රුහුණ විශ්වවිද්‍යාලය

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    රුහුණ විශ්වවිද්‍යාලය

    රුහුණ විශ්වවිද්‍යාලයේ සිදු වී ඇතැයි කියන වංචා කිහිපයක්‌ ගැන පෙරේදා (30 දා) පාර්ලිමේන්තුවේදී එස්‌. බී. දිසානායක මහතා විසින් හෙළි කරන ලදී. එයින් එක්‌ දූෂණයක්‌ වූයේ උපකුලපතිවරයාගේ අරමුදලින් රුපියල් හැට ලක්‍ෂයක්‌ වැය කර බස්‌ නැවතුම්පළක්‌ තනා තිබීම ය. මෙය සාමාන්‍යයෙන් ඩිපෝවක්‌ තැනීමට තරම් ප්‍රමාණවත් මුදලකි. රුපියල් හැට ලක්‍ෂයක්‌ වියදම් කර බස්‌ නැවතුමක්‌ පමණක්‌ තනන්නේ නම් කැරට්‌ 8 රන් තහඩු සහ ස්‌ටර්ලිං රිදී යොදා එය නිම කළ හැකි ය. එහි ආසන කැටයම් සහිත කළුවර ලී සහ විල්ලුද රෙදි යොදා තැනීමට හැකි ය. තවත් වුවමනා නම් එය වායු සමනය කිරීමට ද හැකි ය. බස්‌ නැවතුම හොරුන් විසින් ගලවාගෙන යනු ලැබීම වැළැක්‌වීම සඳහා ඒ වටා විදුලි වැටක්‌ ද සවිකළ හැකි ය. මෙතැනින් ලක්‍ෂ හැට නිමාවට පත් වෙයි. එතැන් පටන් විදුලි වැට සහ බස්‌ නැවතුම ආරක්‍ෂා කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආරක්‍ෂකයන් ආණ්‌ඩුවේ වියදමින් තැබිය යුතු වෙයි. බස්‌ නැවතුම්පළ පෙර කී ආකාරයෙන් ඉදිකර නැත්තේ නම් ස්‌ථිර වශයෙන් රුපියල් හැට ලක්‍ෂය ගසා කා ඇති බව අපට ද පිළිගැනීමට සිදුවෙයි. ඊට අමතරව සුනාමිය සඳහා එකතු කර තිබූ රුපියල් විසිනව ලක්‍ෂයක අරමුදලක්‌ ලබා ගෙන එයින් රුපියල් දහතුන් ලක්‍ෂයක්‌ පමණක්‌ ආපසු පියවීම ඊළඟ වංචාව ය. මේ සියල්ලටම අමතරව උපකුලපතිතුමාගේ කාමරයට රුපියල් අසූහයදහසක්‌ වැය කර තිර රෙදි දමා ඇති බව එස්‌. බී. දිසානායක හෙළි කළේය. විශ්වවිද්‍යාලයේ අරමුදල්වලින් උපකුලපතිගේ නිවසට පාට ගෑම ද කර ඇත.

    කවුරු වුණත් මේ උපකුලපති නම් අමුතුම තාලයේ කෙනෙකි. තම කාර්යාලයේ තිර රෙදි සඳහා රුපියල් අසූහයදහසක්‌ වැය කළ ඔහු දිවා ආහාරය සඳහා ස්‌ථිර වශයෙන් ම රුහුණේ සිට දිනපතා කොළඹ පැමිණ තරු පහේ හෝටලයකට යන කෙනෙකු විය යුතු ය. සුළු මුදල් වලින් වැඩ කිරීමට නුපුරුදු මිනිස්‌සු තවමත් මේ රටේ ඉතිරිව සිටිති.........

    :no::no::no:



    Source : http://www.divaina.com/2010/07/02/editor.html



     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඉතින් දැන් ඕකට විරුද්ධව අරන් තියෙන පියවර මොකක්ද?
    හෙළි කරන එක නම් ඕනෙ එකෙක් කරාවි බන් උසස් අධ්‍යයාපන ඇමතියා විදිහට රිදෙන්න පියවරක් ගන්නෙ නැතුව හෙළ විතරක් කර කර හිටියම හරියාවිද?
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    ඉතින් දැන් ඕකට විරුද්ධව අරන් තියෙන පියවර මොකක්ද?
    හෙළි කරන එක නම් ඕනෙ එකෙක් කරාවි බන් උසස් අධ්‍යයාපන ඇමතියා විදිහට රිදෙන්න පියවරක් ගන්නෙ නැතුව හෙළ විතරක් කර කර හිටියම හරියාවිද?
    :yes::yes:
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    campus වල ඉන්න උන් දේශපාලකයන්ට ඕන ඕන විදියට නට නටා ඉන්නේ නෙතුව මේවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ඕන මුන් එලවනකන්.....:angry::angry::angry::angry::angry:
    කුලපතියත් කෙමති ඇති campus ඉන්න උන් එක එකා මර ගන්න කොට මුගේ මේ වගේ සීන් යට ගැහෙනවනේ ..
    ..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    VC ලොක්කට එන්න කියාපිය...
    මේවට උත්තර දෙන්න කියාපිය...
    බැරිනම් අකුලන් යන්න කියාපිය...

    :angry::angry::angry::angry::angry::angry:
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    vicechancellor.jpg

    Professor Susirith Mendis, The Vice Chancellor, University of Ruhuna, Matara, Sri Lanka
    http://www.ruh.ac.lk/Uni/vc_message.shtml