Mobile app එකක් හදමුත

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,044
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මුලින්ම mobile app එකක් ලේසියෙන් හදන තැනින් පටන් ගමු.
    ලොකු දෙයක් නෑ බන් ඇප් එකක් හදන්න. ඇප් හදනව කියල නටන්න ඕනි නැ බන්. ඔස්තාර්ල දැන් බැනගෙන එන්න එපා. මන් මේක මේ දාන්නෙ beginnersලට 😒 පන්ඩිත නොවී මන් කියන එක කරල බලපම්කො. තව මේවගේ tools තියනව. අද antigravity එකෙන් පටන් ගමු.
    අපි ගොඩක් වෙලාවට tech world එක ගැන බලලා හිතන්නේ
    “අනේ ඒව අපිට බෑ බන්” කියලා.
    App development කියලා කිව්වමම හිතෙන්නෙ coding කියන්නෙ හෙන කදු වගේ

    images (7).jpeg


    කවදාවත් හිතුවද ඔයාලා ඇප් එකක් හදන්න මෙච්චර ලේසි වෙයි කියලා?
    තාස්සනේ පුදුම දියුනුවක්නි බන් දැන් තියෙන්නෙ 🥹

    ඉස්සර ඇප් එකක් හදන්න languages කීයක් නම් ඉගෙන ගන්න ඕනිද?
    Java වෙනම.
    Kotlin වෙනම.
    Swift වෙනම.
    React Native කරනවනම් JavaScript හොඳටම දැනගන්න ඕනි.

    එතකොට Android Studio install කරන්න,
    Xcode install කරන්න,
    SDK errors fix කරන්න,
    Emulator run කරන්න…

    Coding start කරන්න කලින්ම ඔලුව ගිනි ගන්නවා 😅

    Simple login screen එකක් හදන්නත් lines ගොඩක්.
    Bug එකක් ආවම Google search කර කර පැය ගානක්.
    සමහර වෙලාවට සති ගණන් project එක complete කරන්න යනවා.

    ඒත් දැන් බලන්න…

    Antigravity software වගේ tools එක්ක
    situation එක totally වෙනස් වෙලා. මේක ඇවිත් දැන් මාස 3ක් වගේ.

    ඔයාට idea එකක් තියෙනවා නම්,
    app eka mokadda kiyala simple describe කරනවා.
    Features ටික select කරනවා.

    Minutes 15–20ක් ඇතුළත base app structure එක ready.

    Coding completely නැති වෙලා නෙවෙයි.
    හැබැයි ඉස්සර boilerplate code ලියලා waste වෙච්ච time එක
    දැන් automation එක්ක save වෙනවා.

    Difference එක speed එක.

    Install කරන්නත් අමාරු නෑ.

    Node.js LTS version එක මෙතනින් download කරගන්න පුළුවන්:
    https://nodejs.org

    Git එක මෙතනින් ගන්න පුළුවන්:
    https://git-scm.com/downloads

    ඊට පස්සේ Antigravity official site එකෙන් software එක download කරලා install කරන්න:
    https://antigravity.google/download

    Open කරලා “New Project” click කරලා try කරලා බලන්න.

    අවන්කවම කියන්නම්,
    technology evolve වෙන විදිහ දැක්කම හිතෙන්නෙ අපි slow වෙන්න හේතුවක් නෑ කියලා.

    Idea එකක් තියෙනවා නම්
    “දවසක හදන්නම්” කියලා නතර වෙන්න එපා.
    Try කරලා බලන්න.
    සමහරවිට ඒකෙන් ඔයාගේ next big project එක start වෙයි.

    Extra tip එකක් 😌
    Simulators දාගන්න ගියාම ලැප් එක හිරවෙනව වගේ නම්, අවුලක් ගන්නෙපා. RAM අඩු ලැප් වල Android Studio emulator run කරනකොට ලැප් එක කෑගහනවා.

    1. Expo use කරලා project එක run කරන්න. Emulator එකක් open නොකරම QR code scan කරලා phone එකේ direct run කරගන්න පුළුවන් expo go app එක හරහා.

    2. නැත්නම් Wireless debugging (real device) try කරන්න. Phone එක direct connect කරලා real device එකේ test කරගන්න පුළුවන්.

    ඇත්තටම කිව්වොත්
    Real device එකේ test කරන එක emulator එකට වඩා practical. නැත්තම් expo වලින් හදල ඇප් එක බිල්ඩ් කරල ඉන්ස්ටෝල් කරහම erros එනව.

    Tool එක හරි විදිහට use කරනකොට අමාරු කියලා හිතපු දේවල් ලේසි වෙනවා.

    අඩුපාඩු සහ ඔයාලගෙ අදහස් කමෙන්ට් කරගෙන යන්න.