රේගුවේ තිබෙන කහ කන්ටේනර් 62 ක් යළි ඉන්දියාවට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,163
    113
    COLOMBO (News 1st) :

    රේගුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින කහ කන්ටේනර් 62 ක් නැවත ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර තිබේ.

    රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, දඩ මුදලක් අය කරගෙන ඒවා ප්‍රති අපනයනය කරන බවයි.

    රඳවා ගත් බහාලුම්වල කහ කිලෝ ග්‍රෑම් දසලක්ෂයක් තිබෙන බව ඔහු සඳහන් කළේ ය.

    මේ වනවිට කහ මෙරටට ගෙන්වීම සම්පුර්ණයෙන් තහනම් කර තිබේ.

    මේ අතර මෙරටට ගෙන ඒමේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කහ ටොන් 30 න් 10 ක් ශ්‍රී ලංකා ආයුර්වේද නිෂ්පාදන සංස්ථාව කරන ලද ඉල්ලීමකට අනුව මුදල් අමත්‍යාංශයෙන් විසින් ලබා දී තිබේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමු කහ කිලෝවක් රුපියල් 800ට ගොඩගම හන්දියෙ තියාගෙන විකුණුවා. ඒව තම්බලා, සුද්ද කරලා, වේලලා, කුඩු කරලා ගන්න ඕනෙ. එතකොට කහ කුඩු ග්‍රෑම් 100ක් හදා ගන්න පුලුවන්ලු.

    මම ගත්තෙ නෑ. ගාණ අහල කුඩු හදාගන්න ක්‍රමේ ඇහුවම එපා උනා:o
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අමු කහ කිලෝවක් රුපියල් 800ට ගොඩගම හන්දියෙ තියාගෙන විකුණුවා. ඒව තම්බලා, සුද්ද කරලා, වේලලා, කුඩු කරලා ගන්න ඕනෙ. එතකොට කහ කුඩු ග්‍රෑම් 100ක් හදා ගන්න පුලුවන්ලු.

    මම ගත්තෙ නෑ. ගාණ අහල කුඩු හදාගන්න ක්‍රමේ ඇහුවම එපා උනා:o

    800ට පාඩු නැහැ බන්, ගෙදර පාවිච්චියට ටික ටික ගන්න තිබ්බ . අපරාදේ.

    කුඩු නොකර මිරිස් ගලේ අබරලා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    800ට පාඩු නැහැ බන්, ගෙදර පාවිච්චියට ටික ටික ගන්න තිබ්බ . අපරාදේ.

    කුඩු නොකර මිරිස් ගලේ අබරලා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්.
    ග්‍රෑම් 100ක් 800ට වැඩි නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    800ට පාඩු නැහැ බන්, ගෙදර පාවිච්චියට ටික ටික ගන්න තිබ්බ . අපරාදේ.

    කුඩු නොකර මිරිස් ගලේ අබරලා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්.

    කඩේ කහකුඩු 100g Rs.800 වෙන්නෑනේ?