රෙද්ද පල්ලෙන් පෙරෙන ආශ්චර්ය
ආසියාවේ ආශ්චර්ය බවට පත් වීමට අපට ඇත්තේ තව හූවකින් දහයෙන් පංගුවක දුර පමණි. එනම් අත ළඟය. අපිව පාලනය කරන පාලකයෝද, ඔවුන්ගේ හොරනෑ බවට පත්ව සිටින සිළුමිණ, දිනමිණ , අයි ටී එන් , ජාතික රූපවාහිනිය පමණක් නොව තමන් ස්වාධීන යැයි කියාගන්න ස්වර්ණවාහිනිය, දෙරණ , දිවයින වැනි මාධ්‍යද අපිට උදේ සිට රෑ වෙන තෙක්ද , රෑ සිට එලි වෙන තෙක්ද නොනැවතීම ඒ බව අපිට මතක් කර දෙයි. අධි වේග මාර්ග, ගුවන් පාලම , මුහුද ගොඩ කර හදන නගර, භූමිය කපා හදන වරාය , ගුවන් තොටුපල , ජාත්‍යන්තර ක්‍රීඩාංගන ගැන ප්‍රවෘත්ති හතර වටින් ඇසෙයි.
මේ කියන හැටියට තව මාසද දෙක තුනකින් සිංගප්පුරුවද , අවුරුද්දකින් පමණ චීනයද , ඊළඟ අවුරුදු කීපය ඇතුලත, ඇමෙරිකාව දක්වා වන සියලු රටවල්ද ආර්ථික සංවර්ධනයෙන් අපිට පැරදෙනු ඇත.
මෙසේ රටක් සංවර්ධනය වන විට වාසි ලැබෙන්නේ එහි වැසියන්ටය. , තමාගේම සුඛෝපභෝගී රියෙන් අධිවේග මාර්ගය දිගේ ඉලක්කම් හයේ වැටුපක් ගෙවන රැකියාවට යන හැටි මේ දිනවල නිතර සිහින දකී. ඒ සිහිනය හරි සුන්දරය. කුණු පොදක් නැති කොළඹ නගරයෙන් හමන්නේ මල් සුවඳය. ( වරදවා වටහා නොගන්න , ජැස්මින් සුවඳ නොවේ) . පැල්පත් නැත. හරියටම යුරෝපයේ නුවරක් බඳුය. ජීවිතය හරිම පහසුය. කිසිම හැලහැප්පීමක් නැතිව ඔහේ , ලතාවකට ගලා යයි. සියලු දෙනාම සතුටිනි.
මෙසේ රටම ආශ්චර්ය කරා සිහිනෙන් ගමන් කරමින් සිටින අතර මේ ආශ්චර්යේ සිහිනය බිඳීමට උත්සාහ කල පිරිසක් ගැන අද ලංකාදීපයේ වාර්තා කර තිබිණි.
ඒ නාවුල කඹරව කනිටු විදුහලේ පාසලේ ඉගෙන ගන්න සිසුන් හා උන්ගේ දෙමව්පියන්ය. ඔවුන් කියනපරිදි එම පාසලේ සිසුනට වසර දෙකක් තිස්සේ නිසි උගැන්වීමක් කර නැත. ඒ අවශ්‍ය ගන්නට ගුරුවරුන් නැති නිසාය. මේ සිසුනට උගන්වන්නේ චිත්‍ර විෂය පමණකැයි ඔවුන් පවසා තිබිණි. ප්‍රවෘත්තිය වුයේ ගුරුවරුන් ඉල්ලා දෙමව්පියන් අධ්‍යාපන කාර්යාලය වැටලීමයි.
මේ පාසලේ සිසුන් 90 හා ගුරුවරුන් 7 සිටිති. ඒ අනුව නම් ගුරු සිසු අනුපාතය ඉහටත් උඩින්ය. එහෙත් එම පාසලේ 1 සිට 11 වසර තෙක් පන්ති තිබේ . ගුරුවරුන් 7 දෙනෙක් පන්ති 11 උගන්වන්නේ කෙසේද. සෑම විටම පන්ති 4 ක සිසුන්ට නිකරුනේ කාලය ගත කිරීමට සිදු ව තිබේ. සමහර විට එම නිකරුනේ සිටින සිසුන්ගේ ඝෝෂාව ඉවසා ගත නොහෙන ගුරුවරයෙක් ඔවුනට චිත්‍ර අඳින්නට කියනු ඇත. තමන්ට වැඩියෙන්ම උගන්වන්නේ චිත්‍ර යයි මේ දරුවන් කියන්නේ ඒ නිසාය.
සමහර පාසල් වල දෙමවුපියන්ට තම දරුවා යන පාසලේ ඇති ප්‍රශ්න බවට පිහිනුම් තටාකයේ ඉඩ කඩ හෝ පරිගණක වල වේගය අඩු කම , පත් වෙද්දී තවත් සමහරුන්ට මෙසේ තම දරුවන්ට අකුරු කරනට ගුරුන් ඉල්ලා උපවාස කරන්නට සිදුව ඇත. අපේ රට ආසියාවේ ආශ්චර්ය කරන්නේ මෙසේද?
නැත්නම් මේ දරුවන් අපේ රටේ ආශ්චර්යට අනවශ්‍ය උන්වත්ද?
(ගුරුවරයෙකුගේ ආරම්භක වාර්ෂික වැටුප ලක්ෂ දෙකකටත් අඩුය. පසුගියදා ඇමතිකම් නොලැබුන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ට ලබා දුන් එක ප්‍රාඩෝ රථයක මුදලින් ගුරුන් 60 දෙනෙකුගේ වසරක වැටුප් ගෙවිය හැක)