රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය.

    සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු ලෙස රෙක්ස් කොඩිප්පිලි මහතා හැඳින්විය හැක.

    සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කළ රෙක්ස් කොඩිප්පිලි මහතා, චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක සිය රංග ප්‍රතිභාව විශද කළ අයෙකි.

    මේ පිළිබඳ ප්‍රවීණ ඡායාරූප ශිල්පී, ගායන ශිල්පී දයාන් විතාරණ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබිණි,

    තිරයට පමණක් ම දුෂ්ටයෙකු වූ ආදරණීය රෙක්ස් අයියා අපෙන් සමුගෙන යයි .................................

    සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අද උදෑසන සිය දිවි ගමන නිමා කර ඇති බව ඔහුගේ ඥාති දියණියක වන විදිෂා මා අමතමින් පැවසීය.

    කිසි දින නළුවෙකු වීමට සිහින නුදුටු ඔහු හමුදා පොලීසියෙහි කලක් සේවය කර ඉන්පසු "සලාකා" ව්‍යාපාරයට එක්වූවේය. ප්‍රවීණ සිනමා නළු ඔස්වල්ඩ් ජයසිංහයන්ගේ මැදිහත්වීමෙන් කේ. ඒ. ඩබ්. පෙරේරා මුණගැසෙන රෙක්ස් අයියා "කතුරු මුවාත්" චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයකින් සිනමාවතීර්ණ වූවේය.

    යතුරු පැදි ධාවනයක යෙදෙමින් ත්‍රාසජනක භයානක සටන්කාමී ජවනිකාවක් "ලොකුම හිනාව" චිත්‍රපටයේ රංගනය කරමින් සිනමාවේ කාගේත් නොමද අවධානයට පත් ඔහු රංගනය කළ චිත්‍රපට රැසකි. ඔහුගේ සිනමාවලෝකනයේ "මරුවා සමග වාසේ" හි සීමන් අප්පු, "සිහසුන" හි කාල්, "දමයන්ති" හි රොබට් වික්‍රමසිංහ, "මුවන්පැලැස්ස" හි කදිරා, "රක්තා" හි ධානු, "චන්දීරා" හි සක්කර මාමා, "බයිසිකලේ" හි කළු මහත්තයා, "කොටි වලිගය" හි සාජන්ට් සිල්වා, "ක්‍රිස්තු චරිතය" හි පිලාත්, "අහිමි දඩමං" හි ඇත්දළ පහරින් තුවාල වූ මිනිසා, "අපරාධය සහ දඬුවම" හි මාකස්, "කිරි මධු වැල්" හි ඉන්ක්ස්පෙක්ටර්, "හුලවාලි" හි මහයා, "සසර චේතනා" හි රොසයිරෝ වැනි චරිත මෙන්ම මෑතකදී රංගනය කළ "වන් ෂොට් වන්" හි සල්ලාල ආරච්චි ඇමති, "මහින්දාගමනය" හි ධර්මාශෝක අධිරාජයා, "ඩොක්ටර් නවරියන්" හි නවරියන්ගේ පියා, "රන්ජා" හි පොලිස් ස්ථානාධිපතිවරයා, "අංජලිකා" හි අර්ඩ්ලි, "මහරජ අජාසත්" හි පුරෝහිත, "කිව්වද නහී නොකීවද නහී" හි සනත්ගේ පියා වැනි චරිත රාශියක් මතකයේ රැඳේ.

    චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයක විවිධාකාර චරිතයන් රංගනය කළ ඔහු "සුවඳ දැනුනා ජීවිතේ" චිත්‍රපටයේ රොෂාන් රණවණගේ පියා ලෙස මම ද සහභාගී වූ අවසන් ගීතමය ජවනිකාවේ එන "සිත් මල් හැඟුම් පොපියන යාමේ........" ගීතයේ "හදවත සනසන මනදොළ පිනවන" යන ගී ඛණ්ඩයට රංගනය කරන ආකාරය කාගේත් මතකයෙන් රැඳී ඇත.

    ගායනයට ද විශේෂ ඇල්මක් ඇති ඔහු "සාගරිකා" චිත්‍රපටයේ "කකුළුවා නටන්නේ දියරත් වෙන තුරු......." ගීය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් විය. "බයිසිකලේ" චිත්‍රපටය හරහා සිනමාපට නිෂ්පාදනය කළ ඔහු "රන් කහවණු" ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිසියේය.

    මෑතකදී විකාශය අවසන් වූ "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ පළමු අදියරේ රවීගේ පියා ලෙසින් ඔහු රංගන දායකත්වය ලබාදුන්නේය.

    සරසවි කුසළතා සම්මානලාභියකු ද වන රෙක්ස් අයියා ඉකුත් 2018 වසරේ අද වන් දිනක රාත්‍රී 12 ට සිය උපන්දින කේක් ගෙඩිය කපමින් සිය 80 වැනි උපන්දිනය සැමරුවේය. ඔහුට මහත් විස්මයට කරුණක් වුයේ එම අවස්ථාවට ඔහුගේ විදෙස් ගත දියණියන් දෙදෙනාත් පැමිණ සිටීම ය. මා මිත්‍ර දම්මිත් ෆොන්සේකා සමග මාත් ඊට සහභාගී වූ අතර අප දැකීමෙන් ද ඔහු මහත් විස්මයට පත් වුයේය.

    මට ස්තූතිවන්ත වෙමින් මහත් සේ කෘතවේදීව වීඩියෝවක් ඔස්සේ පවා මට ස්තූතිවන්ත වීමට තරම් නිහතමානී වූ රෙක්ස් අයියා ඉකුත් කාලයේ මා සම්මානිත වූ සම්මාන උළෙලක ඔහු ද සම්මානිත වූ හෙයින් පැමිණ සිටිනවා දුටුව ද මට එදින ඔහුගේ ඡායාරූප ගැනීමට නොහැකි වීම මහත් දුකකි.

    අවසන් කටයුතු පසුව දැනුම් දෙන අතර ආදරණීය රෙක්ස් අයියේ, ඔබට නිර්වාණ සුවය වැඩි ඈතක නොවේවායි පතමි !!!

    1703410774706.png
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    View attachment 221558

    @Chimpanzee Putha

    මිනිහෙක් මැරුණම හිනා වෙන්නෙ ඇයි බන්
    ------ Post added on Dec 24, 2023 at 3:12 PM
    අනේ my bad mcn වරදී මූණ සිලෙක්ට් උනේ 😢
     
    • Love
    Reactions: gamerlk