රොබෝ_අවන්හල[MUST SEE]

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
චීනයේ HARBIN හි රොබෝ අවන්හල

Robert-Restaurant-008.jpg


චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයට පැමිණිය හොත් ඔබට නවමු අකාරයේ , විශේෂිත පිරිසක් අතින් නිමවූ සුවිශේෂී අහාර වේලක රස භුක්ති විදින්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඔබට තිබෙන්නේ Harbin නුවර ඇති මෙම අපුරු රොබෝ අවන්හලට ගොඩ වීම පමණයි. විවිධ වූ දක්ෂතා වලින් පරිපුර්ණ වූ රොබෝ යහළුවන් 18 දෙනෙක් මෙහි කාර්ය මණ්ඩලයට ඇතුලත් වෙනවා . මෙම අවන්හලට පැමිණෙන අමුත්තන් පිළිගැනීමේ සිට , අහාර පිළියෙළ කිරීම , අහාර පිළිගැන්වීම දක්වා සියලු කටයුතු මේ රොබෝ යාළුවන් විසින් සිදු කරනු ලබනවා. මෙහි ඇති සියලුම රොබෝ යන්ත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ Harbin Haohai කියන සමාගම විසිනුයි. ඔවුන් මෙම අවන්හල නිර්මාණයේදී යෙන් මිලියන 5 ක් ($790,000) වියදම් කරලා තිබෙන බවත් කියවෙනවා. මෙහි ඇති හැම රොබෝ කෙනෙක්ම වගේ යෙන් 200,000 ත් 300,000 ත් ($31,500 – $47,000) අතර මිල වෙන බවයි ඔවුන් පවසන්නේ.මෙහි ඔබ රාත්‍රී කම වේලක් රස විදීම සඳහා ගොඩ වන්නේ නම් ඔබ ඇත $6 ත් $10 ත් අතර මුදලක් වත් අවම වශයෙන් තිබිය යුතු වෙනවා.



Robert-Restaurant-001.jpg




ඉතින් කුමක්ද මේ රොබෝ අවන්හලේ තියෙන විශේෂත්වය? මෙම අවන්හලට පැමිණෙන සියලුම අමුත්නන්ව පිළිගන්න සැරසුණු රොබෝ යහළුවෙක් අවන්හල ඉදිරිපිට සිටිනවා . පාරිභෝගිකයෙක් අවන් හලට ඇතුල්වන විටම මෙම රොබෝ යහළුවා ඔහුගේ අත දිගු කර ඔවුන්ගේ ආවේනික භාෂා විලාශයෙන් “Earth Person, Hello, Welcome to the Robot Restaurant,” ( පොළෝ වැසිය . ඔබව රොබෝ අවන්හලට සාදරයෙන් පිළිගන්නවා.) යැයි පවසනවා. ඉන්පසු ඔබ ඔබේ ආහාර ඇනවුම මිනිස් භෝජනාගාර සේවකයකු ට පැවසු පසු මුළුතැන්ගෙයි සිටින රොබෝ යහළුවෙක් විසින් එම ආහාර ඇනවුම උයා පිළියෙළ කරනු ලබනවා . මෙහි dumpling-making robots, noodle experts වගේම robot chefs ලත් ඉන්නවා. ඔවුන් වෙලාවට අවශ්‍ය ආහාර පිසීම සඳහා සපයනු ලබනවා . ආහාර පිස නිමවූ පසු තවත් රොබෝ යහළුවෙක් වසින් අමුත්තන්ට මෙම ආහාර පිළිගන්වනු ලබනවා. මෙහි සිටින සියලුම රොබෝවරුන් නිමවා ඇත්තේ ඉතා සුවිශේෂී සංවේදක (sensors ) භාවිත කර බැවින්, ඔවුන් කිසිම කෙනෙකුට හෝ දෙයකට හානි නොවන ආකාරයට වැටෙන්නේ හෝ පෙරලෙන්නේ නැතුව ගමන් කිරීමට , විවිධ කටයුතු වල නිරත වීමට හැකියාව ලැබී තිබෙනවා . මෙම අවන්හලට පැමිණෙන සියලුම අමුත්තන් රොබෝ යහළුවන් විසින් පිසූ ආහාර රසවිදිමින් , ගීත ගයන රොබෝ යහළුවන්ට සවන් යොමු කරමින්, රොබෝ යහළුවන්ගේ සත්කාර ලබමින් සතුටින් කාලය ගත කරන බවයි පැවසෙන්නේ.


Robert-Restaurant-002.jpg


පුංචි පිරිමි ළමයෙක් විසින් බීම ගෙන යන , අමුත්තන්ට බීම සපයන රොබෝ යහළුවෙක් හා සම්බන්ධ වූ අවස්ථාවක් මෙහි දැක්වෙනවා.


Robert-Restaurant-003.jpg



Robert-Restaurant-004.jpg



Robert-Restaurant-005.jpg



Robert-Restaurant-006.jpg



Robert-Restaurant-007.jpg



Robert-Restaurant-010.jpg



හොඳය් නම් සලකලා යන්න හොඳේ!
:D:D:D
 

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
දියුණු රටවල් නෙ බන්
ලංකාවෙත් ඔහොම එකක් දාන්න බැරි කමක් නෑ
:yes:

:)

:eek:dakiddinam bayath hithenawa :rofl: +++
hehe...thanks wewa!
thanks wewa!

TFS! :) rep+
:D

thnks lokka

:) rep++ added
thnks :D