...රේඩාරයට පෙර ගුවන් යානා හදුනා ගත් හැටි...

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ...රේඩාරයට පෙර ගුවන් යානා හදුනා ගත් හැටි...

    a7WN1On.jpg

    දැන් නම් ඉතින් තන්ක්ෂණය ගොඩක් දිවුණු මට්ටමක තියෙන නිසා රේඩාර් තියෙනවා.වර්තමාන යේ නම් ගුවන් යානා එන බව හදුනා ගන්න බාවිතා කරන්නේ රේඩාර් (RADAR - RAdio Detection And Ranging) තාක්ෂණය.නමුත් මෙම රේඩාර් පැමිණීමට පෙර බාවිතා කල උපකරණ වලින් ගුවන් යානා හදුනා ගෙන තියෙන්නේ ශබ්දය උපයෝගී කරගෙනයි.​

    radar-3-638.jpg



    1935 පෙබරවාරි 26 වනදා Sir Robert Alexander Watson - Watt (13 April 1892 – 5 December 1973) විසින් තමයි මේ RADAR යන්ත්‍රය සොයා ගෙන තියෙන්නේ.

    watsonwatt.gif

    එතැන් සිට මෙම මෙම පැරණි උපකරණ බාවිතයෙන් ඉවත්ව ගොස් ඇත. විසිවන සියවසේ පළමු දශක කිහිපය තුල ලෝකයේ බොහෝ රටවල බාවිතයට ගත් මෙම උපකරණ හැඩයෙන් වෙනස් කමක් පෙන්නුවත් මුල දර්ම අතින් එකිනෙකට සමාන කමක් පෙන්වයි.ඒ අවදියේ මේ උපකරණ ක්‍රියා කරවීමට පුහුණුව ලත් විශේෂ පිරිසකුත් සිටින්නට ඇති බවට කිව යුතුයි.

    මුලින්ම අපි තැනින් තැන ගෙන යා හැකි ජංගම ආකාරයේ උපකරණ රැසක් ගනාදක ගමු. මේවාද සමහරක් පොළව මත සවි කර හෝ කිහිප දෙනෙකුගේ සහය ඇතිව ක්‍රියා කල යුතු වන අතර සමහරක් ඒවා තනි පුද්ගලයකුට පවා ක්‍රියා කල හැකි ඒවා වේ.​

    swKUXbY.jpg

    CMSEcti.jpg

    uIi0Ozw.jpg

    UZBv3fz.jpg

    මෙවැනි ජංගම පද්ධතින්වලට අමතරව බුමියේ ස්ථිර ලෙසම ක්‍රොන්කිට් වලින් ඉදිකරන ලද Listening Ears ලෙස හැදින්වූ Locating Device ක්‍රමයක්ද බාවිතා වුනි. මේවයේ මැදට වන්නට මයික්‍රෆෝනයක් සවිකර තිබු අතර එයින් මෙම ක්‍රොන්කිට් පලකයේ මුහුණතට වැඩි පරාවර්තනය වන ශබ්ද තරංග වඩාත් හොදින් ග්‍රහනය කරගෙන අදාල මධ්‍යස්ථානය වෙතට ලබා ගන්නා ලදී.
    MI4HJAE.jpg

    1928 දී එංගලන්තයේ ඉදිකර තිබු මීටර 10 ක්‍රොන්කිට් ඇන්ටනාව​

    z9npofG.jpg
    මීටර 70 ක් ග්‍රාහක බිත්තිය - කිලෝමිටර 100 ක දුරින් පියාසර කරන ගුවන් යානා හදුනාගත හැකිය.
    1930 - එංගලන්තය

    කෙසේ වෙතත් 30 දශකයේ අග භාගයෙන් පසු මෙම පද්ධති සියල්ල බාවිතයෙන් ඉවත්ව ගිය අතර ඉන්පසු ගුවන් යානා තාක්ෂණයේ දිවුණුවත් සමගම රේඩාර් පද්ධති වලද කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය.​

    Source - wiki

    ...තවත් මෙවැනි නුලකින් හමුවෙමු...

    .....ස්තුති..:)...