රේඩියෝ පුලන්නන් සහ පාඨක හිගන්නන්!
http://gaze.lk
රේඩියෝ පුලන්නන් සහ පාඨක හිගන්නන්!
— December 7, 2015
මේ දවස් වල අපි ජීවත් වන සයිබර් ලෝකයේ ගොඩක් අය ඉන්නේ facebook viber watzup නම් වන තත්‍යසමාන ( virtual )ලෝකයකය. මේ පරම්පරාව FM පරම්පරාවෙන් පසු බිහිවූ අක්මුල් නැති හිත්පිත් නැති ඕපපාතික ජීවීන් පිරිසකි. සිරස නාලිකාව විසින් එක වර කිංස්ලිලා,තමාරලා වැනි දක්ෂ නිවේදකයන් බිහිකරමින් ඉදිරි පරම්පරාව ගිරා පෝතකයන් පිරිසක් අතට පත් කරනු ලැබීය. එවන් යුගයක අපට මේ නාලිකාවලින් වැඩිපුරම ඇසෙන කතාව වන්නේ කුමක් ද? හිරු ඇහුවොත් සල්ලි තමයි. මේ හිරු වෙනුවට ශ්‍රී,දෙරණ,රන් ඕනෑම නමක් දා ගන්නට පුලුවන නමුත් අවසන් යථාර්ථය වන්නේ රේඩියෝ ඇහුවහම සල්ලි ලැබෙන බවයි. මෙයත් මුලින්ම ආරම්භ කලේ සිරසමය. ඔවුන් මුලින් සල්ලි වෙනුවට මාසික බිල්පත් ගෙවන්නට පටන් ගත් අතර හිරු කරලියට ඒමත් සමග කෙලින්ම තමන්ගේ නාලිකාව අසන අයට සල්ලි දෙන්නට පටන් ගත්තේය. ටික දිනකින් මේ රෝගය සියළු නාලිකා වලට වැළදුන අතර මෙය නොකලේ සිංහ එෆ්.එම් පමණි. එය ඊටත් වඩා හාස්‍යයට කරුණක් වන්නේ රටේ පොදු ජනතාවගේ මුදල් කොල්ලකෑ රාජපක්ෂ පුතුන්ට මේ නාලිකාවේ හිමිකාරත්වය හිමිව තිබීමය. අනිත් අතට ඔවුනට තම නාලිකාව සල්ලි දීලා අසවන්නට අවශ්‍ය නොවන්නේ රජයේ දැන්වීම් බලහත්කාරයෙන් ඔවුන් තම නාලිකාවට ලබාගත් බැවිනි.
සිරස හිමිකරු කිලී මහරාජා ඉදිරියේ අති උතුම් සිංහල බෞද්ධ නිවේදක කිංස්ලි රත්නායකගේත් කශේරුකාව රබර් බවට පත් වන විට තනූජා ජයවර්ධන කින්නේ තමන් මිනිසුන් මාර්කට් කරන දර්ශණය හදාරණ බවය. නිමල් ලක්ෂපති ආරච්චි යනු පශ්චාත්-නූතන ප්‍රේමකීර්ති ද අල්විස් ය. නිමල් ලක්ෂපති ආරච්චි එතෙක් කකුල් දෙකෙන් හිටගෙන සිටි ගුවන් විදුලි කලාව ඔලුවෙන් සිටෙව්වේය. එය ඔහු කලේ නිකම්ම නොවේ එතෙක් කලිසම් ඇද සිටි ගුවන් විදුලි නාලිකා කලාවට සරමක් අන්දවා ඔලුවෙන් සිටවීමය. ඒ නිසා දැන් සියළු නාලිකා සිටින්නේ ඔලුවෙන් සිටගෙනය. දැන් සමර නාලිකා සමර සම්පූර්ණයෙන්ම ගලවා ඔලුවෙන් සිටගෙන සිටින අතර ඇතැම් නාලිකා ඔලුවෙන් සිටගෙන සරම හිස මත රුවා ඇස් ගිණිකනා වැටී සිටියි.
සිරස හිමිකරු කිලී මහාරාජා තම සේවයකන්ට සකන්නේ 17 වන සියවසේ වංශාධිපති ඉඩම්හිමි දරලයෙකු පරිද්දෙනි. මේ නාලිකාව තුල සේවක අයිතිවාසිකම් කියා දෙයක් නැති අතර වෘත්තීය සමිති තහනම්ය. තමන්ට කැමති විටෙක මිනිසුන් වැඩට ගෙන අහස උසට නංවා ඊට වඩා වේගයෙන් බිමට බැස්සවීමේ කලාව ඔහු හොදින් ප්‍රගුණ කර සිටියි. පසුගිය කාලයේ ලංකා දීප පුවත්පතෙහි සේවය කරමින් සිටි දසුන් රාජපක්ෂ හට සිරසට වැඩට එන්න යැයි කියා ඔහුට දහසක් බලාපොරොත්තු දී අවසානයේ සත පහක වන්දියක් නොගෙවා එලවා දමන්නේ සිරසමය. නමුත් යළි ඔහුව සේවයට ගන්නට සිරි රණසිංහ කැමති වන්නේ අඩුම තරමේ ඔහු තුළ මොන තරම් අඩු පහඩු තිබුනිත් ඔහු පැරණි පරම්පරාවට අයත් මිනිසෙකු නිසා වන්නට පුලුවන.
හිරු නාලිකාවේ තත්ත්වය මීට නොදෙවනි අතර එය සිරසට වඩා වෙනස් වන්නේ සිරස මුදලාලි නොපෙනී ඉන්නට ආශා කරන අයෙකු වීම සහ රෙනෝ සිල්වා කෑපී පෙනෙන්නට ආශා කරන පුද්ගලයෙකු වන කරුණු මත පමණි. ශ්‍රී නාලිකාව හිමි ජීවක එදිරිසිංහලා කරන්නේ ද රෙනෝ සිල්වලාගේම ව්‍යාපාර බව හැමෝම දන්නා නමුත් නොදන්නවා සේ ඉන්නේ වෙන කරන්නට දෙයක් නැති කමටය.
ලෝකය හොද මිනිසුන් හොයා යාමේ නිරාමිස යුග මෙහෙවරක නොනිලෙන අප මේ රටේ ජීවත් වන සාමාන්‍ය නිර්ධන පංතියේ මිනිසුන්ට දැනුම සහ බලය ලබා දිය යුතු යැයි විශ්වාස කරන්නන් වෙමු. මීට දස වර්ෂ දෙකකට පමණ පෙර ගුවන් විදුලිය කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය හා තදින්ම බැදුන සංස්කෘතික ජීවිතයකට මගකියා දුන් සුහද මිතුරෙක් විය. ඒ මිනිසුන්ට මුදල් අගහිගකම් ඇති පදමට තිබූ නමුදු ඔවුන් ගුවන් විදුලියෙන් බලා පොරෝත්තු වූයේ වින්දනීයත්වයක් පමණි. ඒ යුගයේ සරල ගී තීරය වැනි වැඩ සටහන තුලින් මිනිසුන් සංගීතය නිසා අමන්දා නන්දයට පත් වූ බව අපට මතකය. දැන් යමෙකුට මෙය අතීත වේදනාවක් යැයි කියන්නට පුලුවන. ඒත් මෙය අතීත වේදනාවක් නොව ධනවාදය විසින් මිනිස් ජීවිත තමන් නොසිත මානයකට ගෙන ගොස් තමන්ට තමන් සහ කලාව,සංස්කෘතිය, දේශපාලන වැනි ජන ජීවිතය හා තදින්ම බැදුනු දේවල් සමග තිබුන සම්බන්ධය ප්‍රාග්ධන සංස්චරණ ක්‍රියාවලියෙහිම කොටසක් බවට පත් කර ඒවා මිනිස් ජීවිතයෙන් ඉවත් කොට ලාභය මත සියල්ල තීරණය වන බව යථාර්ථයක් බව ප්රත්යක්ෂ කර අවසන්ය.
ඒ නිසා දැන් මිනිසුන් රේඩියෝ අහන්නේ සල්ලි ලැබෙයි කියා බලාගෙනය. කවුරුන් හෝ මග තොටේ දී හමුවී කතා කළත් ඔවුන් කියන්නට බලා සිටින්නේ ඔව් මම අහන්නේ අහවල් නාලිකාව කියාය. ඒ කීයක් හරි හොයා ගන්නටය. මේ සමාන්‍ය මිනිසුන් හෑම නාලිකාවකම වැඩ සටහන් වර්ග ටික කට පාඩම් කර ගන්නා අතර හමුවන කෙනා නියෝජනය කරන නාලිකාව අනුව රගපෑමක් කර මම අහන්නේ අහවල් එකක යැයි කියයි. ඇත්තටම මේ නිසාම මේ කිසිවකුට රේඩියෝ අහන්නට වෙලාවක් නැති අතර බස් රථවල සහ වාහන වල මෙන්ම ලොතරැයි කූඩු වලද රේඩියෝ ඇහෙන නිසා එය ඇහුම් කන් දෙයි. ඒ කවුරුන් හෝ නෙදන්නා කෙනෙක් තමන් ගලට ප්‍රාදූර්භූත වී සල්ලි කුට්ටියක් තමන්ට ලබා දේවියැයි යන විශ්වාසයෙනි. මෙය හරියටම නම පාරේ සගමන් යදින සිගන්නන් කවුරුන් හෝ කීයක් හරි දේවියැයි බලා සිටිනවා ට නොදෙවෙනිය. සත්‍ය වශයෙන්ම සිගනන්නන් නම් මේ අකාරයට සල්ලි දෙන මිනිසුන් ඉදිරියේ තම ආත්මය මේ ආකාරයට පවා දෙන්නේ නැත. පවුල් පිටින් රූපවාහිනයටි මුහුන දා ගන්නට අපි අහන්නේ අහවල් එක යැයි කියන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.
දැන් පවුල් පාලනය කරන්නේ අම්මලා වන නිසා පියාගේ භූමිකාව අතුරුදහන්ව ඇත. සිටි සංකේතීය පියාගෙන් දැන් විහිළු පියාට පියාගේ භූමිකාව මාරු වී ඇත. ඒ නිසා ගැහැනුන්ට ඕන මගුලක් කර ගන්නට යැයි ඉඩ දී දැන් පිරිමින් අඩියක් ගසා ජීවත් වන්නට සිතන්නේ මේ නිසාය. වරෙක මා මිත්‍ර නීතිඥවරයෙකු පවසන්නේ බිරින්දෑවරුන්ගෙන් අසාධාරණයට පත් ස්වාමිපුරුෂයන්ගේ සංගමයක් සාදන්නට බැරිද කියාය. මෙය අප විහිළුවට කීවත් මේ වගේ දෙයක් පටන් ගන්නවා නම් හැම කසාද පිරිමියෙකුම ඒ වටා එක් වන බව ඉතා පැහැදිලිය.
සමස්ථ කතා සාරාංශය යළි කැටි කරන්නේ නම් මේ වන විටත් සමාජ පරමදාර්ශ බිද වැටී සියල්ල ව්‍යාපාරික මුදලාලිලාගේ හා ඔවුන්ගේ ගෝල බාලයන්ගේ චින්තන මාදිලිය බවට පත්ව ඝනීභවනය වී ඇත. එහි සාරය වාෂ්ප වෙමින් පවතින අතර සමාජ දේශපාලන දේහය තුල දේශපාලනය කරන්නට තිබූ අවසන් ඉඩ ප්‍රස්ථාවද ක්‍රමයෙන් ශ්‍රය වෙමින් පවතයි. හෙගල් කියන ආකාරයට රාජ්‍ය,සිවිල් සමාජය සහ පවුල් යන සන්දර්භය වෙනස්ව දැන් රාජ්‍ය සහ සිවිල් සමාජය වියැකී යමින් එය පවුල නම් කුටුම්බය තුළට ලඝූ වී ඇත. මේ නිසා ඉස්සර මගතොටේ මුණ ගැසී මිත්‍රයන් සමග අඩියක් ගසන, දේශපාලන සංවාද කරන පිරිමින් ඉක්මනින් නිවෙස බලා යන්නේ දරු පවුල සමග සතුටින් ඉන්නටය. තමන් කැමති වුනත් අකමැති වුනත් රූපවාහිනි නාට්‍ය නරඹන්නේ බැරි වෙලාවත් කිසියම් නාලිකාවකින් නිවසට පැමිණිය හොත් ලැබෙන සල්ලි කුට්ටිය වඩා වැදගත් වන නිසාය.
බහුතර නාලිකා වලින් මේ ආකාරයෙන් සල්ලි බෙදන්නේ කලු සල්ලි සුදු කර ගැනීමට බව මෝඩ රේඩියෝ අසන්නන් දන්නේ නැත. විවිධ කලු වේලදාම් ( ආයුධ වේලදාම,මත් කුඩු වෙළදාම,මිනිස් ජාවාරම වැනි) මගින් උපයා ගන්නා මුදල් සුදු සල්ලි බවට පත් කරන්නේ සහ රජයට සුභ සාධනය මුවාවෙන් බදු නොගෙවා ඉන්නේ මේ මෝඩ මිනිසුන්ට නිකම් සල්ලි බෙදා දීමෙන්ය. මේ සල්ලි අරගෙන සතුටු වන කිසිවකුත් මේ මුදල් උපයන්නට මේ මාධ්‍ය මුදලාලිලා මිනිස් ජීවිත කී දාහක් බිලි දී ඇත්තද යන්න ප්‍රශ්න නොකරයි. දැන් යමෙකු සිතුවොත් අපි මේ කියන කතාව ඇසීමෙන් පසුව මිනිසුන් වෙනස් වේ යැයි කියලා අපි සිතනවද කියලා අපි කියන්නේ අපට එහෙම පිස්සුවක් නැති බවය. මොකද අපි කියන්නට කලින්ම මිනිස්සු දන්නවා මේ අය මෙහෙම තමයි කියලා. ඒ නිසා මින් ඉදිරියට වෙන්නේ මිනිස්සු මේ දේ දැන දැනම නොදන්නා අකාරයෙන කිරීමය. සරලව අපට එය නරුමවාදය යැයි කියලා කියන්නට පුලුවන. මේ සල්ලි බෙදන නාලිකා කිසිවක් සමාජ ව්‍යාපාරයක් වෙනුවෙන් වෙහෙසුන ( ජාතිවාදී ස්ථාවරය සම්බන්ධයෙන් පූර්ණ පසරස්පරතාවය තිබියදී පවා) කුමාර් ගුණරත්ම් නිදහස් කළ යුතු වන්නේ ඇයි කියා මතවාදයක් හදන්නට උත්සහ නොකරන්නේ ධනවාදය තුළ සමාජවාදී සිහින දකින්නට ඉඩ නොදිය යුතු යැයි මේ මාධ්‍ය මුදලාලිලා සිතන නිසාය. නමුත් කෙලී මහරාජා අනුර කුමාර තම සුරතලා ( බෙන්සන් බවුවා) බවට පත්කර ගෙන සිටින්නේ අනුර තව දුරටත් මේ ධනවාදී සමාජ ප්රපංචයේම දැත් රෝදයක් බව ඔහු හදුනා ගෙන සිටින නිසයි. ඒ නිසා අවසන් වශයෙන් අප කියන්නේ රේඩියෝ ඇසීමෙන් පොහොසතුන් වන්නට සිතා සිටින අයට යථාර්ථය මෙනෙහි වන්නේ තම දරුවන් ලොකු මහත් වී මේ රටේ ජීවන ක්‍රමය උඩුයටිකුරු වූවාට පසුවය. එතෙක් හැමෝටම හිරු නම් සල්ලි තමයි කියන්නට පුලුවන.