රොනාල්ඩෝගේ Hat-trick එක සහ අසීගේ Hit Wicket එක
FIFA ලෝක කුසලාන 2018 තරඟාවලිය යටතේ ඊතේ තරඟ තුනක් පැවති අතර එහිදී මොරොක්කෝව, උරුගුවේ ජය ලැබූ අතර පෘතුගාල සහ ස්පාඥ්ඤ අතර තරඟය ගෝල සමවීමෙන් අවසන්විය.
ප්‍රථම තරඟයේ පැවතියේ උරුගුවේ සහ ඊජිප්තු කණ්ඩායම් අතරය. ඊජිප්තු කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කරන්නට වරම් ලැබෙන්නේ වසර 28කට පසුවය. නමුත් එම තරඟයේ ජය ලබාගැනීමට ඊජිප්තුව වාසනාවන්ත නොවීය. ඉතා තියුණු තරඟයක්ව පැවති මේ තරඟයේ උරුගුවේ කණ්ඩායමට පහසු ගෝල අවස්ථා 4ක් ගිලිහී ගියා. නමුත් අවසන්වීමට ඔන්න මෙන්න කියා තිබියදී 89 වැනි මිනිත්තුවේදී උරුගුවේ ක්‍රීඩක ජේ.එම්.ගිම්නෙස් විසින් කෝනර් පහරකට හිසෙන් එල්ල කල උපකාරක පහරක් නිසා ගෝලයක් වාර්තා කරමින් තරඟයේ ජය ලැබීමට උරුගුවේ කණ්ඩායම සමත්විය.
දෙවනි තරඟය පැවැත්වූයේ මොරොක්කෝ කණ්ඩායම සහ ඉරාන කණ්ඩායම අතරය.ඒ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදීය. එහිදී ඉරාන කණ්ඩායමට මෙන්ම මොරොක්කෝ කණ්ඩායමටද තරඟය පුරාවට පහසු ගෝල අවස්ථා දෙක බැගින් ගිලිහී ගියහ. කණ්ඩායම් දෙකේම දැල් රකින්නන් දෙදෙනා ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබීය. නමුත් තරඟයේ අවසන් අමතර කාලය තුලදී ඉරාන ක්‍රීඩකයෙක් විසින් එල්ල කර පැති පහරකට හිස යොමු කිරීමේදී ඉතා අවාසනාවන්ත ලෙස මොරොක්කෝ ක්‍රීඩක අසීස් බෝහැඩෝස්ගේ අතින් මොරොක්කෝව වෙත ගෝලයක් ප්‍රදානය කෙරිනි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේදී හිට් විකට් අවස්ථාවක් වැනි ඉතා අවාසනාවන්ත සිදුවීමක් වුවද අවසානයේ තරඟයේ ජය ඉරාන කණ්ඩායමට හිමිවිය.
බොහෝ දෙනෙක් ඉතා කැමැත්තෙන් බලාසිටි තරඟයක් වූ ප්‍රබල පාපන්දු කණ්ඩායම් දෙකක්වන පෘතුගාලය සහ ස්පාඥ්ඤය අතර තරඟයද ඊයේ පැවති අතර තරඟයේ 4 වැනි මිනිත්තුවේදීම දැල් සීමාවේ බාධා කිරීමක් හේතුවෙන් දඬුවම් පහරක් පෘතුගාලයට හිමිවෙන අතර සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එය සාර්ථක කරගනිමින් පෘතුගාලයට වැඩි වාසි අත්කර දීමට සමත්විය. ස්පාඥ්ඤ ක්‍රීඩක දියාගෝ කොස්තා විසින් ගෝලයක් රැස්කිරීම සමග ගෝල සමවූ නමුත් පළමු අරධය නිමවීමට මිනිත්තුවකට පෙර නැවතත් රොනාල්ඩෝ විසින් ගෝලයක් වාර්තා කිරීම සමග 2-1ක් ලෙස පෘතුගාලය ඉදිරියෙන් පසුවිය.
එහෙත් දියාගෝ කොස්තා විසින් නැවතත් ගෝලයක් ලබාගැනීම හා ඊට මිනිත්තු 3 කට පසුව ස්පාඤ්ඤ ක්‍රීඩක නචෝ විසින් තවත් ගෝලයක් වාර්තා කිරීම නිසා තරඟයේ අවසන් භාගය වනවිට ස්පාඤ්ඤය ගෝල 3-2ක් ලෙස ඉදිරියෙන් සිටියහ. තරඟයේ 88 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට ලැබුණු නිදහස් පහර අවස්ථාවක් රොනාල්ඩෝ විසින් සුවිශිෂ්ට ආකාරයෙන් දැල තුලට යැවීම නිසා 3-3ක් ලෙස තරඟය අවසන් කිරීමට පෘතුගාලයට හැකිවිය. රොනාල්ඩෝ විසින් ගෝල තුනක් ලබාගනිමින් හැට්‍රික් අවස්ථාවක් සනිටුහන් කරනු ලැබීම විශේෂත්වයකි.
අද තුන්වැනි දිනට (16) තරඟ හතරක් පැවැත්වෙන් අතර ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට, ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සහ අයිස්ලන්ත කණ්ඩායම අතර තරඟය සවස 6.30 ට, පේරු සහ ඩෙන්මාර්ක් අතර තරඟය රාත්‍රී 9.30ට සහ ක්‍රොඒෂියා සහ නයිජීරියා කණ්ඩායම් අතර තරඟය රාත්‍රී 12.30ට පැවැත්වීමට නියමිතය.
උපුටා ගැනීම - www.her.lk

cr vs Spain