර සෝගේ වගේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙ තමන්ට ඕන කරන හැකියාවල් දියුණු කරගන්නවා. සෝගේ වැන්නන් නිසා බේරුණු ජීවිත ගණන දහස් ගණන් වල ඉඳල ලක්ෂය, මිලියන ගණන් වලට යනවා.
    ඉතින් හැම විරුවෙක්ම සටන් කරන්නේ යුද බිමේ නෙවෙයි. ඔවුන්ට දිය යුතු ගෞරවය ලොක්කන් නොදී හංගගෙන ඉඳීවි. නමුත් හොඳ අරමුණකින් දෙයක් ලෝකෙට කළොත් එකෙ ප්‍රතිපල රැළි වගේ ලැබෙයි අඩුම තරමේ අපිට නොදන්නා කෙනෙකුටවත්.

    එහෙනං අපි ගියා. ජය!!!
    මේ පෝස්ට් ආර්මි මෝඩයෙකුට දීපන් මචන්....පෝස්ට් එක නම් නියමයි .
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එක හුස්මට කියවගෙන ගියා, රසවත් ලිපියක්,
    ස්තුතියි. :-)

    මේ ලිපියේම කියන විදිහට ජපානය සහ ජර්මනිය එක විට සෝවියට් දේශය ආක්රමය කළා නම් සෝවියට් දේශය බිඳ වැටෙනවා, එහෙම වුනා නම් ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා,
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එක හුස්මට කියවගෙන ගියා, රසවත් ලිපියක්,
    ස්තුතියි. :-)

    මේ ලිපියේම කියන විදිහට ජපානය සහ ජර්මනිය එක විට සෝවියට් දේශය ආක්රමය කළා නම් සෝවියට් දේශය බිඳ වැටෙනවා, එහෙම වුනා නම් ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා,
    absolutely
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    සිරාවට ලියල තියෙනවා මචං. ජය !

    මේ පෝස්ට් ආර්මි මෝඩයෙකුට දීපන් මචන්.... පට්ට..
    තාත්තට එන්න කියපන් පස්සෙන් පස්සට රිචර්ඩ් සෝ ගේ ලගට
    ------ Post added on Jul 4, 2021 at 3:52 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla