උඹ ඒක විහිලුවටද කිව්වෙ කියලා තේරෙන්නෑ 
හාමුදුරුවෝ ගැන නෙවේ, පිරිත් ගැන කිව්වෙ.
ස්වාමීන් වහන්සේලාව හැමදාම ගෙදරට වඩම්මන්න බෑනෙ. පිරිත් සජ්ඣායනා කරන්න ඕනෙ ස්වාමීන් වහන්සේලාමයි කියලා නියමයකුත් නෑ. (හැබැයි ස්වාමීන් වහන්සේලා හරියටම වචන උච්චාරණය කිරීම කරනවා)
තමන් විසින්ම පිරිත් සජ්ඣායනා කරපුවාම තමන්ටම දැනෙනවා ඒකෙන් තමන් තුළ සංසිඳීමක් ඇති වෙන බව. (සංසිඳීම කිව්වේ ඒකට කියන වචනෙ දන්නැති හින්දා)
පිරිත් වල තියෙන්නෙ සූත්‍ර. සූත්‍ර වල තියෙන්නෙ ධර්මය. ධර්මයේ තියෙන්නෙ සත්‍යය.
ඒ සත්‍යය කියලා අන්තිමට කියනවා "ඒතේන සච්චේන සුවත්ථි හෝතු (මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා)" කියලා.
රේඩියෝ එකෙන් පිරිත් දාලා, තම තමන්ගේ වැඩ කර කර හිටපුවාම, නිදාගත්තහම, කතා කර කර හිටපුවාම ඉතිං එතන සෙත් පතන කෙනෙක්වත්, ආශිර්වාදය ලබා ගන්න කෙනෙක්වත් නැති බවක් තමයි පේන්නෙ.
හැබැයි ඒ ඇහෙන්නෙ ධර්මය. ධර්මය ඇහෙන එක හොඳයි. අහන ගමන් තමනුත් සජ්ඣායනා කරන එක වඩා හොඳයි. අර්ථය දැනගෙන සජ්ඣායනා කරන එක වඩාත් හොඳයි.
ඒ වුණාට අපි පිරිත් කියන්න ලැජ්ජයි.