රෝසිගේ ගෝලයෝ වැඩ අරඹයි.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රෝසිගේ ගෝලයෝ වැඩ අරඹයි.

    මහනුවර උඩවත්ත කැලයට යාබදව ලේවැල්ල ප්‍රෙද්ශයේ කාලාන්තරයක් තිස්සේ වත්වාගෙන යන ලේවැල්ල භාවනා මධ්‍යස්ථානය මැදින් පොදු පාරක් ඉදිකිරීමට එ.ජා.ප . නාගරික මංත්‍රිවරයෙක් වන ලලන්ත පීරිස් නැමැත්තා මහනුවර මහනගර සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    මේ යෝජිත මාර්ගය ඉදිවුවොත් භාවනා මධ්‍යස්ථානයේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම බෞද්ධ ආගමික පසුබිම නැතිව යනු ඇත. ඉහත කී නාගරික මංත්‍රියරයා මෙම යෝජනාව කරන...
    ලද්දේ පසුගිය දිනක රෝසි සේනානායක මංත්‍රිවරිය ගේ ප්‍රකාශය (ලංකාවේ බෞද්ධ පදනම ඉවත්කිරීම) අනුවදැයි බෞද්ධයින් ප්‍රශ්ණ කරති.

    මෙම මංත්‍රිවරයා පසුගිය මැතිවරන සමයේ සහචරයින් කංඩායමක් සමග පැමිණ බලහත්කාරයෙන් වැට කඩා භාවනා මධ්‍යස්ථානය හරහා පාරක් ඉදිකිරිමට ගත් උත්සාය භාවනා යෝගීන් විසින් ව්‍යවර්තකරන ලදී.
    මහනුවර නගරය තුළ පිහිටි ඉතාම වැදගත් ආයතනයක් වන මෙම භාවනා මධ්‍යස්ථානය තුළ දේශීය සහා විදේශීය පිරිස් භාවනා යෝගිව සිටිති. මෙම මංත්‍රිවරයා ගේ බලපෑම් මත යම් යම් පිරිස් කරන කඩාකප්පල් කාරික්‍රියා නිසා විදේශික යෝගී යම් තැතිගැනීමකට ද පත්ව ඇති බැවින් මධ්‍යස්ථානය අත්හැර යන තත්වයක් ඇතිව තිබේ. මේ එ.ජා.ප . ය ලංකාවේ බෞද්ධ පදනම නැතිකිරිමට අනුගමන කරන යම් ව්‍යාපාරයක් දැයි බලවත් සැකයක් මතුව තිබේ.