රු.28කට_පෙට්‍රල් හා සමාන ඉන්ධනයක්

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    රු.28කට_පෙට්‍රල් හා සමාන ඉන්ධනයක්

    රු. 28කට පෙට‍්‍රල් හා සමාන ඉන්ධනයක් ලංකාවෙන්




    ගුණාත්මක බවින් පෙට්ට්‍රල් හා සමාන ඉන්ධනයක් වන බියුටෆෝල් බැක්ටීරියා මගින් පිදුරු ප්‍රතික්‍රීයකරණයකට ලක්කර නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා අංශයේ ආචාර්යවරු පිරිසක් සමත්ව සිටිති. පෙට්ට්‍රල් වාහන කිසිදු වෙනස් කිරීමකට ලක් නොකර ඒවායේ ඉන්ධන ටැංකියට මේ ඉන්ධනය සෘජුව යෙදිය හැකි බව පර්යේෂණය සිදුකළ ආචාර්යවරු පවසති. පිදුරු කිලෝ ග්‍රෑම් දෙකකින් බියුටෆෝල් ලීටර් එකක් නිපදවිය හැකි අතර ඒ සඳහා වැයවන මුදල රුපියල් 28.00 කි. කෘෂි ජීව විද්‍යා අංශයේ මහාචාර්ය සරත් බණ්ඩාර, ආචාර්ය සාලිය සිල්වා, පර්යේෂණ විද්‍යාඥ පි‍්‍රයන්ත විජේවර්ධන යන මහත්වරු විසින් අදාළ පරීක්ෂණය සිදුකරනු ලැබ ඇත.
    සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්‍රික් ටොන් පහක් එකතු වන බවත් පැවසූ පි‍්‍රයන්ත විජේවර්ධන මහතා මේ පසුබිම තුළ බියුටෆෝල් නිෂ්පාදනය කිරීම සඳහා රට තුළින් අමුද්‍රව්‍ය සොයා ගැනීම අසීරු නොවන බවද ප්‍රකාශ කළේය. බියුටෆෝල් ලීටරටයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 28 ක මුදලක් වැය වෙන්නේ පිදුරු කිලෝවක් මිලදී ගැනීමට ගොවි මහතෙකුට රුපියල් 10 ක මුදලක් ලබාදීමට ඇස්තමේන්තු කැර බවත් හෙතෙම කීය.




    Source:lankacnews
     
    • Like
    Reactions: skybirb