වාහනයේ රේඩියේටරය (Radiator) ගැන ඔබ දැන ගතයුතු කරුණු
සිසිලන පදතිය පිලිබඳ ලිපියෙන් අපි ඉගෙන ගත්තා එහි මුලික ක්‍රියාවලිය සහ කොටස් පිලිබඳ. එහි වැදගත් කොටසක් වන රේඩියේටරය ගැන, එහි නඩත්තුව, පැන නැගිය හැකි ගැටලු පිලිබඳ පුලුල්ව අවබෝධයක් මෙම ලිපියෙන් ලබාගමු.
අපි දැන් දන්නවා රේඩියෙටරයෙන් සිදු කරන්නෙ ඉන්ධන දහනයේදී නිපදවන අමතර තාපය ඉවත් කර එන්ජිම අධික ලෙස රත්වීම වැලැක්වීමයි.රේඩියේටරය නිපදවා තිබෙන ආකරය අනුව තමයි මෙම සිසිලන ක්‍රියාවලිය සිදුවන්නේ. දැන් එය නිපදවා තිබෙන අයුරු අවබොධ කරගමු.
පහත දක්වා ඇති පරිදි එය ඉහල ටැංකිය (top tank) පහල ටැංකිය (bottom tank) ලෙස කොටස් දෙකකිනුත්, රේඩියේටර් කොර් (radiator core) එක ලෙස හැඳින්වෙන අලුමිනියම් කොටසකිනුත් යුක්තයි. රේඩියේටර් කොර් එක මගින් මෙම ඉහල සහ පහල ටැංකි දෙක සම්බන්ධ වී තිබේ. ඉහල සහ පහල ටැංකි ලෙස හැඳින්වුනත් මේවා කොර් එකේ වම්පස සහ දකුණුපස පිහිටන්නත් පුලුවන්. වැදගත් කාරණය වන්නේ. ටොප් ටෑංක් එකට සැම විටම උනුසුම් කූලන්ට් පැමිණෙන අතර බොටම් ටෑංක් එකින් සිසිල් කරනු ලැබූ කූලන්ට් පිටවන බවයි.මෙම ටැංකි දෙකේ පිහිටීම අනුව කොර් එක තුල කූලන්ට් සිරස්ව (vertical) හෝ තිරස්ව (horizontal) ගමන් කිරීම සිදුවෙනවා.
රේඩියේටරයේ කොටස්
INLET – උණුසුම් කූලන්ට් ඇතුල් වන විවරය.
FILLER NECK – එදිනෙදා භාවිතයේදී රෙඩියේටර් කට ලෙස හඳුන්වන මෙම විවරයෙන් කූලන්ට් අලුතින් පිරවීම සිදු කරනු ලබනවා. මෙම විවරය වැසී තිබෙන්න ඉතා වැදගත් උපකරණයක් වන අධික පීඩනයට ඔරොත්තු දෙන වැසිමකින් (Pressure cap).
TRANSMISSION OIL COOLER – සමහරක් වාහන වල විශේෂයෙන්ම ඔටෝ ගියර පද්ධතියක් ඇති වාහන වල ගියර පද්ධතිය සිසිලනය සඳහා යන නල මාර්ගය.
OUTLET – සිසිල් වූ කූලන්ට් නැවත එන්ජිම වෙත යන නල මාර්ගය.
DRAIN PLUG – නඩත්තුවකදී හෝ කූලන්ට් මාරු කිරීමකදී රේඩියේටරයේ කුලන්ට් ඉවත් කරන කරාමය.
SENSOR PLUG – එන්ජිමේ උශ්ණත්වය මැනීමේ සන්වේදකය සවි වන විවරය. මෙය මාදිලිය අනුව එන්ජිමේ බඳට හෝ වෙනත් ස්ථානයකද සවි විය හැක.
How does it work? සිසිලනය සිදුවන ආකාරය.
රේඩියේටර් කෝර් (Radiator core) එක ඇතුලෙ තමයි මෙම සිසිලන ක්‍රියාවලිය සිදුවන්නේ. පහත තිබෙන්නෙ කෝර් එකේ විශාලනයක කල රූප රාමුවක්.මෙහි කොටස් දෙකක් අඳුර ගන්න පුලුවන්. සරල රේඛීයව තිබෙනේ කූලන්ට් ගමන් කරන නාලයි. මේවා Water-lines නැතිනම් Coolant-lines ලෙස හඳුන්වනවා. මෙහි ඝනකම මිලි මීටරදෙකක් (2mm) පමන කුඩා අගයක් ගන්නවා. මෙම කුඩා නල තුලින් කූලන්ට් ගමන් කරන විට එම නල උනුසුම් වීම සිදුවේ. මෙම නල යා කරමින් දැලක් ලෙස ඇති කුඩා ඇලුමිනියම් කොටස හඳුන්වන්නේ රේඩියේටර් ෆින්ස් (Radiator fins) කියලයි.
Coolant lines and Radiator fins of a radiator core.
මෙම රේඩියේටර් ෆින්ස් අතර හිස් කුහර තිබෙන අතර එය තුලින් වාතය බාධාවකින් තොරව ගමන් කිරීමට පුලුවන්. කූලන්ට් නාල රත්වීමේන් එයට සවිකර ඇති මෙම රේඩියෙටර් ෆින්ස් ද තාපය අවශෝෂනය කර රත්වීම සිදුවෙ. මෙම ෆින්ස් මගින් කර ඇත්තේ එම තාපය පැතිරී ඇති වර්ගඵලය වැඩි කිරීමයි. අපි දන්නවා රේඩියේටරයේ එක් පසෙක ෆෑන් එකක් ඇති බව. මෙම ෆෑන් එක මගින් එන්ජිම රත්වූ විට රේඩියේටරයේ ෆින්ස් හරහා ගමන් කරවන වාත ධාරව මගින් එය සිසිල් වීම සිදුකරනු ලබනවා. මෙය තමයි එන්ජිමේ සිසිලන ක්‍රියාවලිය කියන්නේ.
.Things to remember. රේඩියේටරය සම්බන්ධව මතක තබා ගතයුතු වැදගත් කරුණු.
සිසිලන පදතිය පිලිබඳ ලිපියෙන් අපි ඉගෙන ගත්තා එහි මුලික ක්‍රියාවලිය සහ කොටස් පිලිබඳ. එහි වැදගත් කොටසක් වන රේඩියේටරය ගැන, එහි නඩත්තුව, පැන නැගිය හැකි ගැටලු පිලිබඳ පුලුල්ව අවබෝධයක් මෙම ලිපියෙන් ලබාගමු.
අපි දැන් දන්නවා රේඩියෙටරයෙන් සිදු කරන්නෙ ඉන්ධන දහනයේදී නිපදවන අමතර තාපය ඉවත් කර එන්ජිම අධික ලෙස රත්වීම වැලැක්වීමයි.රේඩියේටරය නිපදවා තිබෙන ආකරය අනුව තමයි මෙම සිසිලන ක්‍රියාවලිය සිදුවන්නේ. දැන් එය නිපදවා තිබෙන අයුරු අවබොධ කරගමු.
පහත දක්වා ඇති පරිදි එය ඉහල ටැංකිය (top tank) පහල ටැංකිය (bottom tank) ලෙස කොටස් දෙකකිනුත්, රේඩියේටර් කොර් (radiator core) එක ලෙස හැඳින්වෙන අලුමිනියම් කොටසකිනුත් යුක්තයි. රේඩියේටර් කොර් එක මගින් මෙම ඉහල සහ පහල ටැංකි දෙක සම්බන්ධ වී තිබේ. ඉහල සහ පහල ටැංකි ලෙස හැඳින්වුනත් මේවා කොර් එකේ වම්පස සහ දකුණුපස පිහිටන්නත් පුලුවන්. වැදගත් කාරණය වන්නේ. ටොප් ටෑංක් එකට සැම විටම උනුසුම් කූලන්ට් පැමිණෙන අතර බොටම් ටෑංක් එකින් සිසිල් කරනු ලැබූ කූලන්ට් පිටවන බවයි.මෙම ටැංකි දෙකේ පිහිටීම අනුව කොර් එක තුල කූලන්ට් සිරස්ව (vertical) හෝ තිරස්ව (horizontal) ගමන් කිරීම සිදුවෙනවා.
රේඩියේටරයේ කොටස්
INLET – උණුසුම් කූලන්ට් ඇතුල් වන විවරය.
FILLER NECK – එදිනෙදා භාවිතයේදී රෙඩියේටර් කට ලෙස හඳුන්වන මෙම විවරයෙන් කූලන්ට් අලුතින් පිරවීම සිදු කරනු ලබනවා. මෙම විවරය වැසී තිබෙන්න ඉතා වැදගත් උපකරණයක් වන අධික පීඩනයට ඔරොත්තු දෙන වැසිමකින් (Pressure cap).
TRANSMISSION OIL COOLER – සමහරක් වාහන වල විශේෂයෙන්ම ඔටෝ ගියර පද්ධතියක් ඇති වාහන වල ගියර පද්ධතිය සිසිලනය සඳහා යන නල මාර්ගය.
OUTLET – සිසිල් වූ කූලන්ට් නැවත එන්ජිම වෙත යන නල මාර්ගය.
DRAIN PLUG – නඩත්තුවකදී හෝ කූලන්ට් මාරු කිරීමකදී රේඩියේටරයේ කුලන්ට් ඉවත් කරන කරාමය.
SENSOR PLUG – එන්ජිමේ උශ්ණත්වය මැනීමේ සන්වේදකය සවි වන විවරය. මෙය මාදිලිය අනුව එන්ජිමේ බඳට හෝ වෙනත් ස්ථානයකද සවි විය හැක.
How does it work? සිසිලනය සිදුවන ආකාරය.
රේඩියේටර් කෝර් (Radiator core) එක ඇතුලෙ තමයි මෙම සිසිලන ක්‍රියාවලිය සිදුවන්නේ. පහත තිබෙන්නෙ කෝර් එකේ විශාලනයක කල රූප රාමුවක්.මෙහි කොටස් දෙකක් අඳුර ගන්න පුලුවන්. සරල රේඛීයව තිබෙනේ කූලන්ට් ගමන් කරන නාලයි. මේවා Water-lines නැතිනම් Coolant-lines ලෙස හඳුන්වනවා. මෙහි ඝනකම මිලි මීටරදෙකක් (2mm) පමන කුඩා අගයක් ගන්නවා. මෙම කුඩා නල තුලින් කූලන්ට් ගමන් කරන විට එම නල උනුසුම් වීම සිදුවේ. මෙම නල යා කරමින් දැලක් ලෙස ඇති කුඩා ඇලුමිනියම් කොටස හඳුන්වන්නේ රේඩියේටර් ෆින්ස් (Radiator fins) කියලයි.
Coolant lines and Radiator fins of a radiator core.මෙම රේඩියේටර් ෆින්ස් අතර හිස් කුහර තිබෙන අතර එය තුලින් වාතය බාධාවකින් තොරව ගමන් කිරීමට පුලුවන්. කූලන්ට් නාල රත්වීමේන් එයට සවිකර ඇති මෙම රේඩියෙටර් ෆින්ස් ද තාපය අවශෝෂනය කර රත්වීම සිදුවෙ. මෙම ෆින්ස් මගින් කර ඇත්තේ එම තාපය පැතිරී ඇති වර්ගඵලය වැඩි කිරීමයි. අපි දන්නවා රේඩියේටරයේ එක් පසෙක ෆෑන් එකක් ඇති බව. මෙම ෆෑන් එක මගින් එන්ජිම රත්වූ විට රේඩියේටරයේ ෆින්ස් හරහා ගමන් කරවන වාත ධාරව මගින් එය සිසිල් වීම සිදුකරනු ලබනවා. මෙය තමයි එන්ජිමේ සිසිලන ක්‍රියාවලිය කියන්නේ.
.Things to remember. රේඩියේටරය සම්බන්ධව මතක තබා ගතයුතු වැදගත් කරුණු.
- කිසිම විටක උනුසුම් රේඩියේටරයක් විවෘත නොකල යුතුයි. එවිට අධික පීඩනයකට ලක් වී ඇති කූලන්ට් ඉතා වේගයෙන් පිට වන අතර දරුණු පිලිස්සුම් සිදුවිය හැක.
- මසකට වතාවක්වත් රේඩියෙටරයේ සහ අමතර ටැංකියේ කූලන්ට් මට්ටම නිරීක්ෂණය කල යුතුයි.
- මසක් වැනි කාලයක් තුල කූලන්ට් මට්ටම අඟල් 2 වැනි ප්‍රමාණයකින් අඩු වෙනවානම් ඔබේ සිසිලන පද්ධතිය පරික්ෂා කර ගත යුතුයි.
- ඔබේ කූලන්ට් කාන්දුවක් ඇතිනම් බොහෝ විට එම කාන්දු වන තැන අඳුර ගන්න කූලන්ට් වල පාට යොදා ගන්න පුලුවන්. සමහර කූලට් වර්ග වියලුනු පසු මන්ඩි (Residue) තැන්පත් වන අතර එයට ජලය බිංදුවක් වැටුනොත් නැවක කොල හෝ රතු පැහැයට හැරෙනවා.
- කාලයත් සමග රේඩියේටර් ෆින්ස් අතර දුහුවිලි, මඩ තැන්පත් වී සිසිලන ක්‍රියාවලිය අඩපණ වන්න පුලුවන්. ඔබට රේඩියෙටරය ගැලවීමට හැකිනම් එහි ෆින්ස් අතර වායු කුහර ගලා යන ජලයෙන් පිරිසිඳු කල හැක.