රෝම ඉලක්කම්
කි‍්‍ර. පූ. 7 වන සියවසේ දී පමණ ගොඩනංවන ලදැයි සැලකෙන රෝම ශිෂ්ටාචාරය ද ගී්රක ශිෂ්ටාචාරය තරම්ම දියුණුව පැවති ශිෂ්ටාචාරයකි. විවිධ දේශපාලන අරගල මැද වුවද රෝමවරු ගණිත ක්‍රම ද දියුණු කළහ. ගණිතයට ගී්රක ජාතිකයින් තරම් රෝමවරුන් දක්ෂ නොවූවත් රෝම රාජ්‍යයේ බලය බොහෝ රටවල් කරා ව්‍යාප්ත වූ නිසා රෝම අංක ක්‍රමය සියවස් ගණනාවක් තිස්සේ යුරෝපයේ බහුලව භාවිතා වන්නට විය. දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ.කි‍්‍ර. ව. 1700 දීත් යුරෝපීය පාසල්වල, බැංකු සහ කාර්යාල තුළ රෝම ඉලක්කම් භාවිතා කරන ලදී. හින්දු ඉලක්කම් යුරෝපය තුළ පිළිගැනීමකට ලක්වන තුරුම රෝම ඉලක්කම් වලට වැදගත් තැනක් ලැබුණි.රෝම ඉලක්කම් ක්‍රමය තුළ සංකේත 7 ක් තිබේ.I V X L C D M1 5 10 50 100 500 1000 වශයෙනි.1 සිට 10 දක්වා සංකේත තුනක් පමණක් යොදා ගන්නා ලදී.I II III IV V VI VII VIII IX X1 2 3 4 5 6 7 8 9 10රෝම රාජ්‍යයේ බිහිවීමත් සමග රෝම අංක ද නිර්මාණය විය. කලින් කලට යම් යම් වෙනස්කම් ද ඇති විය. රෝම ඉලක්කම් නිර්මාණය කිරීමේ දී අතේ ඇඟිලි උපකාරී වී තිබේ. ‘ඩිජිටුස්’ යනු ඇඟිලි යන තේරුම දෙන ලතින් වචනයකි. රෝමවරු අංක හෙවත් ඉලක්කම් යන තේරුමෙන් ‘ඩිජිටුස්’ යන වචනය පාවිච්චි කළහ. ඉංගී්රසි ‘Digit’ යන වචනය ද සැදී තිබෙන්නේ ඒ ඇසුරිනි.ඇඟිලි ආධාරයෙන් රෝම ඉලක්කම් සකස් වූ අයුරු ඉහත දැක්වේ. බොහෝ පැරණි ශිෂ්ටාචාරවල පැරණි ඉලක්කම්වල 1, 2, 3 යන ඉලක්කම් සංකේත සඳහා ඍජු රේඛා භාවිතා කර තිබේ. මුල් කාලයේ දී රෝමවරු 4 සංකේතවත් කරන ලද්දේ IIIIලෙසිනි. 5 ඉලක්කම ක්‍රම දෙකකට නිර්මාණය කරන ලදී. එක් ක්‍රමයක් නම් අතේ ඇඟිලි පහ ආධාරයෙන් ඉහත දැක්වූ ක්‍රමයයි. අනෙක් ක්‍රමය වූයේ 10 ඉලක්කම සඳහා වූ සංකේතයේ (X) භාගයක් එනම් එහි උඩ කොටස (V) පහේ ඉලක්කම සඳහා යොදා ගැනීමයි.දහයේ ඉලක්කම (X) නිර්මාණය කිරීම පිළිබඳව ද සංකල්පයක් තිබේ. ඒ රේඛා දහයක් ඇඳ දහය සීමාකර දැක්වීම සඳහා එම රේඛා හරහට කතිරයක ආකාරයෙන් දෙපසට කපා දැමීමෙන් දහයේ (X) සංකේතය නිර්මාණය වූ බවයි.රෝමවරුන් මුල් කාලයේ දී 9 ලියන ලද්දේVIIII ලෙසිනි. පසුව දහයට එකක් අඩු යන අදහසින්ධ්ඔ ලෙස ඉලක්කම සංකේතවත් කරන ලදී.ලතින් භාෂාවෙන් සීය සඳහා යොදන “කෙන්තුම්” ශබ්දයේ මුල් අකුර වන ‘C’ රෝමවරු 100 සඳහා යෙදූහ. පුරාණයේ දී C සංකේතය ලියන ලද්දේ [ යන ලෙසිනි. පනහේ ඉලක්කම සඳහා දහයේ ඉලක්කම් පහක් XXXXX ලිවීම අපහසුය. එනිසා 1000 භාගය ([) ගෙන ‘L’ යන සංකේතය 50 ඉලක්කම සඳහා යොදන ලදී.දාහේ ඉලක්කම සඳහා ගී්රකවරු Q සංකේතය යෙදූහ.රෝමවරු එය තරමක් වෙනස් කර (I) ලෙසින් දාහේ ඉලක්කම සඳහා භාවිතා කළහ. නමුත් පසුව දහස යන තේරුම දෙන ‘මිලේ’ යන ලතින් වචනයේ මුල් අකුර වූ ‘M’ දහස සංකේතවත් කිරීමට යොදා ගත්හ. අදත් ඒ ලෙස දහස ලියයි.දහස සඳහා යෙදූ පැරණි සංකේතය වූ (1) වලින් භාගයක් එනම් 1 ලකුණ 500 සඳහා යොදා ගත්හ. නමුත් පසුව 500 සඳහා D භාවිතා කරන්නට විය.දාහට වැඩි ඉලක්කම් ලිවීම සඳහා රෝමවරුන් අතර ස්ථිර සහ විධිමත් ක්‍රමයක් නොතිබුණි.10,000 සඳහා ((1)) සංකේතය ද, 1000000 (ලක්ෂය) සඳහා (((1))) සංකේතය ද ලියූ හ. කි‍්‍ර. පූ. 3 වන සියවසට අයත් රෝම ස්මාරකයක විසිතුන් ලක්ෂය දැක්වීම සඳහා ලක්ෂයේ සංකේත වන (((1))) සංකේතය 23 වාරයක් ලියා තිබෙනු දක්නට ලැබේ. තරමක් සංකීර්ණ අංක ක්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ. දුවල පුතාලට මතක ඇති ප්‍රාථමික පංතිවල දී ගණිතය පාඩමේදීත් ‘රෝම ඉලක්කම්’ගැන පාඩමක් ඉගෙනගත් බව.
http://www.danuma.lk/sinhala/index....4-09-42&catid=52:knowledge&Itemid=143&lang=si