රුසියාව ඇත්තටම යුක්රේනයට ගහයිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    යුක්රේනය කියන්නේ රුසියාවයි යුරෝපයයි දෙකම මායිම් කරන් ඉන්න රටක්.

    මේ රටේ එක කොටසක් බෙදුම් වාදීන් අරක් අරන් ඉන්නේ, 2014 ඉඳන් ජිවිත 14000 ක් විතර අහිමිවුණු සිවිල් යුද්දයක් එක්ක.

    මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ යුක්රේනය නේටෝ එක්ක එකතුවෙන්න හදන ප්‍රශ්නයක් මුල් කරගෙන.

    1997 දී ඉඳන් රුසියාවෙන් වෙන්වුණු රටවල් එස්තෝනියා, ලැටිවියා, පොලන්ඩ්, චෙක්, ස්ලෝවැකියා, ක්‍රෝඒසියා, බල්ගේරියා වගේ රටවල් නේටෝ එක්ක එකතුවෙලා.

    රැසියාවට මේකෙන් වෙන බලපෑමක් ආයුධ සැපයීමක් එක්ක තමයි ප්‍රශ්නේ නැවත මතුවෙන්නේ.

    දැනට රුසියා හමුදාව 11000ක් වගේ ප්‍රමාණයක් යුක්රේනය මායිම්ව එකතුවෙලා ඉන්නේ.

    රසියාවටත් යුද්දයක් කරන්න කෙලින් උවමනාවක් නැහැ, තමන්ගේ රටේ ආර්ථික ප්‍රශ්න සැහෙන්න තියෙනවා. මේ බොරුවට බටහිර රටවල් අවුස්සන ප්‍රයත්නයක් වෙන්නත් පුළුවන්. තමන්ගේ හමුදා ශක්තිය පෙන්වීමත්, තමන්ගේ ආයුධ වෙළදාමට දැන්වීම් හොයගැනීමත් මේ වගේ දේවල් වලින් කරන්න පුළුවන්.

    යුක්රේනය විවිධ අයුරින් මේ හමුදාව එකතුවීම ගැන ප්‍රශ්න කලත් රුසියාව ඒවාට උත්තර දෙන්න පෙළඹිලා නැහැ.

    දැන් ඉදිරි පැය 48 ඉතාම තීරණාත්මක පැය ගණනක් බවට පත්වෙලා තියෙන්නේ. ඇමරිකාවේ ජනාධිපතිට එන්න කියල යුක්රේනයේ ජනාධිපති කියල, එතකොට පුටින් පසුබසි කියල හිතල.

    බටහිර රටවල් රුසියාව කුලප්පු කලොත් වැඩේ පත්තුවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

    එහෙම වෙලා රුසියාව, යුක්රේනය අතර පමණක් ගැටුම් තිබ්බොත් වැඩි ප්‍රශ්නයක් නොවේවි.

    හැබැයි ඔවුන්ට ආයුධ සැපයීම සිදුවුවොත් වැඩේ දුරදිග යනබව ඒකාන්තයි.

    එහෙම වුනොත් ලෝක යුද්ධය ආරම්භ වීම නොවැලක්විය කරුණක් වෙනවා.

    2014 යුක්රේනය උඩින් ගිය මැලේසියාවේ MH17 යානය වෙඩිතියල බිමදාල මිනිස්සු 298ක් මැරුණා.

    දැනටත් බොහෝ ගුවන් සමාගම් යුක්රේනය හරහා සහ එම රටට ඒම නවත්වල තියෙන්නේ.

    බොහෝ රටවල් තමන්ගේ රටවල්වල අයට යුක්රේනයෙන් ඉවත් වෙන්න කියල දැනුම්දීලා තියෙනවා.

    ඉතින් මේ එලබුනු සතියේ අපිට මොනවගේ දෙයක් බලන්න පුළුවන් වෙයිද කියල ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි.



    skynews-map-ukraine-map-ukrainemap-ukraine_5672142.jpg
    _123221114_russia_troop_positions_11feb_2x640map-nc-2x-nc.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහින්දයි ගෝටයි යැවුවනං ඇමරිකාවටයි, රුසියාවටයි දෙකටම ගහල යුක්රේනෙ වහල් දේසයක් කොරනව නේද @N A K A M U R A @erozan
     
    • Like
    Reactions: ChoronaSottiya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහින්දයි ගෝටයි යැවුවනං ඇමරිකාවටයි, රුසියාවටයි දෙකටම ගහල යුක්රේනෙ වහල් දේසයක් කොරනව නේද @N A K A M U R A @erozan

    යුක්‍රේනයට ගහන්න රුසියාවට ඉඩ තියන්නේ නෑ..- අනුර බිත්තර කුමාර🤣🤭🤭🤭

    refFHAM.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රාජපස්ස ලා‌ හොරකම් කරන එක නතර කරපු දවසකට ගහයි.
     
    • Haha
    Reactions: usa_nihaal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    marannne nethuwa tikak gahagattata kamak ne.missle tikak yawala ehema.podi athal ekak gannath