හෙහෙ. එහෙම ඒවට කියන්නෙ “සෙලවෙන මනස” කියලා. උබ ලංකාවෙ නෙවෙයි වගේ.
ඕවට අතින් පයින් දුන්නොත් මිස දැන් තියෙන ලංකාවෙ විසඳුම් නෑ. ඉස්සෙල්ලා නීතියක් තියෙන, නීතියට වැඩ වෙන, නීතිය කාර්යක්ෂම වෙච්ච රටක් තියෙන්න ඕන. උබ එතන හිටියෙ නැත්තං, ඇතුලෙ හිටපු කෙනෙක් වත් දන්නෙ නැත්තං ඒක ගැන කිසිම අයිඩියා එකක් නෑ.
In general, ලංකාවෙ හැම ආයතනයක්ම අවුල්. ලංකාවෙම සිස්ටම් එකේ අවුල තමයි ඔය හැම තැනින්ම එළියට එන්නෙ.
මූ කතා කරන විදියට නං අපිට හිතෙන්නෙ හොඳ අරමුණකින් වැඩ කරන එකෙක් කියලා. එහෙම පරිපාලනේ හොඳට ගෙනිච්ච නං, නවක වදය, වෙච්ච වංචා නැවැත්තුව නං හොඳයි. අවුරුදු 50කට එහා හරි නීතියකට වැඩ වෙන්නෙ නැති, හොරකම, වංචාව පිරිලා ඉතිරිලා ගියපු රටක ඒව නවත්තන එක ලේසි නෑ. නවත්තන එකාට විරුදධව හැම පැත්තෙන්ම කේස් එනවා අනිවාර්යෙන්ම. මූ කියපු දේවල් ඇත්ත වෙන්න ඇති.
අනුර කුමාර + NPP එකටත් හොරකං නවත්තද්දි ලේසි වෙන්නෙ නෑ. ජොබ් නැතිවෙච්ච ගම් බයියගෙ, කැම්පේන් බයියගෙ ඉඳන් එන ප්‍රෙෂර් එකේ පොඩි ස්කේල් එකක් තමයි ඔය මූට ඇවිත් තියෙන්නෙ.