රේඩාර්.
යම් සොයා ගැනීමක් කිරීමට ඇති හැකියාව වුවද පරම්පරාවෙන් පැවත ඒමට හැකිය. මේ ඒ සඳහා කදිම නිදසුනකි. ජේම්ස් වොට් ගැන ඔබ අසා ඇති. ඔහු ලොව පතළ විද්‍යාඥයකු වූයේ වාෂ්ප ඇංජිම සොයාගැනීමත් සමගය. අද අපේ කථානායකයා වන්නේ රේඩාර් ක‍්‍රමය සොයාගත් ඇලෙක්සැන්ඩර් වොට්සන් - වොට් ය. ඔහු ස්කොට් ජාතිකයෙකි. 1892 දී උපත ලද වොට්සන් උපතේදී දක්‍ෂ කාර්මිකයකු විය. ඒ අන් කිසිවක් නිසා නොව යටකී ජේම්ස් වොට් ඔහුගේ සීයා වීම නිසාය.පළමුවන ලෝක යුද්ධ සමයේ වොට්සන් වෙට් රැකියාව කරමින් සිටියේ ෂාන්බරෝහි කාලගුණ විද්‍යා පරීක්‍ෂණාගාරයේය.
විදුලි කෙටීම, සුළං හැමීම පිළිබඳව විවිධ පරීක්‍ෂණවල ඔහු එහිදී නිරත විය.වොට්සන් වොට් මේ සඳහා කැතෝඩ කිරණ ටියුබයක් යොදා ගත්තේය. එම ක‍්‍රමයේදී ඔහුට ඉහළ අහසේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ ප‍්‍රබල සංඥා ලබාගැනීමට හැකි විය. එහෙත් ඒවා හඳුනා ගැනීම ඔහුට අපහසුවිය. එහෙත් 1930 දී වෙනත් කැතොඩ කිරණක් ආධාරයෙන් නැවත පරීක්‍ෂණ ඇරඹු වොට්සන් වොට්ට එම සංඥා නිවැරැදිව හඳුනාගත හැකි විය. එදින අපූරු දිනයක් විය. වොට්සන් සුපුරුදු පරිදි තම පරීක්‍ෂණ සිදුකළේය. තමා ඉදිරියේ ඇති තිරයේ යම් සළකුණක් සටහන් විය. ඒ ඔහු මොහොතකට පෙර ඉහළ අහසට යවන ලද සංඥාවකට ප‍්‍රතිචාරයක් බව වොට්සන්ට තේරුම් ගියේය. එළිමහනට විත් අහස දෙසට නෙත් යොමුකළ ඔහු පුදුමයට පත්විය.
එයට හේතුව වූයේ ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයකි. ගුවන් යානය සීමාව පසුකර යන විට තිරයේ තිබූ සලකුණ ද මැකී ගියේය. ප‍්‍රීතියෙන් ඉපිල ගිය වොට්සන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකළේය.රේඩාර් ක‍්‍රමයේ උපත මෙලෙස සිදුවිය.රේඩාර් යනු ඇසට නොපෙනෙන දුරකින් අහසේ හෝ මුහුදේ හෝ ගමන් කරන කිසියම් යාත‍්‍රාවක් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා උපකරණයකි. වේගයෙන් ගමන් කරන විද්‍යුත් තරංග ඈත පිහිටි එම වස්තුවේ ගැටී නැවත පැමිණීම මෙහිදී සිදුවේ. එසේ තරංගය ගොස් නැවත පැමිණීමට ගතවන කාලය අනුව අදාල වස්තුව ගමන් කරන දුර තීරණය වේ.තරංගවල චලනය අනුව දිශාව තීරණය වේ. 20 වන සියවසේ ප‍්‍රබල සොයා ගැනීමක් ලෙසට මෙම රේඩාර් ක‍්‍රමය ප‍්‍රචලිත විය.(Radio Detecting and Rangin) යන වචනයේ මුල් අකුරු උපයෝගී කරගෙන රේඩාර් (Radar) යන නම සෑදී ඇත.මුල් අවදියේ තමාගේ මෙම සොයා ගැනීම ප‍්‍රකට කිරීමට වොට්සන් අකමැති විය. එයට හේතුව වූයේ යුද කටයුතු වලදී රේඩාර් ක‍්‍රමය මහත් අවියක් වන බැවිනි. එහෙත් හිට්ලර් බි‍්‍රතාන්‍යයට එරෙහිව යුද වැදීමට තීරණය කිරීමත් සමගම වොට්සන්වොට් තම සොයා ගැනීම ප‍්‍රකාශයට පත් කළේය.
මුල් අවදියේදී බි‍්‍රතාන්‍ය බලධාරීන් එය විශ්වාස නොකළ අතර වොට්සන්වොට් ඔවුන් ඉදිරිපිට තම සොයා ගැනීම ගෙනහැර දැක්විය.ඉන් පැහැදුණු බි‍්‍රතාන්‍ය රජය සුදුසු ස්ථානයක් හා අවශ්‍ය මෙවලම් වොට්සන් වොට්ට ලබාදුනි. මේ අපූරු සොයා ගැනීම නිසා යුද සමයේදී බි‍්‍රතාන්‍යයට සිදුවීමට තිබූ අලාභ 50% කින් අවම කර ගැනීමට ඔවුනට හැකි විය.එසේම යල් පැන ගිය ආරක්‍ෂක ක‍්‍රම ඉවත් කළ බි‍්‍රතාන්‍ය රජය මුළු රාජ්‍යයම රේඩාර් ක‍්‍රමයෙන් ආවරණය කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1940 දී මුළු බි‍්‍රතාන්‍යයම රේඩාර් මධ්‍යස්ථාන 50 කින් ආවරණය විය. ඇලෙක්සැන්ඩර් වොට්සන් - වොට්ගේ මෙම සොයා ගැනීම වර්තමානය වන විට යුද කටයුතුවලට පමණක් නොව සිවිල් කටයුතු වලටද ලොව පුරා යොදාගෙන ඇත.
අන්තර්ජාලය ඇසුරිනි




