රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!

රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!


හික්‌කා 2009 සැණකෙළිය පිළිබඳ අප පසුගිය සතියේ කළ හෙළිදරව්ව අද වනවිට සමාජය තුළ අලුත් කතිකාවක්‌ නිර්මාණය කරන්නට මාතෘකාවක්‌ වී තිබේ. අපේ සමාජය අද ඒ මාතෘකාව ඔස්‌සේ සංචාරක කර්මාන්තයේ අනාගතය පිළිබඳ කතා කරමින් සිටිති...

ඒ කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යැමට තුඩුදෙන කරුණු කාරණා කිහිපයක්‌ සමාජගත කිරීම අරමුණු කරගෙන මා නැවතත් හික්‌කා 2009 සැණකෙළිය ගැන කතා කරන්නට කල්පනා කළෙමි...

හික්‌කා 2009 සැණකෙළිය වැනි අශ්ශීල අශිෂ්ඨ උත්සවයක්‌ හෙළිදරව් කරමින් අප පසුගිය සතියේ කෙළින්ම ඇඟිල්ල දිගු කළේ සංචාරක ඇමැතිවරයාට හා සංචාරක මණ්‌ඩලයට එරෙහිවය. එහෙත් මේ සතියේ අප ඊට එහා ගොස්‌ සංචාරක මණ්‌ඩලයට වී ඇති නස්‌පැත්තිය හා එහි බලධාරීන් මෙසේ හැසිරෙන්නට හේතුවී ඇති කාරණා වඩාත් සවිස්‌තරව කතාබහ කරන්නට උත්සහ ගත්තෙමු.

ඒ ඔස්‌සේ සංචාරක මණ්‌ඩලය යනු අද කුමක්‌ද ඉන් මේ රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට සිදුවන සේවය කෙබඳු ද කියා පළමුව කතාබහ කරමු... එවිට හික්‌කා 2009 වැනි අශ්ශීල සැණකෙළි මේ රටේ ක්‍රියාත්මක කිරීමට තුඩුදෙන පසුබිම සකස්‌ වන අයුරු පැහැදිලිව වටහා ගැනීමට හැකිවනවා නිසැකය.

පසුගිය දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අපේ සංචාරක කර්මාන්තය බලාසිටියදී ඇදවැටුනේ කොටින්ම කිවහොත් සුද්දො නොපැමිණි නිසාය. මේ නිසා අපේ

සුද්දො නොපැමිණෙන්නේ ඇයි කියා සොයන්නට එදා මෙදාතුර බලයේ සිටි සෑම රාජ්‍යයක්‌ම උත්සාහ කළ අයුරු අපට මතකය...

මේ ප්‍රශ්නයට එක එක රජයන් උත්තර ලබා ගත්තේ එක එක ආකාරයටය...

"දොන් නම් දොං සිමං නම් සිමං දෙකක්‌ එකපාර බැහැ... මේ රටේ සදාචාරයයි, සභ්‍යත්වයයි, සංස්‌කෘතියයි ඔක්‌කොම පටලවාගෙන සංචාරක කර්මාන්තෙ කොරන්න බැහැ... සුද්දොa ගෙන්න ගන්න නම් උන්ට ඕන ඕන දේ දෙන්න ඕන. එහෙම නැතුව ලංකාවට සුද්දෝ ගෙන්න ගන්න බැහැ. මේ ලෝකෙ හරි විවෘතයි... එහෙම කරන්න ගියොත් සුද්දො ටික වෙන රටකට යාවි...

ඇතැම් රජයන් කල්පනා කළේ එසේය...

සුද්දන්ට සුද්දියන්ට දාගැබ් කියල ගඩොල් ගොඩවලුයි, ගල් කණුයි වැව් අමුණුයි හැමදාම පෙන්නන්න බැහැ. සීගිරියයි, පොළොන්නරුවයි, අනුරාධපුරෙයි, නුවර පෙරහැරයි බැලුවාම මොකක්‌ද උන්ට ඇතිවෙන ත්‍රිල් එක... ඕව හොඳයි නාකි සුද්දන්ට සුද්දියන්ට. උන් වියදම් කරන්න ලෝභයි. අපි ගෙන්නගන්න ඕන නාකි උන් නොවෙයි... තරුණ තරුණියන්ව. උන් තමයි අත දිගඇරල වියදම් කරන්නේ. උන්ව ගෙන්න ගන්න නම් උන් ගත කරන ෆී්‍ර ලයිෆ් එකට අපි ඉඩකඩ හදල දෙන්න ඕන. කොටින්ම ඇඟේ රෙදි අයින් කරල වැල්ලෙ දිගාවෙලා අව්ව විඳින්න උන් ආසනම් අපි උන්ට ඒකට ඉඩකඩ හදල දෙන්න ඕන... උන්ට නිදහසේ ඉන්න ඉඩකඩ හදල දෙන්න ඕන... එතකොටයි සුද්දෝ එන්නේ...

තවත් රජයක්‌ කල්පනා කළේ එසේය. වරක්‌ රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයාව සිටි යුගයේ සංචාරක බලධාරියෝ සීගිරිය හෝටලයක්‌ කරන්නටත් රෑට රෑට එහි බාල් නටන්නටත් එහි සේවකයන් විශේෂයෙන්ම සේවිකාවන්ට අර සීගිරි අප්සරාවන්ට සේ ඇඳුම් අන්දවන්නටත් ඕනෑකීවේත් ඒ අනුව කල්පනා කරමින් බව අපට මතකය... ඒ ඔවුන් නවීන පන්නයට අපේ සංස්‌කෘතිය විකුණන්ට යෝජනා කළ හැටිය.

මිලින්ද පින්තු මොරගොඩලා, නවුසර් මුස්‌තාපලා පසුකාලීනව මහින්ද රාජපක්‍ෂයන්ගේ දෑත ශක්‌තිමත් කරන්න යෑයි කියමින් රජයට එක්‌ වන්නේ රනිල් වික්‍රමසිංහ චින්තනය එහි තබා පැමිණ නම් නොවේ... ඒ චින්තනය ද කරපින්නාගෙනය... පසුකාලීනව සංචාරක මණ්‌ඩලයට දිගින් දිගටම ක්‍රියාකරන්නට සිදුවන්නේ ඒ රනිල් වික්‍රමසිංහ චින්තනයට අනුවය... අනුකූලවය...

හැබෑවටම පසුගිය කාලයේ ලංකාවට සුද්දො ආවේ නැත්තේ මේ රටේ බලන්නට කිසිවක්‌ නොමැති නිසා නොව, සංචාරය කිරීම අනතුරුදායක රටක්‌ ලෙස යුරෝපා සංගමය ඇතුළු බලවත් රටවල් කිහිපයක්‌ ශ්‍රී ලංකාවද නම් කළ නිසාය. කොටින්ම කිවහොත් යුද්දෙට බය නිසාය. එහෙත් සංස්‌කෘතික බලධාරියෝ එය වටහා ගත්තේ වැරදි විදියටය.

යමක්‌ වැරදි තැනින් අල්ලා ගැනීමේ වරද අපට දකින්නට ලැබෙන්නේ එතැන් සිටය.

ලංකාවට වැඩි වැඩියෙන් විදේශිකයන් ගෙන්වා ගැනීමට ක්‍රමෝපායන් සකස්‌ කළ පසුගිය සංචාරක ඇමැතිවරු හා බලධාරියෝ ඊළඟට කළේ සංචාරක මණ්‌ඩලය ප්‍රතිනිර්මාණය කිරීමයි.

ඒ අනුව මුලින් එක්‌ ආයතනයක්‌ව තිබූ සංචාරක මණ්‌ඩලය දෙකඩව ගියේය. ඉන් එක්‌ කොටසක්‌ සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ලෙසද අනෙක්‌ කොටස සංචාරක අධිකාරිය ලෙසද වෙන්ව ගියේය. අනතුරුව ඒ දෙකට වෙන වෙනම නිලධාරීන් පත් කරනු ලැබීය. වඩාත්ම වැදගත් කාර්යය වන්නේ ලංකාවට එන සංචාරකයන්ට පහසුකම් සැලසීම නොව, ලොව පුරා ගොස්‌ කෙසේ හෝ ලංකාවට සංචාරකයන් ගෙන ඒම යෑයි සිතූ බලධාරියෝ සංචාරක මණ්‌ඩලය සතු ප්‍රතිපාදන වලින් වැඩි කොටස (එනම් 70%) වෙන් කරන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයටය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස දිලිප් මුදාදෙනිය නම් පුද්ගලයා පත්වන්නේ ඉන් අනතුරුවය. සංචාරක ක්‍ෂේත්‍රය තුළ හරි හරි දේවල් වන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය.

සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරයක්‌ දියුණු කරන රටක වැඩිපුර මුදල් යොදවනුයේ හෝටල් සෑදීම පහසුකම් වැඩිදියුණු කිරීම ඔවුන්ගේ යටිතල පහසුකම් සකස්‌ කිරීම වැනි කටයුතුවලටය. ඒ කටයුතු කරන්නේ සංචාරක අධිකාරියෙනි. නමුත් මෙතනදී මුදල් යෙදවී ඇත්තේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝකය පුරා ප්‍රසිද්ධ කිරීමටය. ඒ වෙනුවෙන් කෝටි ගණන් මුදල් විය හියදම් කරමින් පසුගිය කාලය පුරාම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කළේ රට රටවලට ගොස්‌ සැණකෙළි පැවැත්වීමය...

ඊට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තව දෙයක්‌ කළේය. ඒ වූකලී සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා රට රටවල තිබූ අපේ සංචාරක මණ්‌ඩලය සතු කාර්යාල වියදම අවම කරගැනීමට යෑයි කියමින් වසා දැමීමය. මේ අයුරින් ජර්මනියේ කාර්යාලය වසා දැමීය. මේ අයුරින් ප්‍රංශයේ කාර්යාලය වසා දැමීය. මේ අයුරින් බ්‍රිතාන්‍යයේ කාර්යාලය වසා දැමීමට ගොස්‌ එය අසාර්ථක විය. මේ අයුරින් රුසියාවේ කාර්යාලය වසා දමන්නට ගොස්‌ එහි තානාපතිවරයාගේ විරෝධය නිසා එය කිරීමට නොහැකි විය.

මේ කාර්යාල වසාදමා ප්‍රවර්ධන කාර්යංශය ඉතිරි කළ මුදලක්‌ තිබේද... නැත... ඔවුන් කළේ පාඩු පෙන්වා කාර්යාල වසාදමා ඒ කාර්ය කිරීමට ඊටත් වඩා වැඩි මුදලක්‌ වියදම් කර අලෙවි ප්‍රවර්ධන කාර්යාල පුද්ගලික අංශයෙන් ස්‌ථාපිත කිරීමය... ප්‍රංශයේ සහ ජර්මනියේ එසේ කළ කාර්යාංශය අන්තිමේ බ්‍රිතාන්‍යයේ ද එබඳු කාර්යාලයක්‌ ඇරියේ සංචාරක මණ්‌ඩලයේ කාර්යාලයක්‌ ද බ්‍රිතාන්‍යයේ තිබියදීය.

 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
අපේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රජයට සල්ලි ඉතිරිකර දෙන ආකාරය එබඳුය.

හික්‌කා 2009 වෙරළ සැණකෙළිය ද මේ කාර්යාංශය කළ එක්‌ ප්‍රවර්ධන කටයුත්තක්‌ පමණි.

ඔවුන්ගේ තවත් එක්‌ අපූරු වික්‍රමයක්‌ මා මේ මොහොතේ

හෙළිදරව් කළ යුතුව ඇත. ඒ වූකලී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උදානපාඨය වෙනස්‌ කිරීමය...

මෙතුවක්‌ කල් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උදාන වාක්‍යය ලෙස තිබුණේ "නොවේ මෙවන් රටක්‌ කිසිතැනක ලොවේ" යන වාක්‍යයයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහි දෝෂ දැක්‌කේය. කෙසේ හෝ මෙම උදාන වාක්‍යය වෙනස්‌ කර එතනිනුත් කුට්‌ටියක්‌ කඩාගන්නට බලධාරීන්ට අවශ්‍ය විය. ඒ සඳහා ලංකාවේ නමගිය අලෙවි ප්‍රවර්ධන සමාගමක්‌ අල්ලාගත් කාර්යාංශය ඒ කොන්ත්‍රාත්තුව ඔවුන්ට දුන්නේ රුපියල් මිලියන 75 කටත් අධික මුදලකටය...

ඔවුන් ඒ සඳහා අපූරු උදාන වාක්‍යයක්‌ නිර්මාණය කළහ... පුංචි ආශ්චර්යයක්‌ කියා උදාන වාක්‍යය වෙනස්‌ කළ මෙම සමාගම ඒ සඳහා අපූරු වෙළෙඳ දැන්වීමක්‌ ද නිර්මාණය කළේය... දැන්වීමේ වූයේ නාඹර වියේ පසුවන රූමත් සුද්දියෙක්‌ තමන්ගේ පර්ස්‌ එක ඇර ලංකාව එය තුළට දමා වසා ගැනීමයි. එවිට ඕ පුංචි ආශ්චර්යයක්‌ (Sප්කක පසර්ජකැ) කියා පවසයි...

රුපියල් මිලියන 75 කට අධික මුදලක්‌ වැය වූයේ එයටයි...

මොවුන්ගේ අවාසනාවට කවුදෝ මේ ආරංචිය පසුගියදා ජනාධිපතිතුමන්ගේ කනේ තැබීය.

ලංකාව කියන්නේ පුංචි ආශ්චර්යක්‌ද... මුන්ට පිස්‌සු... ලංකාව කියන්නේ පුංචි නොවෙයි... ලොකු ආශ්චර්යයක්‌... කියමින් ජනාධිපතිවරයා වහාම මෙය කුණුකූඩයට දමන්නට නියම කළේය...

ඊට මෙතරම් විශාල මුදලක්‌ වියදම් වූ බව ජනාධිපතිවරයා නොදන්නවා ඇත... අලුත පත්වූ ඇමැතිවරයා ද නොදැන සිටින්නට ඇත. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාද ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීහු ද, අනෙක්‌ උප ඇමැතිවරු ද කළේ සියල්ලෝම එක්‌ව ඇමැතිවරයාට සත්‍ය වසං කිරීමය... මොවුහු ඇමැති නන්දන ගුණතිලකට කියා ඇත්තේ ඊට වියදම් වූයේ මිලියන 17 යි කියාය...

මේ කාර්යාංශය අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේදීත් කර ඇත්තේ බරපතල වංචාවකි. රු. 70,000, 80,000 වැටුප් වලට ඔවුන් මේ නිලධාරීන් බඳවාගෙන ඇත්තේ ඉහත පුංචි ආශ්චර්ය වෙළෙඳ දැන්වීම සකස්‌ කළ අලෙවි ප්‍රචාරක සමාගම හරහා ය. මෙතන වැඩ කරන රූමත් කාන්තාවන් 20 ක්‌ පමණ වැටුප් ලබන්නේ සෘජුව කාර්යාංශයෙන් නොව... අලෙවි ප්‍රවර්ධන සමාගම හරහා ය... කාර්යාංශය ඒ වෙනුවට ඉහත කී සමාගමේ ගාස්‌තුව තර කොට ඇත...

කෝ... ඇත්තද... මෙතන ඉන්නවා කියන්නේ රු. 70,000, 80,000 පඩි ගන්න අය... කියා ඇමැති ඇසූවිට නිලධාරීහු කියන්නේ අනේ බොරු... අපි ළඟ නම් නැහැ. ඉන්නවා 4 දෙනෙක්‌... ඒ අනුර බණ්‌ඩාරනායක මහත්තයාගේ කාලේ කැබිනට්‌ අනුමැතියකින් ගනිපු හතරදෙනෙක්‌... කියාය. ඒ වෙනුවට ඔවුන් පෙන්වන්නේ මීට පෙර බඳවා ගත් වෙනත් හතරදෙනෙකි... නීතියේ එවන් හිස්‌ තැන් වලින් රිංගා යන්නට මේ බලධාරියෝ හරි දක්‍ෂයෝය...

 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
හික්‌කා 2009 වූ කලී මොවුන් සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා මේ රට තුළ යෝජනා කළ වැඩපිළිවෙළෙහි එක්‌ ප්‍රධාන ඉසව්වක්‌ පමණි. ඉතා සූක්‍ෂම ලෙස ඇමැතිවරයාව නොමග යවා සංචාරක මණ්‌ඩලයේ සභාපති බර්නාඩ් ගුණතිලකගේ ඇස්‌වලට වැලි ගසා සියලු ජනමාධ්‍යවලට පාර වසා සාමාන්‍ය ජනතාවට සඟවා හික්‌කඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂයේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන සුදත් ලොකුගේ (ගාමිණී ලොකුගේගේ නෑදෑයෙකි. එනිසාම ක්‍රීඩා නිලධාරියකු ලෙසද කටයුතු කරයි.) වැනි ව්‍යාපාරිකයන් අල්ලාගෙන ඉතා සූක්‍ෂම ලෙස සැලසුම් කරන ලද්දකි. එම සැණකෙළිය තුළ රාත්‍රි කාලයේදී මා මීට පෙර ලිපියේ කීවාටත් වැඩි තව තව අපූරු දේවල් සිදුවී ඇති බව ආරංචි වන්නේ දැන් දැන්ය. එදා පළමු රාත්‍රියේ ඇතැම් ඇමැතිවරු එතන ඉද ඇත්තේ හතරගාතෙන්ය. (නන්දන නම් නොවේ.) ඒ පිළිබඳ කරුණු පමණක්‌ නොව ඡායාරූප ද අප සතුව තිබේ. ඒ අතර සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීහු අධික ලෙස බීමත්ව කළ වික්‍රමයන් ගැන ද වැඩිපුර විස්‌තර අප සතුව තිබේ. මෙම සංදර්ශනය සඳහා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද සංගීත කණ්‌ඩායමක රූමත් කාන්තාවන් සිටි කාමරයකට මහ රාත්‍රියේ ළංවූ මේ බීමත් නිලධාරියාට එහි දොර කඩාගන්නට බැරි වූයේ බීමත්කම නිසාද නැත්නම් දොර ශක්‌තිමත් නිසාද... මේ සංගීත කණ්‌ඩායම එම සිද්ධිය පිළිබඳ එකී හෝටලයේ බලධාරීන්ට හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්ට ඉදිරිපත් කළ පැමිණිලි වලට වූයේ කුමක්‌ද....

හික්‌කා 2009 සැණකෙළියට ගියේ කවුද කුමන තරාතිරම් වල අය ද ඔවුන්ට එබඳු සැණකෙළි සුදුසුද කියා කතා කිරීමට මෙවර අපි කල්පනා නොකරමු. මන්ද මේ සමාජය ඒ පිළිබඳව දැන් ඕනවටත් වඩා දැනුවත්ය. මේ සැණකෙළියට 90% ක්‌ සහභාගි වූයේ කොළඹ නයිට්‌ ක්‌ලබ්වල සහ කැරෝකේ ශාලාවල ආතල් ගන්නා ඉහළ හා පහළ සංස්‌කෘතිවල ලොකු පුංචි ආතල්කාරයෝ බව අපි පසුගිය සතියේ ද පුන පුනා කීවෙමු... අපට අමතරව ජනමාධ්‍ය කිහිපයක්‌ ද ඒ පිළිබඳ ඇතිතරමක්‌ ඔබ දැනුවත් කර අවසන්ය. ලංකාවට විදේශිකයන් ගෙන්වා ගැනීමට මින් 5% කවත් ප්‍රයෝජනයක්‌ වූයේ නැති බව නොදන්නා කෙනෙක්‌ නැති තරම්ය.

පසුගිය 27 වනදා උදේ වනවිට එක්‌තරා සංවිධානාත්මක පිරිසක්‌ විසින් "දිවයින" පුවත්පතට විරෝධය පළකරන ලද පෝස්‌ටරයක්‌ හික්‌කඩුව නාරිගම ප්‍රදේශය පුරා අලවා තිබිණි. ඉන් බැණවැදී තිබුණේ "දිවයින" ඉරිදා පුවත්පතට හා ලිපිය ලියූ මටය... මෙම කටයුත්ත සංවිධානය කර තිබුණේ ද හික්‌කඩුව ප්‍රාදේශීය සභාවේ එක්‌තරා මන්ත්‍රීවරයකු බව පැහැදිලිය.

එදින හික්‌කඩුව ප්‍රාදේශීය සභා රැස්‌වීම තුළ ද එක්‌ උණුසුම් මාතෘකාවක්‌ වූයේ හික්‌කා 2009 සැණකෙළියයි. එම සැණකෙළියට මුළු ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරු පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සිය නොසතුට පළ කරද්දී සුදත් ලොකුගේ මන්ත්‍රීවරයා පමණක්‌ "දිවයින" පුවත්පතේ ලිපිය විවේචනය කළේය... ඔහු කීවේ එම ලිපිය වැරදි කරුණු වලින් පිරී වැරදි ඡායාරූප ඇතුළත් ප්‍රලාපයක්‌ පමණක්‌ බවය...

එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂයේම මන්ත්‍රීවරයකු වන දයා ලොකුගමගේ ඊට විරෝධය පාමින් ලිපියේ තිබූ කරුණු නිවැරදි බව ප්‍රකාශ කළේය..

ඒකට ආපු ගෑනු පිරිමි ළමයි ගැන ඔය ලිපියේ කියල තියෙන්නේ ටිකයි... ගෑනු ළමයි ගංජා වගේ මත්ද්‍රව්‍ය පවා ප්‍රසිද්ධියේ ගත්ත බව මම කියනවා... ඔහු සභාවේදී එසේ කීවේය.

 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සභාවට ප්‍රශ්නය වූයේ ඒ කිසිවක්‌ නොවේ. මේතරම් විශාල සැණකෙළියක්‌ පවත්වා ටිකට්‌පත් රු. 2500 ගණනේ අළෙවි කර ආදායම් ලබා ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු විනෝද බද්ද පවා වංචා කිරීමට මේ සංවිධායකයෝ උත්සහ කිරීමය... පසුගිය වසරේ හික්‌කා 2008 තුළින් විනෝද බද්ද පමණක්‌ රු. ලක්‍ෂ 10 ක මුදලක්‌ ප්‍රාදේශීය සභාවට දී ඇති බව කියවිණි. මේ වසරේ අදාළ ටිකට්‌ ආදායම අනුව බද්ද ඊට වඩා විශාල බව නිසැකය.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර තව එක දෙයක්‌ විශේෂයෙන් කිව යුතුව ඇත්තේය. එයනම් අප හෙළි කළ කරුණු කාරණා සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයා වන නන්දන ගුණතිලක ක්‍රියාකළ ආචාරශීලී හා බුද්ධිමත් ක්‍රියා පිළිවෙතයි.

ඔහු වැරදි තැනින් අල්ලා ගන්නට ගියේ නැත. සත්‍යයට පිටුපාන්නට ගියේ ද නැත. මා කලින් සතියේ ඉදිරිපත් කළ ලිපියට අඩංගු ඡායාරූප වැරදි යෑයි කියා හෝ දින වකවානු වැරදි යෑයි කියා ප්‍රශ්නයෙන් ලිස්‌සා යන්නට උත්සහ කළේ නැත. ඔහු ලිපියේ අඩංගු කරුණු වල සාරය උකහා ගත්තේය. ඒ අනුව ක්‍රියා කළේය.... වරද ඇත්තේ තමන් ළඟ නම් ඒ වරද නිවැරැදි කරගන්නවා වෙනුවට වැරදි පෙන්නන්නන්ගේ ඇස්‌වල තිබෙන පොල් පරාල ගනින්නට ගියේ නැත. නන්දන ගුණතිලක බඳු කෘතහස්‌ත දේශපාලනඥයකුගෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ ද එයයි.

නන්දනලාට පහර දෙන්නට උවමනාවක්‌ ඇතැම් දේශපාලන පක්‍ෂ තුළ තිබෙනවා වෙන්නට පුළුවන. මෙම හික්‌කා 2009 යොදාගෙන නන්දනට ගහන්නට ඇතැම් පත්තර වෙහෙසෙන්නේ ඒ උවමනාව සපුරාගන්නට ද විය හැක. එහෙත් "දිවයින" ඉරිදා සංග්‍රහය හැටියට අපට එබඳු උවමනාවක්‌ නම් කිසිසේත්ම ඇත්තේ නැත. අපට අවශ්‍යව ඇත්තේ නන්දන මේ අභියෝගය බාරගෙන නිවැරැදි පිළියම් යොදා වගකිවයුත්තන් නිසි දඬුවම් කරනු දැකීමේ අවශ්‍යතාවය මිස වෙන කිසිවක්‌ නොවේ...

මේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කිසිසේත්ම කාන්තාවන්ගේ හෝ පිරිමින්ගේ සෙළුවැලි නැටුම් පෙන්විය යුතු නැත. අශෝබන සිදුවීම් ගහන වෙරළ සංදර්ශන රජයේ සංචාරක මණ්‌ඩලය හෝ වෙනයම් ආයතනයක්‌ මැදිහත්වී සංවිධානය කළ යුතු නැත. මන්ද එවන් සන්දර්ශන බලන්නට හෝ කාන්තාවන්ගේ හෙළුව බලන්නට නම් සුද්දන්ට යන්නට ඕනෑ තරම් සංචාරක පාරාදීස ලෝකයේ වෙනත් ඕනෑ තරම් තිබෙන නිසාය...

සුද්දන්ට බලන්නට නැත්තේ ඒ කිසිවක්‌ නොව, අපගේ ස්‌භාවික සම්පත් හා මේ රටේ දෙදහස්‌ පන්සිය වසරක්‌ තිස්‌සේ ආරක්‍ෂා කරගෙන පැවැති අතීත ශ්‍රී විභූතියයි...

ලොවම මවිත කරවන ජල තාක්‍ෂණය, වාරි කර්මාන්තය, ලෝහ කර්මාන්තය, මැටි කර්මාන්තය, ගල්කැටයම් කර්මාන්තය ආදී දෑ පිළිබඳ 2500 වසරක්‌ තිස්‌සේ පැවත එන සාක්‍ෂි අපට තරම් ලෝකයේ වෙනත් රටකට තිබේද?....

ඒ සියල්ල එක්‌ පැත්තකි. අනෙක්‌ පසින් ලංකාවේ සොබාදහම මොනතරම් නම් මිල කළ හැකිද... සුද්දන් ආසා වෙරළ සම්පතට නම් අපිට තරම් විවිධත්වයෙන් යුතු වෙරළ සම්පතක්‌ වෙන කවර රටකටවත් තිබේද... හික්‌කඩුවේ වෙරළ මීගමුව වෙරළට වඩා වෙනස්‌ය. එතනට වඩා උණවටුන වෙරළ වෙනස්‌ය. ඊටත් වඩා බුන්දල වෙරළ වෙනස්‌ය. බුන්දලට වඩා යාල, පලටුපාන වෙරළ සම්පත වෙනස්‌ ය. පළටුපානට වඩා අරුගම්බේ උල්ල වෙරළ සම්පත වෙනස්‌ය. ඊටත් වඩා පාසිකුඩාව වෙනස්‌ය. පාසිකුඩාවට වඩා නිලාවේලි වෙරළ සම්පත වෙනස්‌ය. විකුණා ගැනීමට වෙරළ සම්පතෙහිම ඇති විවිධත්වය මේ රටේ තවත් කෙතෙක්‌ද?

ගරු ඇමැතිතුමනි, මෙවන් පසුබිමක සිට ඔබ යටතේ ඇති සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මේ කරමින් යන පුංචි ආශ්චර්ය කුමක්‌ද?

පුංචි ආශ්චර්යයට මෙන්ම හික්‌කා 2009 වෙරළ සංදර්ශනය වැනි ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවර්ධන උපක්‍රම වලට උපක්‍රමිකව පහර දිය යුතු කාලය දැන් එළඹ තිබේ. එහිදී ඔබ ගත යුතු නිසි පියවර ගනු දැකීම අපගේ අපේක්‍ෂාවය. කරන දෙය හරි දෙයක්‌ නම් ඔබට ශක්‌තියක්‌ ලෙස පිටුපසින් නොව, ඉදිරියෙන් සිටින්නට අප කිසි විටෙකත් මැලි වන්නේ නැත.

හරි තැනින් අල්ලාගත යුතුය. නිවැරදි දේ නිවැරදි ලෙස කළ යුතුය. එවිට පුංචි ආශ්චර්ය මහා ආශ්චර්යක්‌ ව මේ රටේ සංචාරක කර්මාන්තයේ අනාගතය හැඩගස්‌වනවා නිසැකය.

බුලිත ප්‍රදීප් කුමාර

http://www.divaina.com/2009/08/30/feature03.html