රෙඞ්බුල්

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    [FONT=&quot]රෙඞ්බුල් නිෂ්පාදනය සඳහා වෘෂභ ශුක‍්‍රානු භාවිතා කරනවා කියන්නේ ඇත්තද ?:shocked:[/FONT]




    energy-drinks-bull-sperm.jpg


    රෙඞ්බුල් කියන ලොව අංක එකේ ශක්තිජනක පානය පිළිබඳව බොහොමයක් කටකතා පැතිරගිය බව ඔබ දන්නවා ඇති. මෑතකදී රෙඞ්බුල් පිළිබඳව පැතිරගිය අලූත්ම කටකතාව වුනේ එහි වෘෂභ ශුක‍්‍රානු අන්තර්ගත වෙන බවයි.





    ඒකද දන්නෑ ඈඔුල්‍ රහක් එන්නේ:D:D

    එම කටකතාව ලොවපුරා මෙතරම් ප‍්‍රචලිත වීමට හේතුව වුනේ, ලෝන් හෝන් කැට්ල් යනුවෙන් හඳුන්වන සමාගමක් මෑතකදී සිදුකරනු ලැබූ බව පවසන පර්යේෂණයක් නිසාවෙනි. සිදුකරනු ලැබූ එම පර්යේෂණයේදී රෙඞ්බුල් වල (taurine) අන්තර්ගත වෙන බව සනාථවී තිබුණු බවයි ඔවුන් පවසා සිටියේ. නමුත් ටෙක්සාස් වල අවන්හලක් හැරෙන්න, එම නමින් වෙනත් කිසිඳු සමාගමක් ඇත්තේ නැහැ. ඒවගේම ඉහතකී නම ඇති සමාගමක් විසින් එවැනි පර්යේෂණයක් පැවැත්වූ බව තහවුරු කළහැකි කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් සහ වාර්තාවක්ද ඇත්තේ නැහැ




    රෙඞ්බුල් නිෂ්පාදනයක් ගෙන පරික්ෂාකර බැලූවොත් එහි taurine ලෙස හඳුන්වන අමුද‍්‍රව්‍යයක් ඇත්තමට සඳහන් කර තිබෙන බව ඔබට දැකගන්නට ලැබේවි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ එය වෘෂභයින්ගේ වෘෂණ කෝෂ වලින් සකස් කරන ලද්දක් බවයි. ඔවුන් එසේ සිතීමට පෙළඹී තිබෙන්නේ taurine කියන වචනය පිළිබඳව වැරදි වැටහීමකින් සිටින නිසාවෙනි. ඇත්තටම එය වෘෂභයින්ගේ වෘෂණ කෝෂ වලින් නිෂ්පාදනය කරන ලද්දක් නොවෙයි, ඉහල ප‍්‍රමිතියකින් යුතුව සංයෝගාත්මකව නිෂ්පාදනය කරන ලද්දකි.


    Z
    Z



    විශේෂඥයින් පවසන දේවල් මෙන්න


    ශක්තිජනක පානයන් නිෂ්පාදනයේදී නැතුවම බැරි අමුද‍්‍රව්‍යයක් ලෙස taurine හඳුන්වන්න පුළුවන්. taurine යනු මිනිස් ශරීරයෙන් හමුවෙන ස්වභාවික ද‍්‍රව්‍යයක් සහ ඇමයිනෝ අම්ල විශේෂයක් ලෙසද හඳුන්වන්න පුළුවන්. නමුත් ශක්තිජනක පානයන් සඳහා භාවිතා වෙන taurine නම් සංයෝගාත්මකව නිෂ්පාදනය කරන ලද ඒවාය. එම නිසා taurine හදන්නේ වෘෂභයින්ගේ වෘෂණකෝෂ වලින් කියන එක තනිකරම මිත්‍යාවක් පමණයි


    අනෙකුත් සත්වයින්ගේ ශරීර තුල වගේම වෘෂභයින්ගේ ශරීරය තුලද taurine අන්තර්ගතව පවතිනවා. 1827 වර්ෂයේදී ජර්මන් වෛද්‍යවරුන් විසින් ප‍්‍රථම වරට වෘෂභයෙකුගේ පිත taurine වලින් වෙන් කරගැනීමටද සමත්වී තිබෙනවා. මෙම මිත්‍යාව පැතිරයාම සඳහා එමගින්ද යම් උත්තේජනයක් ලැබෙන්නට ඇතිකියා සිතන්නට පුළුවන්. නමුත් අදවන විට එය පහසුවෙන්ම සංයෝගාත්මක්ව නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.


    මෙිකෙ හොද නරක දෙපැත්තක් තිබෙන බව ඔබ දැනගන්න..:D


    උපුටා ගැනිමකි...:D
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    කාගේ හරි වෘෂභ කතාවක් වෙන්න ඇති..ඉතිං එකට වෘෂභ යෝ ඔක්කොම රැවටිලා
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Taurine is an amino acid that supports neurological development and helps regulate the level of water and minerals in the blood. Taurine is also thought to have antioxidant properties.

    Taurine is found naturally in meat, fish and breast milk, and it's commonly available as a dietary supplement. Some studies suggest that taurine supplementation may improve athletic performance, which may explain why taurine is used in many energy drinks.