දැන් තියන තත්වේ අනුව ගොඩක් මිනිස්සු චන්දේ දන්නේ නෑ කලකිරිල මොකා දින්නත් 50% තියෙන්න ඕනේ. මේ තියන ලයින් එකට එකෙක්ටවත් 50% ගන්න බෑ. මුන් කෙලින පිස්සු වල තරමට පල්ලෙවත්තට චන්දේ වැටෙනවා නිකම්ම , පල්ලෙවත්ත චන්ද ලක්ෂ 5-7 කැඩුවොත් මේ ගේම් එක වෙනස් වෙනවා. පහුගිය සති තුන හොද බැන්ඩ් එක්කින් පල්ලේවත්තගේ කැම්පේන් එක නැගල යනවා. සෙට් එකක් හිටන් ඉන්නවා පල්ලේවත්ත ජනප්‍රය ෆේස් බුක් එකේ කියලා ඕව් ඇත්ත ඒ උන් හිතන් ඉන්නේ ෆේස් බුක් පාවිච්චි කරන්නේ කොලඹ හතේ විතරයි කියලා. ඒ කට්ටිය ගැන අනුකම්පාව තමා . පකිස්ථානේ ඉම් රාන්ඛාන්ට අවුරුදු 15 ගියා රජයක් පිහිටවන්න අපේ වගේ නරා වලක තියනකොට, ලංකාවේ ඊට කලින් එක කරන්න පුලුවන්, පල්ලේවත්ත දිනන නොදිනන එකට වඩා ප්‍රධාන ධාරාවෙන් ජන්ද කඩල පාර්ලිමේන්තුවේ එන හඩ ඉතා වැදගත් ඉස්සරට. මිනිස්සු නොහිතන දේවල් දේශපාලන ලෝකේ වෙනවා . කවුද හිතුවේ අමරණීය මහින්ද ජනේලේක එල්ලෙන්න වැඩ සිද්ධ වෙයි කියලත් , යහපාලනේ කියල ඇවිල්ලා මේ වගේ අවුල් ගොඩක මේ වෙලාවේ රට මේ විදියට තියෙන්නත්. කලබල වෙන්න එපා මේ 225 අපිව ගෙනියන්න ඕනේ තැනට ගිහින් නවත්තල අපේ අතට බැටන් එක දෙනවා. ඒක පාවිච්චි කරන එක අපේ වැඩක්

කවුද වෙන ආය ඉන්නේ 
.
