රූම් එකට පොලීසියෙන් පැන්නද...?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රූම් එකට පොලීසියෙන් පැන්නද...?

    2z4e3bc.jpg


    මාතෘකාව දැක්ක ගමන් අපි දිහා හැමදාම වපර ඇහින් බලන අයට හිතෙයි මෙන්න අඬන්න බලන් උන්න වෙලාවෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා කියලා. ඒත් මේ ලිපියෙන් අපි කියන්න උත්සහ කරන්නෙ ගොඩක් අය නොදන්න නීතිමය තත්ත්වයක් ගැනයි.

    වැඩිහිටි පරම්පරාව කොයි විදියට කිව්වත් අද තරුණ පරම්පරාව තමන්ට ඕන දේ ප්‍රසිද්ධියෙ හෝ අප්‍රසිද්ධියෙ කරනවා. හැමෝම නෙවෙයි හුඟක් අය එහෙමයි. ඒ අතරේ තමන් ආදරය කරන ගැහැණු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක මුහුදු වෙරළට, එහෙමත් නැත්නම් ලැඟුම්හලකට යන එක වගේ දේවලුත් තියෙනවා. මුහුදු වෙරළට යන එක නම් සාමාන්‍ය දෙයක්නෙ. ්ඒත් ලැඟුම්හලකට යන එක නම් දෙපාරක් හිතන්න වෙන දෙයක්. මොකද ඒ වෙනුවෙන් නිර්මාණය වුණ නීති කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ නීති ගැන අපේ තරුණ තරුණියන්ට වගේම සමහර පොලිස් නිලධාරීන්ට පවා නිසි අවබෝධයක් නැති බව පත්තරයක් කියවනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජනමාධ්‍යයක වගකීම මහජනතාව නිවැරදි සහ සත්‍ය සිදුවීම් වලින් දැනුවත් කිරීම. ඉතින් මේ කරන්න යන්නෙ අන්න ඒ වගේ දෙයක්.

    අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල් වලට යන්නෙ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යෙයන් ලැගුම්හල් වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලීසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ ගණිකා නිවාස පනතට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්නත් ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණ කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි කියලා ඉස්සෙල්ලා කියපු පනතෙ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ ගනිකාවක් වෙන්න ඕනෙ. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕන. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැඟුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුනා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලීසියට කිසිම බලයක් නෑ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත් ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ග න්න බෑ.

    ලැඟුම්හලකදි විතරක් නෙමෙයි වෙන ඕනෑම තැනකදි පොලිස් නිලධාරීන්ට තමන්ගෙ අනන්‍යතාව තහවුරු කරන්න බැරි වුණොත් නම් අනිවාර්යෙන්ම අත්අඩංගුවට පත්වෙන්න සිද්ධ වෙනවා.. ඒක තනියම පාරෙ යද්දි වුණත් එහෙමයි. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුවයි. ඒ නිසා යන තැනක අයි.ඩී එක හරි පාස්පෝට් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි අරන් යන්න අමතක කරන්න එපා. හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අත්අඩංගුවට පත් වුණොත් ඔයාලට විරුද්ධව පොලීසියට ගොනු කරන්න පුළුවන් වෙන්නෙ අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම කියන චෝදනාව විතරයි. ලැඟුම්හලක ඉඳලා අනන්‍යතාව තහවුරු කරන්න බැරිවුණු වෙලාවක ලිංගික ක්‍රියාවක යෙදුනා කියලා චෝදනා කරන්න බැහැ. අත්අඩංගුවට ගන්නවා නම් චෝදනාව වෙන්න ඕන කලින් කිව්ව වගේ අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම කියන එක විතරයි. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා පොලීසියට විරුද්ධව පියවරක් ගන්න අදාළ පුද්ගලයාට පුළුවන් වෙනවා.

    ඒ වගේම ලැඟුම්හලක් හෝ වේවා වෙන ඕනෑම තැනක් හෝ වේවා වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයෙක් හෝ ගෑණු ළමයෙක් එක්ක ලිංගික කාර්යයේ යෙදීමත් දඬුවම් ලැබෙන වරදක්. ඒක සිද්ධ වෙන්නෙ ඒ බාල වයස්කරුගෙ කැමැත්තෙන් වුණත් එය වරදක් විදියට පිළිගන්නවා. බාල වයස්කරුවක අපයෝජනයට ලක් කිරීම කියන චෝදනාව මත ඒ වරදට නඩු දමන්න පුළුවන්. ඒ කියන්නෙ වයස අවුරුදු 18ට අඩු නම් කිසිම කෙනෙකුට කොච්චර කැමැති වුණත් ලැඟුම්හලකට යන්නවත් ලිංගික ක්‍රියා සිදුකරන්නවත් අවසර නැහැ. වයස අවුරුදු 18ට වැඩි නම් තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්නත් පුලුවන් නම් ලැඟුම්හලකට යෑම වරදක් කියලා නීති පොත්වල කොහෙවත් ලියල නැහැ. ඒ වගේම එය වරදක් විදියට පිළිගන්නෙත් නැහැ. නමුත් අපේ රටේ සංස්කෘතියට අනුව නම් එය වරදක්. වරදක් නෙවෙයි පාප කර්මයක්.

    ඒ වගේම 18ට වැඩි ගැහැනු ළමයේක එයාගෙ අකමැත්තෙන් ලිංගික කර්යයේ යොදවා ගන්නවා න්ම ඒක වරදක්. ඒ වරදට දන්ඩ නීති සංග්‍රහයේ තියෙන ස්ත්‍රී දූෂණය කියන චෝදනාව යටතේ නඩු දාන්න පුළුවන්. මේ ප්‍රශ්නෙදි මූලික වෙන්නෙ ඒ කාන්තාවගෙ කැමැත්ත හෝ අකමැත්ත. ඒ නිසා කටඋත්තරය ගන්න අවස්ථාවෙ අදාළ කාන්තාවගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඇය මානසික පීඩනයකින් ඉන්නවා නම් හරි හොඳ සිහිබුද්ධියක් නැත්නම් හරි කට උත්තරය ගැනීම ප්‍රමාධ කරන්න පුළුවන් මුලදී කැමැත්තෙන් ගිහින් පස්සෙ එක එක ලාභ ප්‍රයෝජන නිසා අකමැත්තෙන් බලෙන් එක්ක ගියා කියලා කියන අයත් ඉන්නවා. එහෙම වුනොත් නම් ඉතින් බොහොම කණගාටුයි. මොකද අසාධාරණයට ලක්වුනු පාර්ශවය ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා.

    දැන් අපි බලමු කසාඳ බැඳපු අයට මේ නීතිය කොහොමද බලපාන්නෙ කියලා. ඔන්න දෙන්නෙක් ලැඟුම්හලකට යනවා කියලා හිතන්නකො. ඒ දෙන්නා වෙනත් දෙන්නෙක්ව බැඳලා ඉන්නවා නම් ඒක අනාචාරයේ හැසිරීමක් වෙනවා. හැබැයි අනාචාරයේ හැසිරුනා කියලා කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පොලීසියට බලයක් නැහැ. මේ කාරණාව වැදගත් වෙන්නෙ දික්කසාද නඩුවකදි දික්කසාදයට හේතුවක් විදියට විතරයි. තමන්ගෙ සැමියා අනාචාරයේ හැසිරෙනවා කියලා බිරියක් ගිහින් පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා කියලා සැමියව අත්අඩංගුවට ගන්න පොලීසියට බෑ. ඕන නම් අවවාද කරන්න පුළුවන්. දික්කසාද නඩුවකදි වුණත් අනාචාරයේ හැසිරුනා කියලා නිකන් කියලා වැඩක් නෑ. පිලිගතහැකි සාක්ෂි තියෙන්න ඕනෙ.

    අපි ඕනෙ තරම් අහලා දැකලාතියෙන දෙයක් තමයි සමහර වෙලාවට ලැඟුම්හල වටලන පොලිස් නිලදාරීන් ඒ වෙලාවේ ලැඟුම්හලේ ඉන්න ජෝඩු ඔක්කොම පොලිස් ජීප් එකේ දාගෙන පොලීසියට අරන් යනවා කියන එක. එහෙම අරන් යන්න නම් නිශ්චිත චෝදනා තියෙන්න ඕනෙ. ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 18ට අඩු නම් අනිවාර්යෙන්ම පොලීසියට යන්න වෙනවා. ඒ වගේම අනන්‍යතාව තහවුරු කරගන්න බැරි වුණත් පොලීසියට යන්න වෙනවා. එහෙමත් නැත්නම් තමා එක්ක ඉන්න කාන්තාව ලැඟුම්හලේ සේවය කරන කෙනෙක් නම් ඒත් පොලීසියට යන්න වෙනවා. එතැනදි සැලකෙන්නෙ අදාළ කාන්තාව ගණිකාවක් විදියටයි. ගණිකා වෘත්තිය කියන්නෙ තාම අපේ රටේ තහනම් දෙයක්. මේ යන විදියට නම් ඉදිරියෙදි ඒතහනම ඉවත් වෙන්න ඉඩ තියෙනවා.

    කොහොම වුණත් හැමදෙයක් ගැනම දැනුවත් වීම වැදගත්. දැනුවත්කම මුවහත් ආයුධයකටත් වඩා මුවහත්.

    දුලී
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අපි කැල්ලක් අරං රුම් එකකට ගිහින් අයිඩි තිබ්බත් පොලිෂ් කාරයෝ කුදලන් යනවා බං
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි කැල්ලක් අරං රුම් එකකට ගිහින් අයිඩි තිබ්බත් පොලිෂ් කාරයෝ කුදලන් යනවා බං
    ආබාදිතයන්ට කරදර කරන එක පවක් බන්. ඒකයි. අනික් දවසේ සම්පූර්න එකක් අරන් පල.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචෝ මම අහල තියෙන විදිහට නම් 16ට අඩු කෙනෙක්ව නේද ලින්ගික ක්‍රියාකාරකම් සදහා යොදා ගන්න බැරි...සමහර විට මම වැරදිද දන්නෙ නෑ...:oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    police ya panne nethi hoda rooms thiyena thenak colombo walin kiayanko

    ඈ බොල උබ දැන් බැන්දා කිව්ව නේද?ගෙදර ඉදන් කරන්න ඕන දෙයක් කර ගනින්කො...ආයෙ රූම්ස් ගානෙ බොක්ස් ගානෙ යන්නෙ නැතිව..:angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    police ya panne nethi hoda rooms thiyena thenak colombo walin kiayanko
    ඇයි යකෝ ගෙදර ඇඳේ ඉඩ නැද්ද..? :growl:

    මචෝ මම අහල තියෙන විදිහට නම් 16ට අඩු කෙනෙක්ව නේද ලින්ගික ක්‍රියාකාරකම් සදහා යොදා ගන්න බැරි...සමහර විට මම වැරදිද දන්නෙ නෑ...:oo:
    18ට අඩු වෙන්න ඕන මචං මං හිතන විදියට.. ඒත් නොයා ඉන්න එක තමා හොඳම වැඩේ..

    මේ සිරි ලංකාවෙ කෙල්ලෙක්ට කොල්ලෙක්ට නිදහසේ කතාබහ කරන්නවත් නිදහසක් නෑනෙ බං.. ඒකයි ඔය කෙල්ලො කොල්ලො රූම්ස් ගානෙ යන්නත් හේතුව.. ඒත් බං ගොඩක් එවුන්ට හැඟීම් පාලනය කරගන්න බෑ රූම්ස් වලට ගියාම.. අනිවා ඉතිං අහවල් වැඩේ වෙනවනේ..

    ඔය නිදහසත් නැති කරගත්තෙ අපේ උන්ම තමා.. ගාල්ලෙ කොටුව, මල් වත්ත ඔය තැන් දෙකේම ඉස්සර ඕන තම් කපල් ඇවිත් හිටියා.. ඒත් සමහර එවුන් ගුල් අස්සෙ රිංගගෙන ඇඳුම් ගලවගෙන පිස්සු කෙලින්න ගත්තා.. ඔය සීන් නිසා දැන් මල්වත්තෙ, කොටුවෙ කපල් වලට වැඩිය ඉන්න බෑ.. පොලීසියෙන් කේස් දානවා.. ඒත් ඉතිං ඔය හැම එකම වලංගු වෙන්නෙ එක කොටසකටත් විතරයි..


    මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
    -පුවතක්


    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන! කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී


    supiri putha... (Y) badinna kalin karana sex nam mama tharaye hela dakinava
    ඔව්.. හෙලා දැක්කට වැඩක් නෑ අපේ එවුන් යනවනේ.. :rofl:

    ඈ බොල උබ දැන් බැන්දා කිව්ව නේද?ගෙදර ඉදන් කරන්න ඕන දෙයක් කර ගනින්කො...ආයෙ රූම්ස් ගානෙ බොක්ස් ගානෙ යන්නෙ නැතිව..:angry::angry::angry:
    :lol: