රෝසාගේ බහුවරන විවරන... JOKE
උපුටාගැනීමකි.
ආචාර්ය රෝසාගේ බහුවරන විවරන...
.
.
යහපාලනය බහුවරණ විවරණ 2017.
1. රටේ ජනාධිපති ඉස්සර හැඳින්වූවේ?
අප්පච්චී. පිළිතුර පැහැදිලිය. දැන් ඉන්නේ ජනාධිපති තාත්තා උනාට ඉස්සර හිටියේ අප්පච්චී ය. මෙවැනි ප්‍රශ්න වැරදෙන්නේ නම් ලංකාවේ සිටීමවත් නුසුදුසුය.
2. පිළිගත් වෛද්‍ය අධ්‍යාපනයක් ඇත්තේ?
මේ ප්‍රශ්නයට බොහෝ සිසුන් විවිධ උත්තර දී තිබිණි. 20% ක් සයිටම් තෝරා තිබීම පුදුම සහගතය. එවැනි පිළිතුරු දෙන අයගේ මානසික සෞඛ්‍ය සයිටම් යවා ම පරීක්ෂා කරගත යුතුය.
3. මහ බැංකුව කැඩුවේ?
වඩාත්ම කතා බහට ලක්වූ ප්රශ්නය මෙය යයි කීවොත් නිවැරදිය. 99%ක්ම සිසුන් වරදාගත්තේ ද මෙයය. 40%ක් පිළිතුරු දී තිබුණේ මහේන්ද්‍රන් ලෙසය. ඇස් පියාගෙන උවත් පිළිතුර පැහැදිලිය.
4. කොළඹ මැද ඉදිවන කුළුන හඳුන්වනු ලබන්නේ?
ඇතැම් ගුරුවරු මෙය සිලබස් එකේ නැතැයි කීවෝය. ඇත්තටම යහපාලන පොත අරගෙන බැලුවොත් පැහැදිලිව එය සන්නිවේදන කුළුන යයි සටහන් කර ඇත. ගිරව් මෙන් තවම නෙළුම් කුළුණ යයි කියූ අයද සිටිති. කොළඹට ඇත්තේ නෙළුම් ජාති දෙකකි, එකක් නෙළුම් පොකුණය, අනික සුදු නෙළුම් ය. මේ වරද්දා ගත් අය අනාගතය බාරගැනීම කණගාටුවට කරුණකි.
5. ලොතරැයි මණ්ඩලය අයිති වන්නේ?
මේ ප්රශ්නය පටලවාගෙන තිබිණි. ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට අයිති බව සමහරු උත්තර දී තිබිණි. ඇත්තටම වෙනත් රටක එසේ විය හැකි මුත් ලංකාවේ එහෙම වෙන්නේ නැත. පිළිතුර විදේශ කටයුතු අමාත්‍යංශය ය.
අන්තිම ප්‍රශ්න තරමක් අභියෝග්යාත්මක වන බව අපේ දරුවන් මතක තබා ගත යුතුය.
57. දිගම සාරි පොට ඇල්ලීමට සුදුසු වන්නේ?
මෙය විවිධ උත්තර දී තිබුණු ප්රශ්නයකි. 20%ක් පමණ මනමාලයා යයි කියා තිබිණි. අපේ මගුලක නම් මනමාලිගේ රෙද්ද උස්සන්නේ අයිතිකාරයෝ සහ අන්දන අය උනාට මේ මගුල්වල එය පාසල් සිසුන් ලවා කරන බව මතක් වූවේ නම් ඉතිරිය හත වසර තර්කයෙන් හැදිය හැකිය. කිරි කජුය!
58. වැඩිහිටියන්ට පමණයි සිනමාව සුදුසු වන්නේ?
සමහරු මෙය අවුරුදු 18යයි කියා තිබිණි. එහෙත් මේ යහපාලන ආණ්ඩුවේ නීතියය. ඒ අනුව එය අවුරුදු 50ට වැඩි විය යුතුය. වයස බල නොපායි පවුල් පසුබිම පමණක් බලපායි යන්න ද පිලිතුරක් ලෙස බාර ගෙන තිබිණි. 58 වෙනි ප්‍රශ්නයට දැමීමට පහසු වැඩිය
59. රට පාලනය කරන්නේ කවුද?
ඉතා සුළු පිරිසක් පිළිතුරු නිවැරදිව දී තිබිණි. ඒ එහෙම එකෙක් නෑ යන්නය. පත්තරේ කියවූවේ නම් මේ ටොයිස් ප්රශ්නය.
60. ලංකාවට අනාගතයක් තිබේද?
මෙය තරමක් අපහසු ප්රශ්නයකි. හැටවෙනි ප්‍රශ්නයට සුදුසුය. පිළිතුර හයිසෙන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූළධර්මය ඇසුරෙන් කිව හැකිය. රටට හෙටක් ඇතිවිට රට නැත. රටක් ඇති විට හෙටක් නැත. මෙය තේරුම් අරගත් උදවිය තවම රටේ ඉතුරුව සිටීම ගැන අප සතුටු විය යුතුය.
Credits : Sandun M. Dassanayake
උපුටාගැනීම අවසන්.

මං ජීවිතේට රෝසගෙ විවරණයක් කියෝල නෑ 