රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම

    යුක්‍රේනයට එරෙහිව රුසියාව යුධ ප්‍රකාශ කරයි. පහරදීම අද හෙටම



    troops-over-Ukraines-33000tv-  (9).jpg


    ඊයේ රුසියාව විසින් යුක්‍රේනයට විරුද්ධව යුධ ප්‍රකාශ කලා. යුක්‍රේනය යනු 1991දී සෝවියට්දේශයෙන් වෙන්වූ රටකි.

    6,000කින් සමන්විත රුසියානු හමුදාවක් මේ වනවිට යුක්‍රේනයේ දකුණු ප්‍රදේශයේ ඇති Crimea අර්ධද්වීපය ආක්‍රමණය කර Sevastopol හි පිහිටි නාවුක හමුදා කඳවුර අත්පත්කරගන එහි සිටින සෙබලුන්ද ප්‍රාන ඇපයට තබාගන තිබේ.

    ඔවුන් යුක්‍රේනයට ප්‍රහාර එල්ලකිරීමට සූදානමින් සිටින්නේ රුසියානු ජනාධිපති පූටින්ගෙන් අණ ලැබෙනතෙක් ය. එම ප්‍රදේශයේ බලය අත හැරීමට යුක්‍රේනයද සූදානමක් නැත. එබැවින් එය කොයි මොහොතේ රුසියාව විසින් යුක්‍රේනයට පහරදේවිද යන්න අවිනිශ්චිතය.

    යුක්රේන සහ රුසියාව අතර මතභේද ආරම්භවූයේ රුසියානු හිතවාදී ජනාධිපති viktor yanukovich ව විපක්ෂ කි‍්‍රයාකාරීන් විසින් පසුගියදා උද්ඝෝෂණ රැල්ලකින් මඟින් බලයෙන් පහ කිරීමත් සමඟයි.

    පසුව ඔහු වැඩිපුර රුසියානුවන් පිරිසක් වාසය කරන යුක්‍රේනයේ දකුණු ප්‍රදේශයේ ඇති Crimea අර්ධද්වීපය හරහා රුසියාවට ගොස් රුසියාවේ ආරක්ෂාව පතා තිබෙන අතර පත්වුණු නව ජනාධිපති Oleksandr Turchynov යුරෝපයට හිතවාදී අයෙකු නිසා ඔහුව පිළිගැනීමට රුසියාව සූදානම්ක් නැහැ.

    මෙම තත්ත්වය හමුවේ රුසියාව විසින් සබ්මැරීන් වලට පහරදිය හැකි යුධ නෞකා දෙකක් ද Crimea ප්‍රදේශයට පිටත් කර හැර තීබේ.

    Crimea යනු යුක්‍රේනයට අයිතිවූ නමුත් වෙනම පාලනයක් තිබෙන ප්‍රදේශයකි. එය මීට පෙර රුසියාවේ කොටසක් ලෙස තිබී ඇති අතර එම ප්‍රදේශයේ ජනගහනයෙන් 58%ක් රුසියානු ජාතිකයන් වන අතර යුක්‍රේන ජාතිකයන් සිටින්නේ 25%ක් පමණි.

    යුක්‍රේනයේ සිටින රුසියාවට ලැදි ජනතාවගේත්, රුසියානු ආර්ථික හා වෙළඳ මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා මෙම ආක්‍රමනය සිදුකළ බවයි ආරක්ෂක නිළධාරීන් සමඟ පැවති සාකච්ජාවකින් පසු රුසියානු ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ.

    රුසියාවෙන් එල්ල විය හැකි ප්‍රහාරයන්ට මුහුණදීම සඳහා 140,000ක පමණ යුරේන හමුදාවන්ද සීරුවෙන් තබා ඇති අතර විශ්‍රාම ගිය යුධ හමුදා නිළධාරීන් හදිසියේම නැවත සේවයට කැඳවීමට යුක්‍රේනය තීරණය කර තිබේ.

    රුසියානු හමුදාව යුක්‍රේනයට පහරදීමට ආසන්නයේ පැවතීම හේතුකොටගෙන යුරෝපා සංගමයා අයත් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය හා කැනඩාව, ජපානය, ඇමරිකාවේ විදේශ නියෝජිතවරු ඊයේ හදිසියේ හමුවී තිබෙනවා. යුක්‍රේනයට සහය පලකිරීමක් ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේම අද යුක්‍රේනයට පැමිණීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් බැරක් ඔබාමා විසින් රුසියානු ජනාධිපතිවරයා සමඟ විනාඩි 90ක දුරකථන සංවාදයක් සිදුකර තිබේ. එහිදී ඔබාමා රුසියාවට අනතුරු හඟවා ඇත්තේ යුක්රේනට හමුදාමය වශයෙන් මැදිහත්වීම රුසියාවට දැඩි ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන කරුණක් බවයි.

    මේ පිළිබඳව නේටෝ සංවිධානය ප‍්‍රකාශ කර ඇත්තේ රුසියාව මෙමගින් යුද නීතිය උල්ලංඝනය කරමින් රුසියාව යුක්රේනයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි.

    මේ අතර රුසියාව විසින් හදිසියේම බටහිර රුසියාවේ වූ Kaliningrad හා Leningrad ප්‍රදේශ වල යුධ අභ්‍යාසක්ද ආරම්භ කර තිබෙනවා. භටයක් 150,000ක් යොදාගන සිදුකරන මෙම යුධ අභ්‍යාසය පූටින්ගේ අධීක්ෂණය යටතේ සිදුවන්නක්.

    එය නැරඹීම සඳහා ඊයේ සවස රුසියානු ජනාධිපතිවරයාද එම ප්‍රදේශ වලට ගොස් තිබෙන අතර ඊයේ පැවැත්වීමට නියමිත තිබූ ගුවන් හමුදා ක්‍රියාකාරකම් නැවතී ඇත්තේ කුණාටුවක් නිසාය.

    මෙම වාතාවරණය හමුවේ යුක්‍රේනයේ මෙන්ම රුසියාවේද කොටස් වෙළඳපොල කඩා වැටී තිබේ. එපමණක් නොව යුරෝපයේ ගෑස් අර්බුධයක් ඇතිවීමේ ළකුණුද මේ වනවිට පහලවෙමින් තිබේ. ඒ රුසියාවේ සිට යුරෝපය වෙත දිවෙන ගෑන් නල ඇත්තේ යුක්‍රේනය හරහා නිසා යුධ වාතාවරණයක් ඇතිවුවහොත් යුරෝපයට සැපයෙන ගෑස් නල වසාදැමීමක් සිදුවිය හැකි නිසාය.

    රුසියානු හමුදා යුක්‍රේනයට පැමිණ සිටින වීඩියෝ පහතින්.










    troops-over-Ukraines-33000tv-++(2).jpg


    troops-over-Ukraines-33000tv-++(3).jpg


    troops-over-Ukraines-33000tv-++(3).jpg




    33000lk​
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හෙ හෙ රුසියාවෙන් ගහන්න යන නිසා එක දේශප්‍රේමී යුද්දයක්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතිහාසයේ ලොකුම විහිලුව :lol::lol::lol::lol:

    මේ පිළිබඳව නේටෝ සංවිධානය ප‍්‍රකාශ කර ඇත්තේ රුසියාව මෙමගින් යුද නීතිය උල්ලංඝනය කරමින් රුසියාව යුක්රේනයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉතිහාසයේ ලොකුම විහිලුව :lol::lol::lol::lol:

    මේ පිළිබඳව නේටෝ සංවිධානය ප‍්‍රකාශ කර ඇත්තේ රුසියාව මෙමගින් යුද නීතිය උල්ලංඝනය කරමින් රුසියාව යුක්රේනයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි

    Puken hina yanawa ne ban mewata.. Unta hodai gihin Gadaffi marala danna.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙක seen ගැන දන්නෙ නැති උන්ට මට තෙරෙන විදිහට කියන්නම්

    යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොචිව් කියන්නෙ අම්බ කැ@යෙක් , අමු එකාදිපති යෙක් , මහින්ද රාජපක්ශ හොදයි , ලන්කාවෙ රතු පස්වලට වතුර ඉල්ලගෙන ආපු උන්ට වෙඩි තිබ්බ වගෙ උන්ගෙ රටෙ උත්ගොශන වලට එකපාරක් මු වෙඩි තියල මරපු ගාන 75 ... එත් එ රටෙ මිනිස්සු සැලුනෙ නැහැ වෙඩි කාගෙන උත්ගොශන කලා , මුන්ගෙ ම්‍ලේච්ඡ මර්දනය නිසාම එ උත්ගොශනත් ටයර් ගිනි තැබිම් ,පොලිස්සියට පැට්‍රොල් බොම්බ ගසිමෙ ඉදන් , ජනදිපති මන්දිරෙ වට කිරිම දක්ව දරුනු උනා, එත් එ මිනිස්සු එක කරෙ ak 47 තියගෙන මිනිස්සු මර මර නෙවෙයි, රාජය විරොදි රැල්ලක් හැටියට

    හැබැයි මු රුසියවත් එක්ක ෆුල් ෆිට් , මෙන්න සින් එක

    උපුටා ගැනිම 1

    // යුරෝපා හවුල සමග එළැඹීමට නියමිතව තිබූ ගිවිසුමට අත්සන් තැබිම ප්‍රතික්‍ෂේප කොට ඒ වෙනුවට දිගුකාලයක් තමන්ව සිය පාලනයට නතු කොටගෙන සිටි රුසියාව සමග ගිවිසුමකට එළැඹීමට යුක්රේන ජනපති ‘වික්ටර් යනුකොවිච් ගනු ලැබූ මතභේදකාරී තීරණය මෙම දැවැන්ත විරෝධතාවයන්ට පසුබිම් වූ හේතුවයි.

    ජාතීන් විසිඅටක සාමාජිකත්වයෙන් යුතු යුරෝපා හවුල සමග වන සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දිගු කලක් පුරා සිදු කෙරුනු මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස එළැඹීමට නියමිතව තිබූ මෙම ගිවිසුම හිටි අඩියේ අහෝසි කිරීමට ජනපතිවරයා ගත් ඒකමතික තීරණයෙන් කුපිත වූ යුක්රේනුවන් විරෝධතා සිදු කරන්නේ ජනපතිවරයාටත් රජයටත් පාලන බලයෙන් ඉවත් වන ලෙසට පෙළඹවීම සිදු කරමිනි. //

    උපුටා ගැනිම 2

    //යුක්රේනයට අලෙවි කරනු ලබන වායු ඉන්ධන මිල පහත හෙළීමටත්, යුක්රේන රජය සතු ඇ.ඩොලර් බිලියන පහළොවක වටිනාකමකින් යුතු බැඳුම්කරයන් මිලදී ගැනීමට රුසියාව එකඟවීමත් හේතුවෙන් යම්තාක් දුරකට මෙල්ල වූ යුක්රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළිත් පෙරටත් වඩා වැඩි ජවයකින් යුතුව යලි උත්සන්න වන ලද්දේ විරුද්ධ පක්ෂ මාධ්‍යවේදිනී ‘ටෙට්යානා චෝනෝවල්ට නත්තල් දිනයේදී නාඳුනන්නෙකු වෙතින් එල්ල වූ මර්දනකාරි ප්‍රහාරයත් සමගයි.//


    දැන් රුසියවට මුගෙ පාලනය පෙරලුනොත් වෙන්නෙ තමන්ගෙ බලයට වදින පාරක් එක
    එක නිසා රුසියව කෙලින්ම ගෙමට සෙට් උනා, ඩැන් මෙ ප්‍රශ්නෙ යුක්‍රෙනයයි ජනදිපතිගෙයි එකක් නෙවෙයි යුරොපා සන්ගමෙ බලයයි , රුසියාවෙ බලයයි අතර ෆයිට් එකක් ... එක තමයි සමහරු ඔය කියන්නෙ මෙක 3 වෙනි ලොක යුද්දෙ දක්වා යන සීන් එකක් වෙයිද? කියල ....

    ඔන්න උපුටා ගැනිම 3 දමිත් ගෙ ස්ටෙටස් එකකින්

    // පුටින් අයියා මෙවර අත තබා ඇත්තේ රුසියන් ඉතිහාසයේ ගහන ඩේන්ජරස්ම ගේම් වලින් එකකටය.. හරි ගියොත් සාම්ප්‍රදායික මහ බලවතුන්ගේ මූණු ලාචොර වෙනවා විතරක් නොව පුටින් අයියා ලොවේ සැමට විශ්වාසය තැබිය හැකි සිරාම දළ කාරයා වෙනවෝය.. රුසියාවත් නැවත ලෝක සුපිරි බලවතෙක් ලෙස කවුරුත් සලකනු ඇත... හැබැයි ගේම ගැස්සුනොත්, පයක් ලිස්සුවොත් වැටෙන්නේ ඇඩ්‍රස් කැන්සල් වෙන්නය.. එතකොට ඇතිවන කෙලවිල්ල රතිඤ්ඤා වැලක් වගේ කෙලවේගෙන, කෙලවේගෙන ගොස් අවසානයේ නවතින්නේ රුසියාව යළි නොනැගිටින්න හාන්සි කරවන තැනකය.. .. දැන් මේ ගතවන මොහොත හරියට චෙස් ක්‍රීඩාවක මුල් පියවර දහය වගේ අතිශයින්ම සංවේදී මොහොතක්ය.. දෙපැත්තේම සුපිරි මොළ ගෙඩි ටික මේ අවස්ථාවේ ඇති ඓතිහාසික වැදගත් කම වටහාගෙන සිය ප්‍රතිවාදියා හාන්සි කිරීම සඳහා ගේම ප්ලෑන් කරනවා විය යුතුය...

    පුටින් අයියා දැන් සිටින්නේ ආපසු හැරෙන්නට පුලුවන් තැනක නොවේ.. 21 වැනි සියවසේ අග භාගයට මෙලොව ඉපදී ලෝක ඉතිහාසය සහ දේශපාලනය හදාරන අය මේ මොහොත මිනිස් ඉතිහාසයට විශාල බලපෑමක් කල වැදගත්ම මොහොතක් ලෙස යලි කියවනු ඇත.//


    ඔන්න ඔහොමලු වෙනවය කියන්නෙ
     
    Last edited: