ජාත්‍යන්තර කීර්තියට පත් මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වේ

monson

Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113
    iqbal_260113.jpg

    ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටි විශිෂ්ටතම ජනමාධ්‍යවේදියෙකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම සිය දිවි සැරිය නිම කළේය.

    කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 81 වැනි වියේ පසුවිය.

    අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භුමියේ දී සිදු කෙරේ.

    ඒ මහතාගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබේ.

    ඉක්බාල් අතාස් මහතා සන්ඩේ ටයිම්ස් හි ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර ඔහු ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි, සීඑන්එන් සහ ටයිම්ස් ඔෆ් ලන්ඩන් වෙත ද ලිපි සම්පාදනය කළේය.

    ශ්‍රී ලංකා ආරක්ෂක භටයින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආයුධ මිලදී ගැනීමේ අපකීර්තිය අනාවරණය කරගත් ඔහුගේ ගවේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් ඔහුට ජිවිත තර්ජන පවා එල්ල විය.

    ඔහු සිය කාර්යය සඳහා ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් දිනා ඇති අතර 2000 දී නිව්යෝර්ක් ටයිම්ස් ඔහුව විස්තර කළේ "රටේ ප්‍රමුඛ හමුදා වාර්තාකරු" ලෙසය.


    - https://theleader.lk/news/38169-2026-01-13-03-53-57
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,710
    13,489
    113
    සුපිරිම මද්‍යවේදියෙක් තමයි . මෙයගේ ඊලාම් යුද්දය සහ ඊශ්‍රායල් සම්බන්ධකම් ගැන ලිපියක් තියෙනවා කියවලා බලන්න
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,450
    8,607
    113
    මහින්දගේ කාලේ කොච්චර මාධ්‍යවේදියෝ මැරුවද ? හැබැයි මූ බේරුනා.