රුහුණ විශ්වවිද්‍යාලය
රුහුණ විශ්වවිද්‍යාලයේ සිදු වී ඇතැයි කියන වංචා කිහිපයක් ගැන පෙරේදා (30 දා) පාර්ලිමේන්තුවේදී එස්. බී. දිසානායක මහතා විසින් හෙළි කරන ලදී. එයින් එක් දූෂණයක් වූයේ උපකුලපතිවරයාගේ අරමුදලින් රුපියල් හැට ලක්ෂයක් වැය කර බස් නැවතුම්පළක් තනා තිබීම ය. මෙය සාමාන්‍යයෙන් ඩිපෝවක් තැනීමට තරම් ප්‍රමාණවත් මුදලකි. රුපියල් හැට ලක්ෂයක් වියදම් කර බස් නැවතුමක් පමණක් තනන්නේ නම් කැරට් 8 රන් තහඩු සහ ස්ටර්ලිං රිදී යොදා එය නිම කළ හැකි ය. එහි ආසන කැටයම් සහිත කළුවර ලී සහ විල්ලුද රෙදි යොදා තැනීමට හැකි ය. තවත් වුවමනා නම් එය වායු සමනය කිරීමට ද හැකි ය. බස් නැවතුම හොරුන් විසින් ගලවාගෙන යනු ලැබීම වැළැක්වීම සඳහා ඒ වටා විදුලි වැටක් ද සවිකළ හැකි ය. මෙතැනින් ලක්ෂ හැට නිමාවට පත් වෙයි. එතැන් පටන් විදුලි වැට සහ බස් නැවතුම ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආරක්ෂකයන් ආණ්ඩුවේ වියදමින් තැබිය යුතු වෙයි. බස් නැවතුම්පළ පෙර කී ආකාරයෙන් ඉදිකර නැත්තේ නම් ස්ථිර වශයෙන් රුපියල් හැට ලක්ෂය ගසා කා ඇති බව අපට ද පිළිගැනීමට සිදුවෙයි. ඊට අමතරව සුනාමිය සඳහා එකතු කර තිබූ රුපියල් විසිනව ලක්ෂයක අරමුදලක් ලබා ගෙන එයින් රුපියල් දහතුන් ලක්ෂයක් පමණක් ආපසු පියවීම ඊළඟ වංචාව ය. මේ සියල්ලටම අමතරව උපකුලපතිතුමාගේ කාමරයට රුපියල් අසූහයදහසක් වැය කර තිර රෙදි දමා ඇති බව එස්. බී. දිසානායක හෙළි කළේය. විශ්වවිද්‍යාලයේ අරමුදල්වලින් උපකුලපතිගේ නිවසට පාට ගෑම ද කර ඇත.
කවුරු වුණත් මේ උපකුලපති නම් අමුතුම තාලයේ කෙනෙකි. තම කාර්යාලයේ තිර රෙදි සඳහා රුපියල් අසූහයදහසක් වැය කළ ඔහු දිවා ආහාරය සඳහා ස්ථිර වශයෙන් ම රුහුණේ සිට දිනපතා කොළඹ පැමිණ තරු පහේ හෝටලයකට යන කෙනෙකු විය යුතු ය. සුළු මුදල් වලින් වැඩ කිරීමට නුපුරුදු මිනිස්සු තවමත් මේ රටේ ඉතිරිව සිටිති.........

Source : http://www.divaina.com/2010/07/02/editor.html