මමත් Online Tools use කරනවා ඔය projects වල time management, scheduling, reminders වගේ වැඩ වලට. මොකද office time එකේ phone එක/Laptop එක ලඟම තියෙන නිසා කරදරයක් නැහැ. Notification බලලා ගාණට වැඩේට attend වෙන්න පුළුවන්.
නමුත් private/personal life එකේ දේවල් වලට නම් ඔය apps එහෙම සෙට් වෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස.
මගේ කාමරයේ ටිකක් ලොකු Whiteboard එකක් තියෙනවා, මගේ & Most of the times, wife ගේ To Do list එක ලියලා තියෙන්නේ ඒකේ.


ඒකෙන් ගෙදර වැඩ, Work from Home වැඩ සහ Online Meetings එහෙම manage කරගන්න ලේසියි. විශේෂයෙන්ම ගෙදර දොර වැඩ අපි දෙන්නටම පේන නිසා එක්කෙනෙක් busy වුණොත් අනික් කෙනාට ඒ වැඩේට attend වෙන්න පුළුවන්.
ඊට අමතරව ගෙදරට ගේන බඩු එහෙම ලියන්න Fridge එකේ magnatic writing pad එකක් ගහලා තියෙනවා.