රු.ලක්ෂ 17000 ක් කප්පම් ගත් නාමල්ගේ තවත් නෑම්බ&#3538

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    රු.ලක්ෂ 17000 ක් කප්පම් ගත් නාමල්ගේ තවත් නෑම්බ&#3538



    නාමල් රාජපක්ෂ වෙනුවෙන් රුපියල් ලක්ෂ 17000 කට අධික මුදලක් මෙරට විවිධ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලෙස ලබා ගත් නාමල්ගේ තවත් නෑම්බියක් වූ අනුෂිකා රිෂ්නි වීරරත්න නමැත්තිය පිලිබඳ අපරාධ පරීක්ෂකයන්ගේ ඇස යොමුවීමත් සමග ඇය යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් පසුපස යමින් නීතියෙන් ගැලවී සිටීමට බලවත් උත්සාහයක් දරණ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.



    මෙකී රිෂ්නි වීරරත්න යනු ජනාධිපතිවරණ සමයේ නාමල් රාජපක්ෂ සමග බාලිකා විදුහල් වලට ගොස් කැම්පේන් කිරීමට යද්දී බාලිකාවන්ගෙන් ‘හූ පාර‘ කෑ ඉරාජ් විරරත්න නමැත්තාගේ සොයුරියකි. :P



    ඇය, මීට දශක කිහිපයකට පෙර නොම්මර 17 නමින් සැලියුලොයිඩ් පටයක් නිපදවීමෙන් ආරම්භ කර අහිංසක නවක නිළියන් ගණිකා මඩම් වලින් නතර කළ ප්‍රීතිරාජ් වීරරත්න නමැත්තාගේ දියණියකි.
    නාමල් රාජපක්ෂගේ කාල්ටන් සුපර් 7 තරඟාවලි වල සිට රාජපක්ෂලා 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා සෙන්ට් කිස්ට් දූපතේ දැමූ සාදය වැනි නාමල් රාජපක්ෂගේ සියළුම “ඉවෙන්ට්“ සංවිධානය කර ඇත්තේ මෙකී රිෂ්නි වීරරත්නය. ඒ සඳහා ඇය විසින් අටවා ගන්නා ලද ‘රෙඩ් චෙරී‘, ‘ඉල් නොයිස් එන්ටර්ටේන්මන්ට්‘ ආදී ආයතන රැසක් වන අතර ඇය ඒවායේ අධ්‍යක්ෂිකාවකැයි පැවසේ. මෙවැනි විවිධ “ඉවෙන්ට්“ සඳහා විදේශ වලින් ගෙන්වන ලද ගායකයන් නළුවන් යයි කියාගන්නා රොඩියන්ට ශ්‍රී ලංකාවේ තරුණියන් ගණිකාවන් ලෙස සැපයීමද පියාගේ ආභාෂය අනුව ඇය විසින්ම ඉටු කර තිබේ. කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැති මැය නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කර ඇත.


    මේ කාලය තුලදී රිෂ්නි වීරරත්න විසින් ‘මේක නාමල් රාජපක්ෂගේ වැඩක්‘ යයි කියා විවිධ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලෙස ලක්ෂ 25, 35, 50, ආදී ලෙස මහා පරිමාණයෙන් මුදල් ලබා ගෙන තිබෙන බව මේ වන විට හෙලි වී තිබේ. දිය යුතු මුදල ඇය විසින්ම තීරණය කර ඇත. බියට මුදල් දුන් ව්‍යාපාරිකයෝ දැන් ඒ ගැන සාක්කි කියති. සෙන්ට් කිස්ට් දූපතේ නාමල්ලා මහ බැංකු අධිපතිලා සමග සෙල්ලම් කෝච්චි ගිය නාස්තිකාර “ඉවෙන්ට්“ එක වෙනුවෙන් පමණක් ඇය මේ ආකාරයට එකතු කරන ලද මුදල රුපියල් ලක්ෂ 17000 ක් හෙවත් රු.බිලියන 1.7 ක් බව හෙලි වී ඇත.


    නාමල්ගේ නෑම්බියන් එකා දෙන්නා අත් අඩංගුවට ගනිද්දී තමා ගැනද තොරතුරු හෙලිවීමත් සමග බිය වී ඇති රිෂ්නි වීරරත්න දැන් යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් වෙත දන්නා කියන අය හරහා කතා කරමින් නීතියෙන් ගැලවී සිටීමට උත්සාහ දරන්නීය. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට එක් ඇමැතිවරයෙකු ඇයගෙන් විමසා ඇත්තේ “ඔයගොල්ලෝ බල්ලොත් එක්ක බුදියනකොට මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දැනගෙන හිටියේ නැද්ද?“ කියා ය. අප්පා ගේ සිටම බල්ලන් සමග නිදා ගත් පවුල් වල දරුවන්ට මැක්කෝ ගානක් නොමැති බව ඇමැතිවරයා නොදැන සිටියා විය යුතුය.
    කෙසේ වෙතත් පොත්ත රතට තියෙන නෑම්බියන් වෙනුවෙන් හිසේ සිට කළවා මැද දක්වා උණුවෙන මැදිවියේ බලවතුන්ට ජනාධිපතිගේ මාතර දේශනාව අනුවම යහජීවන ප්‍රේමී ජනතාවද අනතුරු අඟවනු ඇත.


    “අත දැම්මොත් බලාගෙනයි..!“

    Rishini-Carlton-super7-launch-SeanKingston.jpg




    Rishini-Chandrani_Bandara.jpg