පොටෑසියම් වැඩි පොහොරක් දාපන් මචං, ඇල්බට් සොලුෂන් එකත් ගහපන් එෟ අතරට.. මගේ වයිප් මල් වවනව. පහල තියන ටික එයාගේ ඩොක්යුමන්ට් එකකින් ගත්තේ....
රෝස වගා කිරිමේ දි දැනගතයුතු මූලික කරුණු
රෝස වගා කිරිමේ දී මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුය.එසේ නොදැන වගා කිරීමට යාම මගින් වගාව අසාර්ථක වේ. රෝස ගස්වලට වැළඳෙන රෝග පොහාර යෙදීම ,පස සකස් කිරීම,කප්පාදු කිරීම පිළිවෙලට මනා අවබෝධයකින් යුතුව කළයුතුය.
පස් වර්ග හදුනා ගැනීම
වැලි පස යොදා ගැනීම
වැලි පස රෝස වගාවට යොදාගන්නේ නම් පැන නගින ප්‍රධාන ගැටලුව ජලය එහි රදා නොසිටිමයි.මේ නිසා පස වියලී යයි.ශාකවලට මෙම වර්ගය සුදුසු නැත.විශේෂයෙන්ම රෝස ශාකවලට මෙය නුසුදුසුය.ඊට හේතු වන්නේ රෝස පැළ සිටුවීමෙන් පසු පොහොර යෙදීම කළහොත් දින කිහිපයකින් පොළවට පොහොර ගිලා බසී.ජලය රැදී නොසිටීම නිසා ශාකය මැරී යයි.නැතිනම් වියළී යයි.මේ සදහා සුදුසු පරිදි පස සකස් කිරීම සදහා ගෙවත්තේ තෝරා ගත් බිම් අඩි 1 2/1 ක් පහළට හා අඩි 1ක් ගැඹුරට කපා පස ඉවත්කල යුතුය.ඉන්පසු ඇතුලට තණකොළ පිඩලි ,ඇටකටු පොහොර,කොළ පොහොර,වැලි 2:2:1 අනුපාතයට මිශ්‍ර කොට අගල් 6 සිටින සේ පළමුව මිශ්‍රණය යොදා ඉන් පසු පැළය සිටුවා පසුව වටේට ඉතිරි පස් මිශ්‍රකොට පුරවා දැමීම අවශ්‍යය. පසුව දිනකට දෙවරක් ජලය යෙදිම සුදුසුය.
මැටි ආශ්රිත පසේ රෝස වගා කිරීම
මැටි පසේ ප්‍රධාන ලක්ෂණය ජලය බැස නොයාමයි.ජලය රඳා පැවතීම සදහා පසෙහි වාතාශ්‍රය අඩුය.මේ නිසා වියළි කාල වලදී පස වියළී යන ස්වරූපයක් දකී.මැටි පසේ රෝස වගා කිරීමේ දී මුලින්ම අවශ්‍යය ප්‍රමාණයට පාත්ති සකස්කොට ගැනීමෙන් පසු පස පුළුස්සා ඉන් දින කීපයකට පසු පාත්ති මත හුණු කුඩු ඉසීම අවශ්‍යය වන්නේ පසේ ආම්ලිකතාවය අඩු කිරීමටය. ඉන්පසුව කොළ පොහොර ගොම සමග වැලි 2:2:1 මිශ්‍රණයට එක්කොට ,පැළ සිටුවා වැලි පසෙහි පොළව සකස් කල ආකාරයට සකස්කර ගැනීම වැදගත්ය. *ලොම් ආශ්රිත පසේ රෝස වගා කිරීම
ජලය හොදින් බැස නොයන දැඩි ලොම් පස ඉතාමත් සාරවත් පසකි.රෝස වගාවට එවැනි සාරවත් පසක් ද සුදුසු නොවේ.මේ නිසා රෝස වගාව සදහා ඒ පස සුදුසු ලෙස සකසා ගත යුතුය.මෙහිදී අඩි 02 ක් ගැඹුරට වළක් කපා ගැනීමෙන් පසු අඩි1 1/2 පමණ පළල් කොටසක පස් හොදින් බුරුල් කොට වියළාගත් ගොම කුඩු එකතුකොට ඉතිරි කොටසට කොළ පොහොර හා වැලි සමව මිශ්‍ර කළ යුතුය.ඉන්පසු රෝස පැළය සිටුවා ගන්න.
හුණු පස වගාවට යොදා ගැනීම
හුණු පස රෝස වගාවට සුදුසු නොවේ.ඓහෙත් පස් ඒ තත්වයට පත්කළ හැක.මුලින්ම කපාගත් වැලි පස් ඉවත් කොට ඉන්පසු පොළව යටට තණ පිදලි අලවා පස් මිශ්‍රණය වැලි,ගොම , කොළ පස් 2:2:1 අනුපාතයට මිශ්‍රකොට ඉන්පසු පැළය සිටුවන්න. ජලය අවශ්‍යය ප්‍රමාණයට යෙසිය යුතුය.
ජලයය රඳා පවතින පසේ රෝස වගා කිරිම
කොතරම් හොදට පස සකස් කළත් පොහොර යෙදුව ද ,ජලය නිසි ලෙස බැස නොයන්නේ නම් සාර්ථක රෝස වගාවක් කළ නොහැකිය.එහි දී ජලය බැසයාම සදහා අවශ්‍යය ලෙසට කාණු හොදින් සකසා ගැනීමඅවශ්‍යය.නැතිනම් තණ පිඩලි යොදා සකස් කොට ගත යුතුය.
රෝස පැළ ලබා ගැනීම
රෝස වගාකර ගැනිමට අවශ්‍යය පළමු කාර්යය රෝස පැළ ලබා ගැනීමයි.මේසදහා ක්‍රම කීපයක්වෙයි.
අතු බැදිම (ගුටි ක්‍රමය කපා අතු සිටුවීම බීජ මගින් බෝකර ගැනිම
බද්ධ කිරීම හෝමෝන කිරීම
රෝස පැළ සිටුවීමේ දී සැළකිය යුතු කරුණු
ගෙවත්තේ රෝස වගා කිරීමේ දී සුදුසු පරිදි පාත්ති සකස් කොට පසුව රෝස ගස් සිටුවීමේ දී පරතරය පිළිබද සැළකිළිමත් විය යුතුය.මේ සදහා වර්ගීකරණය අනූවකළයුතුය.
හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක්අතරපරතරයඅඩි03වියයුතුය. කුරු රෝස මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.
වැල් රෝස ඉතා මිටි බැවින් පරතරය අඩි 10 පමණ විය යුතුය.
උසට වැවෙන වැල් රෝස ශාකය බොහෝ විට ඉතා උස බැවින් ගස් දෙකක් අතර පරතරය අඩි 06 පමණ විය යුතුය.
භාජන තුළ රෝස පැළ සිටුවීම
භාජන තුළ රෝස පැළ සිටුවිමේ දී භාජනය හා පස් මිශ්‍රණය වැදගත් වේ.මේ සදහා කුඩා ප්‍රමාණයේ භාජන යොදා ගැනිමට වඩා මඳක් විශාල භාජන යොදා ගැනීම වැදගත්ය. පළමුව අවශ්‍යය පස් මිශ්‍රණය සකසා ගත යුතුය.සිටුවීමෙන් පසු දින 10ක් පමණ යනතෙක් සෙවණ ලැබෙන සේ තැබීම වැදගත්ය.ඒ කාලය තුළ සුළු ප්‍රමාණයක් ජලය ලබා දිය යුතුය.පැළවී ඇති පැළයක් නම් අනෙකුත් පැල සමග එකට නොතිබීම ද වැදගත්ය. අලුත් පැළයක් සිටුවීමේ දී බැක්ටීරියා නාශකයක් සුළුවශයෙන් යෙදීම වැදගත්වේ. *අතුමගින් බෝ කිරීම මේ සදහා වඩාත් සුදුසු වන්නේ පහසුවෙන් වගාකළ හැකි රෝස වර්ගයන්ය.මෙහිදී අතු මගින් බෝ කිරීම ඉතාමත් පහසු ක්‍රමයයි.ඒ සදහා ගසේ මැදින් අඟල් 9 කට කපාගත් කැබැල්ල ජලය සහිත බඳුනක තබා පසුව අඟල් 8 ක පරතරයක් සිටින සේ සිටුවා ගත යුතුය. මෙහිදී කිනිති කැබලිවලට අවශ්‍යය උත්තේජනය ලබාදීම සදහා හෝමෝනයන් යොදා ගැනීම වැදගත්ය. අඩුම වශයෙන් සති 2-1 අතර කාලයකදි මුල් ඇදිම සිදු වේ.පසුව අලුත් ශාකය වෙනත් භාජනයක සිටුවාගත හැකිය.
රෝස බද්ධ කිරීම
රෝස බද්ධ කිරිමේ ක්රමයන් අතරින් ප්‍රධාන වන්නේ යටිකුරු මී බද්ධයයි. මෙය ඉතාමත් සියුම් ලෙසට කළ යුතු ක්‍රියාවකි.මේ සදහා මුලින්ම කැලෑ රෝස අංකුරයක් එහි යටිකුරු ටී කැපුම යොදා ගන්න.මල් පිපුණු රෝස අත්තක අංකුරයක් ලබාගෙන එය තබා ඉහළ සිට පහළට පොලිතීන් වලින් වෙලන්න.ඉන්පසු සෙවණ සහිත ස්ථානයක තබන්න. සති හතරකට පසු පැලුම බුරුල් කොට නැවත වෙලන්න.
රෝස කප්පාදුව
රෝස ගස් කප්පාදුව සදහා හොදම කාලය අප්‍රේල් මාසයයි.කප්පාදු කිරීම සදහා දැඩි කප්පාදු යොදන්නේ නම් .පොළවේ සිට අඟල් 05 ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න. එහිදී අංකුර එන ස්ථාන ඉතිරි කරගන්න.කැපූ කිනිති කුණුවීම වැළැක්වීම සදහා දිලීර නාශකයක් කැපූ ස්ථානවල ආලේප කරන්න.
සරල කප්පාදුව
මෙම ක්‍රමය හයිබ්‍රිට් ටී රෝස වලටත් ,ෆොලොරිබණ්ඩා රෝස වලටත් යෝග්‍යය.මෙහිදී පොළව ආසන්නයේ ඇති කිනිති කැපීම අවශ්‍යය.විශේෂයෙන් මල් පිපී අවසන් වූ පැරණි අතු කැපීම කළ යුතුය.කැපිමේ දී ඉති හැඩයකට කපා දැමීම වැදගත්ය. මේ සියලු කප්පාදු කිරීම් වලදී ආතති කැපුම් සුදුසුය.කප්පාදු කිරීම් වලදී මේ සදහා "සෙකට්‍රියල්" කතුරක් යොදා ගැනීම වඩාත් සුදුසුය.එමෙන්ම මුල් ශාකයේ කිනිති ඇති අංකුරය ආසන්නයේම නව අංකුරය බාලවේ. සමහරවිට නොවැඩී යයි.කප්පාදු කිරීමෙන් සතියකට පසු රෝස ගසේ මුල පස් ඉවත් කොට වියළී ගිය පැරණි මුල් කප්පාදු කොට දිලීර නාශකයක් ඉසීම වැදගත්ය. ඉන්පසු පස බුරුල් කොට පොහොර විශේෂයෙන් යෙදීම අවශ්‍යය.
පොහොර යෙදීම
ගස් කප්පාදු කිරීමෙන් පසු ඇමෝනියම් සල්ෆේට්,සුපර් සල්ෆේට් ,පොටෑෂ් මිශ්‍රණයක් ගසේ මුලට යොදන්න.මේ මිශ්‍රණය මුලින්ම 5:3:1 අනුපාතයටද ,මසකට පසු 4:2:1 අනුපාතයටද පොහොර මිශ්‍රණය යොදන්න.මීට අමතරව මල් ලබා ගැනීම සදහා හෝමෝන සහිත රසායනික පොහොර යෙදීමට අමතරව පොටෑසියම් වැඩිපුර අඩංගු පොහොර යෙදීමෙන්ද මල් හට ගනී.
රෝග හා පළිබෝධ
රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. පත්‍ර කහ පාටවිම ,කළු පුල්ලි ඇතිවීම ,රෝග ලක්ෂණයි.වර්ෂාව සමග රෝග බහුලව පැතිරි යයි. ක්ෂණිකව දිලීර නාශකයක් යෙදීම අවශ්‍යය.මේ සදහා ප්‍රොපීනොබ් ,අඩංගු දලීර නාශකයක් හෝ බීනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය වේ.
පසු මැරීම---- ගසේ කඳ මැරීමේ රෝගය ලෙසට හැදින්විය හැක.මුල සිට ඉහලට කළුපැහැ ගැන්වෙන තෙතමනය අධිකවිම නිසා සිදුවේ.මලෙස කළුපැහැ ගැන්වු අතු කපා ඉවත් කිරීම කළයුතුය.
සුදු පුස් රෝගය---ළපටි පත්‍ර අතු හා පිපීගෙන එන පොහොට්ටුවල කළු පුල්ලි සළකුණු දැකිය හැකිය.පසුව ක්‍රමයෙන් මෙය කහ පැහැයට හැරේ.මෙය රෝස වගාවට බහුලව වැළදෙන රෝගයකි.වාතයේ ජල වාෂ්ප වැඩි කාලයට අධික සුළං ඇති කාලයට මෙය අධික ලෙස පැතිරී යයි.මේ සදහා බිනොමල් අඩංගු රසායනයක් යෙදීමෙන් මර්දනය කලහැකි වේ.
කූඹින්ගෙන් වන හානිය---කූඹින්ගෙන් ද රෝස වගාවට හාන් පැමිණේ. කොළවල යුෂ උරා බොයි.ගස් ඉතා ඉක්මනින් විනාශ වේ.මේ සදහා ගසට උරා ගන්නා පළිබෝධයක් ඉසීම මගින් මර්දනය කල හැකි වේ.
පිටි මකුණා---මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොයි. සුදු පැහැති පවුඩර් විශේෂයක් ලෙස පෙනේ. පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකිය.
කොරපොතු කෘමියා---මේ කෘමියා පරණ අතු මත හා මුල් මත ජීවත් වේ.මේ සදහා සාමාන්‍යය පළිබෝධ නාශකයක් යෙදීමෙන් මර්දනය කල හැකි වේ.
කඳ විදින පණුවා----ළපටි කඳ සිදුරු කොට ජීවත් වේ.මර්දනය සදහා ගස් ගලවා පුළුස්සා දැමිය යුතුය.
මීට අමතරව කුරුමිණියන් ,කුඩා පණු විශේෂ ,දළඹුවන් ,යුෂ උරාබොන කෘමීන්,මයිටයින් මර්දනය සදහා කෘමිනාශක යොදා පාලනය කල හැකිය