රෝස පැහැති ජලය ඇති විල - හිලියර් 🌸

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ඕස්ට්‍රේලියාව යනු සුන්දර ස්ථාන වලින් අනූන රටකි.එය ලොව හයවැනියට විශාලම රටද වේ.අද අපි කතා කරන්න යන්නේ එලෙස ඕස්ට්‍රේලියාව තුල පිහිටි විලක් ගැනය.

    186523912_1269827150123025_8842779722001996431_n.jpg

    විලක් යනුවෙන් සදහන් කල විට අප සියලු දෙනාට මතක් වන්නේ නිල් පැහැති ජලය පිරුණු ස්ථානයකි.
    නමුත් ඕස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති හිලියර් නැමැති විලෙහි එසේ නොවේ. එහි ජලය නිල් පැහැති නොවේ.එම ජලය රෝස පැහැතිය.මෙම හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග වන්නට පිහිටි මිඩ්ල් අයිලන්ඩ් නැමති දූපත තුළ ය.


    186482640_1269827516789655_4517162979047495214_n.jpg


    දූපත තුළ සාගරයට ආසන්න වන්නට පිහිටා ඇති මෙම විල මීටර් 600 පමණ දිගින් යුක්ත වන අතර පළල මීටර 250ක් වේ.මෙම විල පළමුවරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු වූ මැතිව් ෆයින්ඩර් විසිනි. මෙම විල අසල සිට බැලූ විට එතරම් අලංකාර නොවුවද ඉහළ සිට බලන විට එය ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක් වේ.


    185927796_1269827820122958_5849076797535594612_n.jpg

    ජලය රෝස පැහැති වීම පිළිබඳව විද්‍යාඥයන් බොහෝ පර්යේෂණ සිදුකළද තවමත් ඒ සඳහා නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. නමුත් එහි ජලය රෝස පැහැ පිළිබඳව බොහෝ දෙනෙකු විශ්වාස කරන මතය නම් එහි ජීවත් වන ඇල්ගී විශේෂයක් නිසා මෙහි ජලය රෝස පැහැ වී ඇති බවයි. 2013 වර්ෂයේ මෙය සම්බන්ධ පරීක්ෂණ සිදුකළ අතර මෙම විලෙහි ජලය තුළ Dunaliella Salina නැමැති ඇල්ගී විශේෂය වාසය කරන බවට සොයාගෙන තිබේ. ඊට අමතරව සිදුකළ තවත් පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ අධික ලවණ සහිත විල් ජලය තුල ඇල්ගි හා බැක්ටීරියා විශේෂ දහයක් පමණ වාසය කරන බවත් එම ජීවීන්ගේ බොහොමයක් දෙනා රතු හෝ රෝස පැහැති ව වන බවයි. ඒ අනුව මෙම ජලයේ පැහැයට හේතුව වී ඇත්තේ මෙහි වෙසෙන ඇල්ගී වල වර්ණයයි.

    184926122_1269827950122945_5077984617604373658_n.jpg

    මෙම විලෙහි ලවණ සාන්ද්‍රනය ඉතාමත් අධික වන අතර මුහුදු ජලය මෙන් 10 ගුණයක ලවණ සාන්ද්‍රනයක් මෙහි පවතී. මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් රෝස පැහැති වීල් වල ජලය මෙන් නොව මෙහි ජලය ඉවතට ගත්තද ජලය රෝස පැහැය එයාකාරයෙන්ම පැවතීමයි. එමෙන්ම මෙහි වාසය කරන Dunaliella Salina ඇල්ගී විශේෂය මිනිසාට හානි කර නොවේ.

    186468862_1269828000122940_8915803231435508523_n.jpg

    අතීතයේ දී මෙම විල ලුණු කර්මාන්තය සඳහා යොදා ගෙන තිබුණද වර්තමානයේදී එය නවතා සංචාරක කර්මාන්ත සඳහා විවෘත කර ඇත.
    - උපුටාගැනිමකි

    184889255_1269828083456265_1631911462388712055_n.jpg


    183555240_1269827203456353_6059656376096135866_n.jpg


    186486310_1269827376789669_7801250436615731483_n.jpg


    187060069_1269827460122994_5576950056881558687_n.jpg